(අජිත්ලාල් ශාන්තඋදය)
රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න ඇමැතිවරයා පැවසුවේ වැඩ කරන ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් දවසේ වෙහෙස මහන්සි වී ඇඟපත පහන්සියට ගල් අරක්කු ටිකක් පානය කරන බවයි. නමුත් අද වන විට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1500ක් දක්වා ඉහළ මිලක් පැවතීම නිසා වෙහෙසෙන ජනතාව කසිප්පු වැනි නීති විරෝධී මත්වතුර පානය කිරීමට පෙළඹී ඇති බව ද ඇමතිවරයා පැවසීය.
වර්තමානයේ වතු ආශ්‍රිතව පිරිමින් පමණක් නොව කාන්තාවන් ද හැන්දෑවට කසිප්පු පානය කිරීමට දැඩි ලෙස පෙළඹී ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය. ඒ නිසා මේ කසිප්පු ජාවාරම කොතරම් වැටලීම් කළත් නැවත නැවත ඉස්මතු වන්නේ මිල අධික කම නිසා ජනතාවට සීල් අරක්කු බොන්න නොහැකිවීමෙන් යැයි ද කීවේය. වැඩි දෙනෙක් භාවිතයට ගන්නා ගල් අරක්කු බෝතලයක මිල ඒ නිසා පහත දමන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද කීවේය. රජයේ අදායම අඩුවීමට පිළියමක් ලෙස අරක්කු මිල ඉහළ දැමුවද එය කසිප්පු වැඩිවීමට හේතුවක් වූ බව ද කීවේය.
ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.
COMMENTS
හොඳ අදහසක්... සමාජයේ ගොඩක් අය බොන්නේ ගල් අරක්කු තමයි. බොන කෙනා කීය දීලා හරි බොනවා. ගල් අරක්කු බොන අයගෙන් බහුතරයක් මුදල් අතින් අමාරු අය. ඉතිං අඩු කරොත් පවුලේ අනිත් අයගේ තත්වය හොඳ වෙයි. අරක්කු බීම සෞඛ්‍යයට අහිතකරයි තමයි. ඒත් ඉතිං අපිත් ඉදලා හිටලා ඉතිං...... හැබැයි ගල් නම් බොන්න ආමාරුයි. කාන්තාවන් නම් විවේචනය කරනවා. නමුත් තිත්ත ඇත්ත මේක තමයි.
හික් හික්.... ගල් අරක්කු විතරද? පොල් අරක්කු නෙවෙයිද? සමන් දෙවියන්ටම කියමු මේ කට්ටියව රකින්න කියලා...
මෙන්න නියම ඇමතිලා... දුප්පතාගේ දුකකට පිහිට වෙනවා. ගල් අරක්කු බීපුහම ගෙදර හැමෝගෙම බඩවල් පිරෙනවා කිසිම දෙයක් වෙන ඕනේ නැහැ. මෙයාලට ඡන්දය දීල පාර්ලිමේෙන්තුවට යවපු ජනතව ඊළඟ මැතිවරණයේදීත් ගල් අරක්කු ලාබෙට ඕනේ නම් මෙයාව පත්කරලා එවන්න හොඳේ. මෙයාල අරක්කු මුදලාලිලාද, එහෙම නැත්නම් දේශපාලකයොද කියන එක හොයල බලන්න ඕනේ...
සෙනෙවිරත්නගේ බ්‍රෑන්ඩ් එක ගල් අරක්කු වෙන්න ඇති. ඕක අඩු කරන්නම එපා තවත් වැඩි කරන්න...
මෙයා ගහන්නේ ගල් වගේ...
දුප්පත් මිනිහට වාසියක් දෙන්න හොඳේ
ඉතාම හොඳ තීරණයක්, ගල් බෝතලයේ මිලෙන් 3/2 තියෙන්නේ බදු, අරක්කු මිල ඉහල යාමෙන් වැඩි පිරිසක් කසිප්පු සහ බාල මත්පැන් වලට, යොමු වීම මේ තුලින් වලක්වා ගත හැකිය
අැමතිතුමනි.. ඹබතුමාගේ යෝජනාව ඉතාමත් නිවැරදි එකක්. කම්කරුවෙකුටත් අවස්ථාව තිබිය යුතුයි, තමන්ගේ යාලුවක්, හිතවතෙක් එක්ක අහිංසක විනෝදයක් ලබන්න. මම ඔබතුමාට ස්තුති කරනවා ලංකාවේ පලමු වතාවට මෙවැනි අදහසක් නිර්භයව ඉදිරිපත් කිරීම ගැන.බොරු සුචරිත වාදියෝ රෙදි කරට අරගෙන ඔබතුමාට කරන අපහාස නම් මෙතැන්සිට ඔබට අත්විඳින්න වේවි.
මහනුවරට සෙනඟ ගෙන්න ගන්න "ගල් අරක්කු" ඕන. මේ යහපාලනය තේරෙන්නේ නෑ නොව...
අන්න එහෙම එන්න ඇමතිතුමා... !!!
ජනතාවගේ තවත් එක් දැවෙන ප්‍රශ්නයක් විසඳූ ඔබට අපේ ආචාරය... අනේ මෙහෙමත් පාලකයන්. රට වටේම මුහුද තියාගෙනත් ලුණු රු 80.00ට වැඩිකලා, හාල් රු 100.00 යි. පොල් රු. 75 - 80යි. ඒවා එහෙමම තියෙද්දී අරක්කු මිල තමයි අඩු කරන්න ඕන. අරක්කු මිල අඩු කරන්න නෙමෙයි, අරක්කු ලංකාවෙන්ම තුරන් කරන්න පුළුවන් විදියේ තීරණයක් ගන්න තරම් කොන්දක් තියන, බුද්ධියක් තියන කෙනෙක් වත් නැද්ද? ඔය 225 අතරේ.
අපිට කන්න ඕනෙ නෑ... අරක්කුම තමා ඕනෙ. මෙයාල කොළඹින් අයින් කරන්න යනවා කියල එක ඇමැති කෙනෙක් කිව්වා..
සුපිරි ඇමති !!! ගල් අරක්කු ඇමති .....
මේකෙ අදහස් දාලා තියෙන ගොඩක් අය ප්‍රායෝගික නැහැ , මිල වැඩි කලා කියලා අරක්කු බීම අඩු වුනේ නැහැ ,හැබැයි දුප්පත් මිනිහගෙ අනිත් දේ මිලට ගන්න තියෙන සල්ලි වලට කෙල වුනා විතරයි , අරක්කු බොන එක නවත්වන්න පුලුවන් ස්වයංවාරනයකින් පමණි , අනිත් එක මේ ඇමැතිවරයා අරක්කු බොන කෙනෙක් නෙවෙයි
බොන මිනිහා කොහොමත් බොනවා. ඉතාලියේ පන්සල් වල වැඩියෙන්ම පින්කම් කරන්නේ සහ අවුරුදු උත්සව වැනි සංස්කෘතික කටයුතු වලට බැහැලා උදව් කරන්නේ වැඩියෙන්ම බොන අයයි. ලංකාවේ බොන මිනිහා මිල කීය වුවත් කොහොමත් බොන නිසා මිල අඩු කරාට ප්‍රශ්නයක් නැහැ.
ඇමතිතුමා මේ පාර අවුරුද්දට වැඩිය බඩු විකුණුනේ නැහැ... මිල වැඩි නිසා. එකයි ටිකක් අඩුවෙන් ගතමනාව දෙන්න උනේ.......
මේක හොද තීරණයක්. නිත්‍යානුකූල මත්පැන්/ සිගරට් වල මිල දරා ගන්න බැරි තරම් ඉහල යන් නිසා වන්නේ වෙනත් ආදේශක ඒ සදහා පැමිණීම. ඒවායින් වන හානිය වඩා වැඩියි. ලංකාවේ මිනිස්සුන්ට විනෝදයක් කියලා තියෙන්නේ මේක විතරයි. මේ රටේ වෙන දෙයක් තියෙනවද? අඩුම තරමේ සැර අඩු බියර් වල මිලවත් දැනට වඩා අඩක් වත් අඩු කලයුතුයි.
භාන්ඩ හො සේවාවක මිල ඉහල ගිය විට ඉල්ලුම අඩුවේ. එම අඩුවෙන ඉල්ලුම නිසා ආදේශක භාන්ඩ ඉල්ලුම ඉහලට යයි.
මිනිස්සුන්ව මත් වතුරෙන් මුදවාගන්න ක්‍රමයක් යෝජනා කරන්න ඇමතිවරුන්ට හිතන්නේ නැද්ද ?ජපන්නු /කොරියන් ය මහන්සි වෙලා වැඩකරන හැටියට අරක්කු නාන්න ඕනේ .එහ ඒ මිනිස්සු එහෙම බොන්නේ නැහැ .
සදාචාරය, බෞද්ධ ප්‍රතිපත්ති, රජයේ ආදායම, ජනතාව කසිප්පු බීමෙන් ගලවා ගැනීම, එසේ නොකලොත් ඇතිවන රජයේ සෞඛ්‍ය සේවා වියදම, සහ ජනතාවට අඩුමිලට මත්පැනක් ලබාදීම ආදී සියල්ල තුලනාත්මකව බලල ගත යුතු තීරණයක්. හැබැයි, ප්‍රායෝගික නොවේ නම් සුචරිතවාදීන්ගේ හෝ දේශපාලනඥයින්ගේ විසඳුම්වලින් වැඩක් නැහැ. ඇමතිවරයාගේ මේ යෝජනාව දැනට තිබෙන හොඳම ප්‍රායෝගික යෝජනාව කියලයි මං හිතන්නේ.
ළඟ එන වෙසක් තෙමගුල සැමරීමට ඉතාමත් කාලොචිට යෝජනාවක්. මල්වතු මහා නායකගෙන් අදහස් විමසලා බලන්නකෝ? හොදයි කියයි!
හොද අදහසක්,යහපාලනයේ සමහරෙක් ගල් කාරයොනේ.
ලංකාවේ මත්පැන් පානය කිරීම උවමනාවට වඩා පාලනය කිරීමට යාම පළමු වැරැද්ද. සමාජයෙන් එන අනවශ්‍ය බලපෑම නිසා තමා බේබදු ඝණයට වැටෙන්නන් වැඩි වෙන්නේ. සමාජයට වහන් වී ලද අවස්ථාවෙන් පුළුවන් තරම් බීමත් වීම තමා ලංකාවේ සංස්ක්ෘතිය. මෙම ඇමති ගැන පැහැදීමක් නැති වුවත්, ප්‍රකාශය නිවැරදියි. මත්පැන් ඕනෑම සමාජයක විවිධ ආකාර වලින් තිබෙන දෙයක්. අනවශ්‍ය ලෙස මිල ඉහල දමා පාලනය අසාර්ථක බව සැබෑය. එයින් වන්නේ හොර මත්පැන් පානයට ඇබ්බැහී වීම වැඩිවීම පමණයි. අප තවමත් සිතන්නේ රූපාවාහිනියේ පෙන්වන ආකාරයට සියළුම මත්පැන් පානය කරන්නන්, බීමත්ව ගෙදර මිනිසුන්ට කරදර කරන බවකුයි. එය එසේ නොවන බව බොන ඇත්තෝ දනිති.
ඉතා වැදගත් යෝජනාවක්
මම හිතනවා මිල අඩු කල යුත්තේ බියර් වගේ දේවල් කියල.
ඕකට අපි විරුද්දයි , මොකද අපි බොන්නේ පොල් අරක්කු , එකත් අඩු කරන්න ඕනේ නැත්නම් අපි උද්ගෝෂණය කරනවා
මෙතන අරක්කු වලට හිතවාදීව අදහස් දාන අයගෙන් මම අහන්න කැමතියි තමන්ගේ ළමයෙක් බේබද්දෙක් වෙනවට කැමතිද කියල. අපිට බොන මිනිස්සු එක්ක ඉරිසියාවක් නෑ. හැබැයි අපේ අනාගත පරපුර බේර ගන්න ඕනේ. අරක්කු මිල අඩු වෙනවා කියන්නේ එක කරන්න අමාරු වෙන එක.
මීට වැඩිය හොඳ නැද්ද බියර් මිල අඩු කලා නම්
ගල් අරක්කු මිල අඩු කිරීම නොකරන්න කසිප්පු නිෂ්පාදනයට උපරිම බාධා කරන්න මිල අඩු කරනවා කියන්නේ අරක්කු බොන්නට කරන ලොකු උදව්වක්
මුස්ලිම් රටවල අරක්කු තහනම්. මිනිස්සු සතුටින් පවුල් ජීවිත ගෙවනවා. එක අතකට එහෙම වෙන එකත් හොදයි......
හොඳ යෝජනාවක්.. සල්ලි තියෙන අයට වෙන ජාති බොන්න කියල සාමාන්‍ය අයට ගල් අරක්කු අඩුකරන එක හොදයි
ඉතා හොඳ යෝජනාවක්, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න කෙනෙකුට විතරයි මේ වගේ දෙයක් පේන්නේ. සල්ලි කාරයෝ කීය උනත් තමන් සහ ඇසුරුකරන අයව සතුටු කරන්න මත්පැන් සඳහා ඕනෑම මුදලක් වියදම් කරද්දී සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට ඒ හැකියාව නෑ. ඔවුන්ට පිහිටට තියෙන්නේ ගල් අරක්කු තමයි. එකත් මිල වැඩි නිසා පසුගිය උත්සව සමයේ මහත් අපහසුතාවයට පත් උනා.( හැම කෙනාටම කසිප්පු හයාගෙන යන්න බැහැ) මිල වැඩි කරන්න ඕනේ නෑ. සියලු මත්පැන් ලංකාව තුල තහනම් කරන්න. එතකොට දුප්පත් පෝසත් බේදයකින් තොරව කොත්තමල්ලි ටිකක් බීලා කට්ටිය විනෝද වෙයි. හැම අසාධාරණයම වෙන්නේ දුප්පත් මිනිහට. මත්පැන් දුම්වැටි මිල වැඩි කිරීම ගැලරියට දෙන උත්තේජනයක් විතරයි. දේශපාලන වාසි ගන්න.