(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ මැයි රැලියට සහභාගී නොවී ගාලූ මුවදොර පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (ඒකාබද්ධ විපක්ෂයේ) මැයි රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ඇති පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ ජනාධිපති හෝ වෙනත් තනි පුද්ගලයෙක් නොව මධ්‍යම කාරක සභාව විසින් බව කී සන්ධාන මහලේකම්වරයා මීට පෙර සියලූ මන්ත්‍රීවරුන් පක්ෂයේ මැයි රැලියට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවට දන්වා ලිපි යොමුකළේද මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අනුව බව සඳහන් කළේය.
ඒ නිසා නොපැමිණි අය සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක් වේ දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කීවේය.
සන්ධාන මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
COMMENTS
නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව ඔයාටත් පුලුවන්නම් ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න. නැත්නම් ලබන ඡන්දෙන් ගෙදර තමා...
අපි දන්නවා ගන්න තීරණය මොකක්ද කියලා..?
ඕක ඔයා ගියපරත් කිවුව කතාවක් නේ ? සිදු වුන දෙයක් නැහැනේ ? නිකන් බොරු දොඩවන්නේ නැතුව ,
මුකුත් කරන්නේ නැහැ. බලාගෙන ඉඳියි
සමන් ලබන ඡන්දෙදි පොහොට්ටුවේ කි දෙනෙක් දිනයිද?
පක්ෂයෙන් නෙරපා හරින්න .
එක එක අය හිතාගෙන ඉන්නව අරයා හොඳයි මෙයා හොඳයි කියල නමුත් සත්‍ය නම් මේ රටට ආදරේ කරන නායකයෙක් තවම බිහි වී නෑ.
බයිලා ගහන්නේ නැතුව කරලා පෙන්නන්නකෝ....
ඊට කලින් ජනතාව ඔයාල ගැන තීරණයක් ගත්ත කියල හිතෙන්නෙම නැතිද,
ඔහොම කියා කියා ඉද්දි ඒ අය ඔයාල ගැන තීන්දුවක් ගනීද දන්නේ නැහැ .
ජනතාවට විහිලු සපයන්න එපා.කොන්දක් නැති කණ්ඩායමක් බවත් පෙනෙනවා එසේම සැහෙන කාලයක් දැන් මේ කට්ටිය කටින් බතල හිටවනවා. රටේ අයත් ගෝල්ෆීස් ගිය අයත් එක හොඳට දන්නවා.
ශ්‍රී ල නි ප මලගමත් සමග ඔබතුමාලා රෙදිවතත් නැතුව පාරට වැටෙන එකයි වෙන්නේ.
Athura, පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම දිනනවා.
ඔයාටත් ඩෙංගු හැදිලද? ඔය කතාකරන්නේ උණ විකාරෙන්ද? මාරු විකාරෙන්ද කියල සැකයි.
ආතුර... ආණ්ඩුවේ නායකයන්ට හැංගි මුත්තන් නොකර වෙලාවට චන්දෙ තියන්න කියන්න එතකොට හැම පක්ෂෙම දිනන පරදින ගණන් හොයා ගන්න පුළුවන්
අද 5 වෙනිදා කවදද ඔය කියන තීරණය ගන්නේ? 2018 මැයි මාසෙද? දොඩවා දොඩවා ඉන්න පොහොට්ටුවේ කට්ටිය ඔබතුමා ගැන තීරණයක් ගන්නකන්....
බයිලා ගගහ ඉන්නේ නැතුව පිබිදෙන මල් පොහොට්ටුවට හාද්දක් දීල එය වැලඳගත්තොත් නැවත වරක් ඔබතුමාව අපිට පාර්ලිමේන්තුවේ දැකගත හැකි වෙයි.