ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ දී ප්‍රකාශකළ තැපැල් ඡන්ද මුද්‍රා තැබීමේ දී ඇලවිය යුතු ස්ටිකරයට ගම් නොයෙදූ බවත් ඒ හේතුවෙන් බලවත් සැකයක් ඇතිවූ බවත් ඡන්දය ප්‍රකාශකළ අය කියති. මේ සම්බන්ධයෙන් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළ විට ඇලවූ ස්ටිකරය ගලවා යළි ගම් ගා ඒවා අලවා ඇතැයි ද ඔවුහු කියති. මුද්‍රා නිසි පරිදි නොඇලවීමත් යලි ඒවා ගලවා ඇලවීමත් හේතුවෙන් තමන්ගේ ඡන්දය පිළිබඳ ගැටළුවක් අැතැයි ගුරුවරු කියති.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ස්ටිකරය ඇලවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ ගැන සොයා බැලීමට තම නිලධාරීන් යැවූ බවයි. ඔවුන් ඒ අනුව ස්ටිකරය නිසි ලෙස ඇලවීමට උපදෙස් දී ඇතැයි ද ඡන්ද සම්බන්ධයෙන් කිසිදු දූෂණයක් හෝ වංචාවක් සිදු නොවූ බව ද ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණිෂ්ක මහත්තයා ඡන්ද නිලධාරියෙක් හැටියට වැඩ කරලා තියෙන්නේ දැනට අවුරුදු 50 කට කලින් වෙන්න ඇති. ඔය කතා අපිට නොකියා ඉන්නවද.මගේ තාත්තාත් රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් හැටියට බොහෝ මැතිවරණ ක්‍රියාවලියන්ට අංශ බාර ප්‍රධාන නිලධාරියෙක් හැටියට සහභාගි වූ අයෙක්.ඔහු අපිට කියලා තියෙනවා ඔහුට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන.ඒවා ඇත්තටම මෙතන ලියන්න බැහැ (නි)
ගාල්ලේ නම් ඡන්ද ගැන අපිට කතාකරන්න දෙයක් නැහැ (නි)
ස්ටිකර් වල කවුද ගම් ගන්නේ? ඒවාට ගම් ගාලානේ එවලා ඇත්තේ. මේවා නිසා මිනිසුන්ට ඡන්දය ගැන සැක හිතෙනවා. හරියට උපදෙස් කියවන්නේ නැති නිළධාරීන් නිසා හැමෝටම දොස් අහන්න වෙනවා. (නි)
මීට වඩා මේ ගැන හොයන්න වෙනවා. නිලධාරීන් මොකද කරන්නේ ? (නදී)
කෝ අර මැකෝ කියන කෙනා (නදී)
මගේ නම් අදහස ඡන්දය පවත්වන හැම තැනකම කැමරා සවි කරන්න කියායි. ගණන් කරන තැන විශේෂයෙන්ම (නි)
බල තණ්හාවෙන් දඟලන මේ අයට මොනවා නම් කරන්න බැරිද? (නදී)
මැකෝ,පෙන්‍ෂන් නැතිව විශ්‍රාම යන්න බය ඇති (නදී)
වගකිවයුත්තන් මොකද කරන්නේ? (නි)
මැකෝතුමනි ඔබතුමා කොහේද? (නි)
මැකෝ මෙය ගැන සොයා බලන්න (නදී)
මැකෝ තුමනි, කරුණාකර සාදාරනව කරුණු සොයන්න. ස්වාදීන කණ්ඩායමක් පත් කරන්න තියන්න එපා. (නදී)
මොනවද මේ කරගන්නේ (නදී)
මේක නම් එතරම් හොඳ පුවතක් නොවේ. (නදී)
එහෙනම් ඔය නිලධාරීන් මොන්ටිසෝරි ගිහින් නැහැ. ඇයි අප්පා මොන්ටිසෝරියෙදි කොච්චර නම් අලවන වැඩ දෙනවද ? (නදී)
අන්තිමට වෙන්නේ මේක . මෙහෙම ඡන්දෙ තියල වැඩක් නැහැ. මේ පාරත් දිනා ගන්න. (නදී)
ඔහොම නොවුනා නම් තමයි පුදුම වෙන්න ඕනා. අපරාදේ කෝටී ගණන් වියදම් කරලා ඡන්ද තියන්නේ නැතුව බලෙන්ම ගත්තනම් ඉවරයිනේ. මේ පාරත් දිනුම් තමයි. (නදී)
අදම ඡන්ද ටික ගැනලා බලමුකෝ (නදී)
ස්ටිකර් වලට ගම් ගාලා අලවනවා කියලා මම නම් අහලා නැහැ. (නි)
අධ්‍යාපනයද අහන්න දෙයක් නෑ. (ස)
මොනවද මේ බොරු කතා. හොරට ඡන්ද දාන්න බෑ. කි දෙනෙක් නිලදාරීන් ඉන්නවද මේවා කරන්න. අනික ඔවුන් එන්නේ නොයෙක් පළාත්වලින් ඔවුන් මොන පක්ෂේද කියල කවුරුවත් දන්නේ නෑ. රහසිගතව ඡන්ද ගණන් කරන්න බෑ හොර කරන්න බෑ කි දෙනෙක් මේ ක්‍රියාවලිය බලාගෙන ඉනන්වද. මම ඡන්ද ගණන් කරපු නිලදාරියෙක් හැටියටයි මේ කියන්නේ (නදී)
මුණසිංහ ඹබ හරි. (නදී)
මුණසිංහ ගාල්ල පැත්තේ එහෙම තමයි (නදී)
මෝඩ කතා. ස්ටිකර් වලට ගම ගන්නේ කොහෙද? ඔය වගේ මෝඩ ඡන්ද දුෂණ චෝදනා තමයි කරන්නේ. (නදී)