(අමල් වික්‍රමරත්න)
ගාල්ල,මඩකලපුව, පාසිකුඩා දක්වා පසුගිය 24 වැනි දා සිට ආරම්භ කළ මගී බස් රථවලට හම්බන්තොට , තණමල්විල සහ බුත්තල ප්‍රදේශ වලදී ගල් පහරවල් එල්ල කිරීම නිසා මගී ජීවිත අනතුරට පත්වී ඇතැයි එහි ගමන් ගන්නා මගීහු පවසති.
මහජන ඉල්ලීම් හමුවේ ගාල්ල සහ මඩකලපුව ඩිපෝ මගින් ආරම්භ කළ මෙම බස් සේවාව මගින් ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට අග්නිදිග විශ්ව විද්‍යාලය,යුද,නාවික,ගුවන් හමුදා සාමාජිකයන් මෙන්ම විවිධ රැකියා වල නියුතු බොහෝ පිරිසකට ගමන් පහසුව සැලසිණි.
ඉකුත් 25 සහ 26 දෙදින ගාල ඩිපෝවේ බස්රථයට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී ගුවන් පාලමක සිට ගලක් පෙරලීමෙන් මගී ජීවිත බේරී ඇත්තේ රියදුරාගේ දක්ෂකමින් බව ගාල්ල ඩිපෝ කළමනාකාර මහතා පැවසීය. සිද්ධියෙන් බස් රථයේ ඉදිරිපස සහ පැති වීදුරුවලට දැඩි හානි සිදුවී තිබිණි.
මෙවැනි පාඩු සහ අවදානම්වල වගකීම තමනට තනිව දැරීමට නොහැකි බවත් මෙම සේවාවලින් මේවන විට ලැබෙන මුදලට වඩා වැඩි අලාභයක් ඩිපෝවලට සිදුව ඇති බව බලධාරීහු පවසති.
පුද්ගලික බස්රථ මගින් එල්ලවන මෙම තර්ජන පිළිබඳව පොලිසිය ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව මෙම බස් රිථවල නිතර ගමන් ගන්නා මගීහු චෝදනා කරති.
මඩකලපුව සිට කොළඹ දක්වා රාත්‍රී සහ දහවල් ගමන් වාර 12 ක ගමන් ගන්නා පුද්ගලික බස් රථ කිසිදු මාර්ග ධාවන බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බවත් එම බස් රථ 6 ක් දහවල් කාලයේත් බස් රථ 6 ක් රාත්‍රී කාලයේදීත් ධාවනය බව මඩකලපුව ඩිපෝවේ බලධාරීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පවුද්ගලික බස් රථ ලංගම යටට ගෙන, ඉදිරියට සියලුම බස් රථලංගම යටතේ ධාවනය කර යුතුයි
කෝ මේ රට හදන හැටි කියවන බස් ගැමුණු? ඔබේ සංගමයේ අයව හදන්න.
සෑම බස් රථයකටම පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් අනුයුක්ත කරන්න... ටික කලකදී සියල්ල සමථයකට පත්වනු ඇත.
ඔය පළාත් වලින් එන හැම කෙනාම ජාති ආලේ ගැන කතාව.... එ්ත් කරන්නේ මේ වගේ දේවල්...
සියලුම පොදු මගී ප්‍රවාහන බස් රථ එකම ආයතනයක් යටතට ගෙන ක්‍රමවත් ධාවන කාලසටහනකට අනුව සේවාවන් පවත්වාගෙන යෑමෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්, අනවශ්‍ය තරඟකාරී හා නොසැළකිලිමත් ධාවනයන්, ඒ නිසා සිදුවන ජීවිත හානි හා අනතුරු වළක්වා ගත හැකියි නේද? අහිමි වන ජීවිත හානි තක්සේරු කිරීම කිසිසේත්ම කළ නොහැකි මුත්, රටට අහිමිවන විදේශ විනිමය, ධන හා සම්පත් සම්භාරය ගැනත් බලධාරීන්ගේ අවධානය මැනවින් යොමු කළහොත් හොඳයි, කාලෝචිතයි නේද ?
ලංගම පාඩු දරාගෙන දුවන්නේ බොහොම අමාරුවෙන්. ඒ මදිවට පුද්ගලික බසුත් ලංගමය යටතට ගත්තොත් රටේ ජනතාවටම තමයි තව බර පැටවෙන්නේ. කළ යුතු දෙය වෙන්නේ මේ බස් සේවයට හමුදා ආරක්ෂාව දී ගල් ගහනා අයට ඔලුවටම වුවත් වෙඩි තබන බවට පියවර ගැනීමයි.
සාමකාමී මහජනතාවගේ ජිවිත වලට හානියක් තර්ජනයක් වෙන ඕනෑම ද්‍රෝහියෙකුට හොදින් බැරිනම් නරකින් හෝ පිළිතුරු දිය යුතුය. මේ පිටුපස සිටින්නේ කුලියට වැඩ කරන අපරාද කරුවන්ය.
බස් ඇමති කඩිනමින් ක්‍රියාත්මක වී වැඩ පෙන්වන්න හෝරාව උදාවී ඇත ...'
අංක 35 මොනරාගල මාතර පුද්ගලික බස් හිමියන් සහ ඒ අයගේ ජරාව කන ගමනාගමන කොමිසම මේවට වග කිවයුතුයි.