දක්ෂිණ අධිවේගී මාර්ගයට සැඟවී සිට ගල් ගසන පුද්ගලයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය අද (28) සිට යොදවන බව අධිවේගී මාර්ගයේ ඉංජිනේරු තුෂාර ධර්මසිරි මහතා කියයි.
විශේෂ කාර්ය බළකා ජංගම සේවයට අමතරව හඳුනාගත් පෙදෙස්ද ඇතුළුව ජංගම මුර සංචාරයේ යෙදෙන බවත් එවැනි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් ගැන තොරතුරු දෙන අයට තෑගී දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
මෙම ක්‍රියාවේ ආදීනව දැක්වෙන අත්පත්‍රිකා බෙදීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය සැරසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු කවදාවත් හදන්න බැහැ. මේ රට දියුණු කරන්නත් ලේසි නැහැ (නි)
අධිවේගී මාර්ගයෙන් තමන්ට අසාධාරණයක් වෙලා තියේනම් ගල් ගගහා ඉඳල වෙඩක් නැහැ , එකට පොල් ගහන්න ඕනේ ලොකු කට්ටිය වගේ. (බ)
මේක නම් කවුරුහරි කුහකකමටම කරන වැඩක් (නි)