IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාලු පාරේ තැලී පොඩිවී ගිය මළ සිරුරක්

මොරටුව ගාලු පාරේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහනවලට යටවී තැලී පොඩිවී ගිය මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. වාහන කිහිපයක් සිරුරට උඩින් ධාවනය වී ඇති බවට ලක්ෂණ පෙනේ යැයි ද මෙය ඝාතනයක් ද යන්න සෙවීමට පරික්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි. මියගිය පුද්ලයා අසළ තිබූ ඇඳුම් බෑගයේ පිහියක් ද හමුවී ඇත.



අදහස් (0)

ගාලු පාරේ තැලී පොඩිවී ගිය මළ සිරුරක්

සුරංග Monday, 29 June 2015 07:01 AM

මහින්ද ඉන්න කළෙත් මිනිස්සු මරුන ,සුදු වැන් අමතක නැහැ. (අ)

:       0       0

ඒ.ජ. තිලකරත්න බණ්ඩාර Monday, 29 June 2015 07:03 AM

සුරංග ඔබේ ප්‍රකාශය ඉතාමත්ම නිරවද්‍යයි සත්‍ය වශයෙන්ම අද අපේ ජාතියට සිදුවී තිබෙන්නේ ඒ දෙය තමයි. මටත් හිතාගන්ට බැරි ක්‍රමක් ක්‍රමයෙන් අපේ ජාතිය මේ තරම් එන්ට එන්ටම බුද්ධියෙන් පිරිහෙන්ටත් බුධිමට්ටමේ අවුල්සහාගත් තත්වයක් ඇතිවෙන්ටත් පටන්ගන තියෙන්නේ මොකද කියල. ජාතිය පිරිහෙන්ට මේක ප්‍රධාන බලපෑමක් වෙලාතියනව. රටත් පිරිහෙනවා, අපිත් පිරිහෙනවා. මේගැන හොයාබලල පරීක්ෂණ පවත්වල මෙම වරද නිවැරදි කරන්ට පවතින කුමන හෝ රජයක් යම්කිසි පියවරක් ගන්නවානම් හොද යයි මට හිතෙනවා. (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 02:48 AM

ඉස්සර නම් පාරේ ඔහොම දකින්නේ බල්ලෝ බළල්ලු එත් දැන් කාලේ ?(අ)

:       0       0

සිරා Monday, 29 June 2015 03:07 AM

යු.එන්.පී ආණ්ඩුවක් ආවනම් හරි, ඔය වගේ දේවල් සුලභ දසුනක් වේවි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 29 June 2015 03:19 AM

ආණ්ඩු වෙනස් වෙයි. නමුත් මිනිසුන්ගේ ගති ගුණ සහ ආකල්පයන් වෙනස් වෙන්නේ බොහෝ සෙමිනි (නදී)

:       0       0

දර්ශන Monday, 29 June 2015 03:33 AM

මේකටත් දේශපාලනය ගාවන්න එපා.රියදුරන්ගේ විනයක්,හික්මීමක් නැතිකමයි නිසයි මෙහෙම දේවල් වෙන්නේ .(ම)

:       0       0

රුවන් Monday, 29 June 2015 09:52 AM

බටලන්ද මතක් වෙනවා (බ)

:       0       0

අනිල් Monday, 29 June 2015 03:57 AM

ඔහොම දෙයක් මහින්දගේ කාලේ උනා නම් මානව හිමිකම් කාරයෝ මෙලහට පාරේ (නදී)

:       0       0

සුරංග Monday, 29 June 2015 04:02 AM

අනේ මන්ද! එන්න එන්නම අපේ මිනිස්සුන්ගේ මොංගල් ගතිය වැඩි වෙන්නේ ඇයි කියල. හුළඟට පොල් ගෙඩියක් වැටුනත් දේශපාලනය ගාවගන්න හදනවා. අනේ ඇත්තටම ජානවල වැරැද්දක්ද? අපි විනය, හික්මීම වගේම ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. (බ)

:       0       0

ලක්මාල් Monday, 29 June 2015 04:10 AM

රියදුරන්ටම වරද පටවන්ඩ එපා, ගොඩක් අය පාරෙ යන්නෙ ගෙදර වගේ (නදී)

:       0       0

චාන්දි Monday, 29 June 2015 04:15 AM

මේ හැමදේටම දේශපාලතයෝ වග කිව යුතුයි. දේශපාලකයින්ගේ වගකීම තමයි එයාල රටේ ප්‍රතිපත්ති සකසන එක. මිනිස්සුන්ට වැරදි මගේ නොයන ලෙස සමාජය පෙළ ගැස්සවීම. නමුත් අවාසනාවකට අපේ රටේ වෙන්නේ ඒක නෙවෙයි. එයාල බලයට ඇවිත් කරන්නේ එයාලගේ සාක්කු තර කර ගැනීම. මෙතැනදී අපිට කියන්න වෙන්නෙත් රටේ ප්‍රතිපත්තියක් නැහැ වාහන රියදුරන්ට රියදුරු බලපත්‍රය දෙන විදිය ගැන. මගේ අත්දැකීමට අනුව, දැනට රියදුරු බලපත්තරයක් ගන්න ගියොත්, එතන පගාව දෙනවා නම් හැමදේම කරලා දෙනවා. ඒකේ ප්‍රතිපලයක් නිසා තමයි කිසිම පිළිවෙලක් නැතුව රියදුරූ කියල බිහි වන්නේ. මේක තමයි රටේ අනතුරු වැඩි වෙන්න මුලිකම හේතුව.(නදී)

:       0       0

යසිරු Tuesday, 30 June 2015 06:06 PM

මගේ නම් ඇඟත් හිරිවැටුනා (නි)

:       0       0

වික්‍රම Monday, 29 June 2015 10:33 AM

අනේ අපොයි.(හේ)

:       0       0

සමන් Monday, 29 June 2015 04:49 AM

බල්ලෝ බළල්ලු කියන්නෙත් ජිවිත ශාන්ත (නදී)

:       0       0

ප්‍රගීත් Monday, 29 June 2015 10:54 AM

ඉස්සර නම් මැරුණා ම නම් රෝහල් ගත කරනවා නමුත් දැන් එතනම ඉවරයි.... මොකද දැන් හොඳට පාරවල් හදලා තියෙනවා නේ (ම)

:       0       0

නිලන්ත ගමගේ Monday, 29 June 2015 05:08 AM

මේවාට වගකිවයුත්තේ පාලනතන්ත්‍රය ඇතිකළ ඡන්ද දායකයන්. මේ පාරවත් හොඳ උගත් අය පත්කරගමු (බ)

:       0       0

ශ්‍රි Monday, 29 June 2015 05:11 AM

දේශපාලකයෝ කියන්න සමාජයේ උප කුලකයක්. සමාජයේ තරමට තමයි දේශපාලකයොත් හැඩ ගැසෙන්නේ |! (ම)

:       0       0

චමල් Monday, 29 June 2015 05:24 AM

මල මිනියක් උඩින් වාහන කීපයක් යනකම් ඒ වාහනවල රියදුරෝ නිදාගෙනද පදින්නේ (නදී)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 05:32 AM

සමන් , මම කිව්වේ ඇත්ත තත්වය, ඔය දැකල නැද්ද ලෙල්ලටම අහුවෙලා ගිය බල්ලෝ , බළල්ලු . නමුත් මනුස්සයෙක් එහෙම දකින්න පුලුවන්ද ? ජීවිත හැම එකක්ම එකම මිම්ම්මෙන් මනින්න එපා. මිනිස්සු කියන්නේ මනස උසස් කියන එක. (නදී)

:       0       0

සංජීව Monday, 29 June 2015 05:46 AM

මීට අවුරුදු 30 විතර උඩදී අපේ පාරේ කාණුවක බල්ලෙක් වැටිලා හිටියා. මිනිස්සු ඌ දිහා බල බලා අනේ අපොයි පව් අහිංසක සතා කියා කියා දුක් වුණා. ඌ ගැන කතා කරා. දැන් මිනිහෙක් පාරේ චප්ප වෙලා හිටියම එකත් දේශපාලනය කියා කියා අමුතු වින්දනයක් ලබන්න තරම් මිනිස්සු පහත් වෙලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site