මොරටුව ගාලු පාරේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහනවලට යටවී තැලී පොඩිවී ගිය මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. වාහන කිහිපයක් සිරුරට උඩින් ධාවනය වී ඇති බවට ලක්ෂණ පෙනේ යැයි ද මෙය ඝාතනයක් ද යන්න සෙවීමට පරික්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි. මියගිය පුද්ලයා අසළ තිබූ ඇඳුම් බෑගයේ පිහියක් ද හමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ඉන්න කළෙත් මිනිස්සු මරුන ,සුදු වැන් අමතක නැහැ. (අ)
සුරංග ඔබේ ප්‍රකාශය ඉතාමත්ම නිරවද්‍යයි සත්‍ය වශයෙන්ම අද අපේ ජාතියට සිදුවී තිබෙන්නේ ඒ දෙය තමයි. මටත් හිතාගන්ට බැරි ක්‍රමක් ක්‍රමයෙන් අපේ ජාතිය මේ තරම් එන්ට එන්ටම බුද්ධියෙන් පිරිහෙන්ටත් බුධිමට්ටමේ අවුල්සහාගත් තත්වයක් ඇතිවෙන්ටත් පටන්ගන තියෙන්නේ මොකද කියල. ජාතිය පිරිහෙන්ට මේක ප්‍රධාන බලපෑමක් වෙලාතියනව. රටත් පිරිහෙනවා, අපිත් පිරිහෙනවා. මේගැන හොයාබලල පරීක්ෂණ පවත්වල මෙම වරද නිවැරදි කරන්ට පවතින කුමන හෝ රජයක් යම්කිසි පියවරක් ගන්නවානම් හොද යයි මට හිතෙනවා. (බ)
ඉස්සර නම් පාරේ ඔහොම දකින්නේ බල්ලෝ බළල්ලු එත් දැන් කාලේ ?(අ)
යු.එන්.පී ආණ්ඩුවක් ආවනම් හරි, ඔය වගේ දේවල් සුලභ දසුනක් වේවි. (නදී)
ආණ්ඩු වෙනස් වෙයි. නමුත් මිනිසුන්ගේ ගති ගුණ සහ ආකල්පයන් වෙනස් වෙන්නේ බොහෝ සෙමිනි (නදී)
මේකටත් දේශපාලනය ගාවන්න එපා.රියදුරන්ගේ විනයක්,හික්මීමක් නැතිකමයි නිසයි මෙහෙම දේවල් වෙන්නේ .(ම)
බටලන්ද මතක් වෙනවා (බ)
ඔහොම දෙයක් මහින්දගේ කාලේ උනා නම් මානව හිමිකම් කාරයෝ මෙලහට පාරේ (නදී)
අනේ මන්ද! එන්න එන්නම අපේ මිනිස්සුන්ගේ මොංගල් ගතිය වැඩි වෙන්නේ ඇයි කියල. හුළඟට පොල් ගෙඩියක් වැටුනත් දේශපාලනය ගාවගන්න හදනවා. අනේ ඇත්තටම ජානවල වැරැද්දක්ද? අපි විනය, හික්මීම වගේම ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. (බ)
රියදුරන්ටම වරද පටවන්ඩ එපා, ගොඩක් අය පාරෙ යන්නෙ ගෙදර වගේ (නදී)
මේ හැමදේටම දේශපාලතයෝ වග කිව යුතුයි. දේශපාලකයින්ගේ වගකීම තමයි එයාල රටේ ප්‍රතිපත්ති සකසන එක. මිනිස්සුන්ට වැරදි මගේ නොයන ලෙස සමාජය පෙළ ගැස්සවීම. නමුත් අවාසනාවකට අපේ රටේ වෙන්නේ ඒක නෙවෙයි. එයාල බලයට ඇවිත් කරන්නේ එයාලගේ සාක්කු තර කර ගැනීම. මෙතැනදී අපිට කියන්න වෙන්නෙත් රටේ ප්‍රතිපත්තියක් නැහැ වාහන රියදුරන්ට රියදුරු බලපත්‍රය දෙන විදිය ගැන. මගේ අත්දැකීමට අනුව, දැනට රියදුරු බලපත්තරයක් ගන්න ගියොත්, එතන පගාව දෙනවා නම් හැමදේම කරලා දෙනවා. ඒකේ ප්‍රතිපලයක් නිසා තමයි කිසිම පිළිවෙලක් නැතුව රියදුරූ කියල බිහි වන්නේ. මේක තමයි රටේ අනතුරු වැඩි වෙන්න මුලිකම හේතුව.(නදී)
මගේ නම් ඇඟත් හිරිවැටුනා (නි)
අනේ අපොයි.(හේ)
බල්ලෝ බළල්ලු කියන්නෙත් ජිවිත ශාන්ත (නදී)
ඉස්සර නම් මැරුණා ම නම් රෝහල් ගත කරනවා නමුත් දැන් එතනම ඉවරයි.... මොකද දැන් හොඳට පාරවල් හදලා තියෙනවා නේ (ම)
මේවාට වගකිවයුත්තේ පාලනතන්ත්‍රය ඇතිකළ ඡන්ද දායකයන්. මේ පාරවත් හොඳ උගත් අය පත්කරගමු (බ)
දේශපාලකයෝ කියන්න සමාජයේ උප කුලකයක්. සමාජයේ තරමට තමයි දේශපාලකයොත් හැඩ ගැසෙන්නේ |! (ම)
මල මිනියක් උඩින් වාහන කීපයක් යනකම් ඒ වාහනවල රියදුරෝ නිදාගෙනද පදින්නේ (නදී)
සමන් , මම කිව්වේ ඇත්ත තත්වය, ඔය දැකල නැද්ද ලෙල්ලටම අහුවෙලා ගිය බල්ලෝ , බළල්ලු . නමුත් මනුස්සයෙක් එහෙම දකින්න පුලුවන්ද ? ජීවිත හැම එකක්ම එකම මිම්ම්මෙන් මනින්න එපා. මිනිස්සු කියන්නේ මනස උසස් කියන එක. (නදී)
මීට අවුරුදු 30 විතර උඩදී අපේ පාරේ කාණුවක බල්ලෙක් වැටිලා හිටියා. මිනිස්සු ඌ දිහා බල බලා අනේ අපොයි පව් අහිංසක සතා කියා කියා දුක් වුණා. ඌ ගැන කතා කරා. දැන් මිනිහෙක් පාරේ චප්ප වෙලා හිටියම එකත් දේශපාලනය කියා කියා අමුතු වින්දනයක් ලබන්න තරම් මිනිස්සු පහත් වෙලා (ම)