දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිවිසුමේ දී කඩුවෙළ සිට ගාල්ලට ආ ලංගම බසයක හැපුණු පාපැදි කරුවකු (70) මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි. එහි වේග සීමාව පැයට කිලෝ මීටර 70ක් බව දක්වා ඇතත් වාහන අධිවේගයෙන් ධාවන වන බව ගැමියෝ චෝදනා කරති. මේ ස්ථානයේ මරණ හතරක් සිදුව ඇති බවත් මාර්ග බාධකයක් ඉල්ලා උද්ඝෝෂණය කළ ද එයට නිසි පිළියම් නොලැබුණු බවත් ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම රටක පාපැදිකරුවන් අධිවේගයේ ගමන් කරන්නේ නැහැ. මේ අපේ රටේ තමයි ඔය ඔක්කොම. නිකම් අසරණ ජීවිත විනාශ වෙනවා. ඔබට නිවන් සුව! (නි)
කාලිංග හරි. මේ පුද්ගලයා අධි වේගී මාර්ගයේ ගිහින් නෑ. එයා ගිහින් තියෙන්නේ පිවිසුම් මාර්ගයේ, එහි ඇති වරදක් නෑ. මිනිස්සු අධි වේගී මාර්ගයට බාධක ඉල්ලන්නේ නෑ නේ.. (දී)
පව් අසරණ මනුස්සයා. කෙසේ වෙතත් මෙය පිවිසුම් මාර්ගයේ නිසා රියදුරන් සැලකිලිමත් විය යුතුයි සහ වේගය පාලනය කර ගත යුතුයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නිසා. (දී)
මෙවාට නිසි පියවර ගන්නේ නැත්තේ මොකද (දී)
උමාට නම් මොලේ කලඳක් නැහැ. මේ මනුස්සයා ගිහිල්ල තියෙන්නේ අධිවේගී මාර්ගයේ නෙවෙයිනේ. මෙවන් අධිවේගී පිවිසුම් මාර්ගවල කොතෙකුත් ගාල්ල වගේ ප්‍රදේශ වල ගැමියන් පාපැදි වලින් ගමන් කරනවා දක්නට හැකියි. ඔවුන්ට අධිවේගී පාරවල්වලට ඇතුළුවීමේ අවශ්‍යතාවක් නැහැ. රියදුරන් අධිවෙගී මාර්ගය අවසන් වීමෙන් පසුවද එම වේගෙන්ම පිවිසුම් මාර්ගවල ගමන් කිරීම අනුමත කරන්න බැහැ. පාලනය කල හැකි වේගෙන් පැමිණුනා නම් මෙම අවාසනාවන්ත සිදුවීම මගහැර ගන්න තිබුනා විය හැකියි. කෙසේ වෙතත් ගම්මුන් මෙම මාර්ගවල යාමේදී සැලකිලිමත් විය යුතුයි. (දී)
උමා හරියට මෙ ප්‍රවෘත්තිය කියවලා වටහා ගන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා නැතුව දුටු පමණින් වුනු දේ නොදැන අදහස් දක්වන්න එපා (දී)
උමගේ කතාවේ එක අතකට ඇත්ත මොකද අධිවේගී මාර්ගයේ එලියට එන වාහනයකට තම වේගය යතාතත්වෙට එන්න මෙම මාර්ගය අවශ්‍ය වේ .නමුත් මෙම පිවිසුමට ඇති පිවිසුම් මාර්ගය ගමේ මිනිස්සු පාවිචි කරන්නේ තමාගේ පෞද්ගලික දේපලක් විදියට මා හටද එවැනි අපහසුතාවයකට මුහුණ දිමට සිදුවී ඇත. (අ)
අධිවේගී මාර්ග යනු වේගයෙන් ධාවන කිරීමට ඇති මාර්ගයක් බැවින් වරද බස් රියදුරුට පැවරිය නොහැකියි නේද? පාපැදිකරුවන්ට අධිවේගී මාර්ගයට ඇතුළත්වීමට අවසර නැතත් මොහු එයට ඇතුළුවීමෙන් අවසානයේ ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත. (නි)
උමාගේ මොලේ තමයි මොලේ (නදී)
සමාවෙන්න මට පොඩ්ඩක් පැටලුනා නම්. මේක අධිවේගී පිවිසුමේ කියල තේරුනේ පසුවයි. (ස)
රුපවති අක්කේ,අපේ කට්ටියක් නම්, එංගලන්තයේ අධිවේගයේ බයිසිකල් පැදලා පොලිසියට අහුවුනා මතකද ?(දී)
අධිවේගී මාර්ගයේ එලියට එන වාහනයකට වෝම් අප් ඒරියා එකක් ලෙසට මෙම මාර්ග පිවිසුමේ සිට ප්‍රදාන මාර්ගයට එක කොටස බාවිතා කරයි. එහිදී අනිකුත් පාපැදිකරුවන් සහ මගීන් ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමකි. (නදී)
ඔය පිවිසුමට තිබෙන පාර වහලා දාන්න ඕනෑ. එතකොටවත් බයිසිකල් වදෙන් බේරෙන්න පුළුවන් (නි)
මේ වයස කාලේ ගෙදරට වෙලා හිටියා නම් ඉවරනේ! (නි)
අනේ කනගාටුයි ඔබට නිවන් සුව (දී)
අවුරුදු 70 වක පුද්ගලයෙක් අධි වේගී මාර්ගය ආසන්නයේ මොකට බයිසිකල් පදින්න ගියාද ? ඔය මනුස්සයට දරු මල්ලෝ නැතිද ? නැතිනම් වේග සීමාව හරියට අනුගමනය කරනවද බලන්න ගියාද ? මැරෙන්න වෙලාව ආපුවම අනිත් මිනිස්සුත් අමාරුවේ දාගෙනම මැරෙනවා . (දී)
පවු.... අහිංසක මනුස්සයෙක් බවයි පෙනෙන්නේ .. (දී)
මිනිස්සුන්ගේ මරණයකට ගරහන්න හදන්න එපා අප්පුහාමි, දන්නේ නැත්නම් මොකුත් නොකිය ඉන්න, මේ මරණය සිදුව තිබෙන්නේ අධිවේගී මාර්ගයෙන් පසුවයි, මිනිස්සු අධිවේගී මාර්ගය අවසාන උනාමත් ඒ වේගයෙන්ම යන්න හදනවා සාමාන්‍ය මාර්ග වලත්, එකයි මෙතන වෙලා තියෙන්නේ, මෙතනදීම මරණ 4ක් මේ විදියට උන කියන්නේ ඔය පැත්තේම ගෙවල්වල අසල වාසීන්නේ, එකයි ඒ මින්ස්සු ඉල්ලන්නේ ආරක්ෂක වැඩ පිළිවෙලත්, ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන, (දී)
උමා ඔයා කතාව කියවලද කොමෙන්ට් කලේ???? ඔය කියන මනුස්සයා ගියේ අධිවේගී මාර්ගයේ නෙමෙයි නේ. එයා ගිහින් තියෙන්නේ පිවිසුම් මාර්ගයේ. ඒකේ යන්න කටවත් අවසර ගන්න ඔනි නැහැ. උමාගේ මොලේ හොදයි ඇලේ දාන්න (දී)