ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සමරු උළෙලේ පෙරහුරු සඳහා හෙට (පෙබරවාරි 3) වැනිදා උදේ 9 සිට 12 දක්වා ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර හා චෛත්‍ය පාර වසා තැබෙන බව රථවාහන පොලිසිය කියයි. 
නිදහස් උත්සවය සඳහා පැවැත්වෙන පෙරහුරු හේතුවෙන් අද පෙරවරුවේදී කොළඹ නගරයේ අධික රථවාහන තදබදයක් හටගෙන තිබිණ. කොටුව, පිටකොටුව, පුරහල, ධර්මපාල මාවත, නෙළුම් පොකුණ, ඉබ්බන්වල හන්දිය, 138 හා 120 බස් මාර්ගය ආදී මාර්ග රැසක ගමනාගමනය සිදුවූයේ ඉතා සෙමිනි