IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ගල් අඟුරු බලාගාරයක් එපා‘ : සම්බන්දන් ඉන්දියාවට කියයි

ඉන්දියා රජයේ ආධාරයෙන් ඉදිකිරීමට යන සාම්පූර් විදුලි බලාගාරය මගින් පරිසරයට හානි සිදුවන බවත් එම ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා මේ සම්බන්ධයෙන් තමාට දැනුම්දුන් බවත් විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්දන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

තමා ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා කරන බවත් සූර්ය තාපය මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් ඇතිකිරීම පරිසරයට හිතකාරීවන බවත් සම්බන්දන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තමා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව චෝදනා කරන බවත් එබැවින් ඉන්දියාව සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු කියයි.

ඇමරිකාව පදනම් කරගත් විද්‍යාඥයන්ගේ එකමුතුව උපුටා දක්වමින් ගල් අඟුරු මගින් මෙගාවොට් 500ක විදුලිය නිපදවීමේදී සල්ෆර් ඩයොක්සයිඩ් (අම්ල වැසි ඇතිවීමට මූලිකවම බලපාන) ටොන් 10,000ක් පරිසරයට මුදාහැරෙන බව ශ්‍රී ලංකාවේ පරිසරවේදීහු පෙන්වා දෙති. ඊට අමතරව නයිට්‍රජන් ඔක්සයිඩ් (දුම් පටල ඇතිවීමට බලපායි) ටොන් 10,200ක් ද, කාබන්ඩයොක්සයිඩ් මිලියන 3.7ක් ද පරිසරයට මුදා හැරෙන බව කියති. ඒ අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන කාබන් මොනොක්සයිඩ්, ඇතුළු කුඩා අංශුද මිනිස් ජීවිතයට මෙන්ම පරිසරයට දැඩි හානි පමුණුවන බව පරිසරවේදීන්ගේ මතයයි. 



අදහස් (0)

‘ගල් අඟුරු බලාගාරයක් එපා‘ : සම්බන්දන් ඉන්දියාවට කියයි

දුමින්ද Monday, 28 March 2016 09:03 AM

නොරොච්චෝලේ විදුලිය පිරිසිදුද (බ)

:       0       0

දිසා Monday, 28 March 2016 10:07 AM

දැනට ලංකාවට තියෙන හොදම විසදුම තමය් ගල් අඟුරු බලය යොදාගන්න එක. සාම්පූර් තමය් ඊට හොදින්ම ගැලපෙන භූගෝලීය පිහිටීමක් තියෙන ස්ථානය. සූර්ය බලය යොදාගෙන මහා පරිමාණයෙන් විදුලිය නිපදවන්න විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එක ලංකාව වගේ ජනගහනයට සාපේක්ෂව අඩු භූමි ප්‍රමාණක් තියෙන රටකට ගැලපෙන්නේ නැහැ අනික ඊට යන පිරිවැය තාප බලාගාරයකට වැඩ කිහිප ගුණයක් වැඩි. (ර)

:       0       0

දහම් Monday, 28 March 2016 10:13 AM

සම්පන්තන් හිතා ගෙන ඉන්නේ මේක ඉන්දියාවේ කොලනියක් කියලා. (ර)

:       0       0

මුණසිංහ Monday, 28 March 2016 10:30 AM

ලංකාවම විරුද්ධ උනත් වැඩේ කරනවා. එත් මෙයා විතරක් විරුද්ධ නිසා ෂුවර් එකට මොනවා හරි වෙනසක් වෙයි. (ර)

:       0       0

සඳුන් Monday, 28 March 2016 10:45 AM

සම්පන්දන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. (බ)

:       0       0

නාලක Monday, 28 March 2016 11:16 AM

විදුලියත් එපා කියන්නකෝ ඉවරයිනේ , ඒවා ඕනේ බලාගාර එපා (බ)

:       0       0

ශාන්ත කටුනේරිය Monday, 28 March 2016 11:21 AM

ඔන්න ඕක තමයි රටකට කොන්ද පන ඇති නායකයෝ ඕනේ. පල්ලිය එපා කියනකොට නොරොච්චෝලේ නැවත්තුවා. තොන්ඩමන් බැහැ කියල ඉහල කොත්මලේ නැවත්තුවා. දැන් ඕවා හැදුවේ නැත්නම් රටම අඳුරේ නේද ? හැම කෙනාම බනින නොරොච්චෝලේ වහන එක දවසට රටම අඳුරේ.(බ)

:       0       0

කුමාර Monday, 28 March 2016 11:42 AM

විපක්ෂ නායකයාගේ කතාව නිවැරදී . ගල් අගුරු දහනය පරිසරයට හොද නෑ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site