ඉන්දියා රජයේ ආධාරයෙන් ඉදිකිරීමට යන සාම්පූර් විදුලි බලාගාරය මගින් පරිසරයට හානි සිදුවන බවත් එම ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා මේ සම්බන්ධයෙන් තමාට දැනුම්දුන් බවත් විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්දන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
තමා ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා කරන බවත් සූර්ය තාපය මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් ඇතිකිරීම පරිසරයට හිතකාරීවන බවත් සම්බන්දන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තමා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව චෝදනා කරන බවත් එබැවින් ඉන්දියාව සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු කියයි.
ඇමරිකාව පදනම් කරගත් විද්‍යාඥයන්ගේ එකමුතුව උපුටා දක්වමින් ගල් අඟුරු මගින් මෙගාවොට් 500ක විදුලිය නිපදවීමේදී සල්ෆර් ඩයොක්සයිඩ් (අම්ල වැසි ඇතිවීමට මූලිකවම බලපාන) ටොන් 10,000ක් පරිසරයට මුදාහැරෙන බව ශ්‍රී ලංකාවේ පරිසරවේදීහු පෙන්වා දෙති. ඊට අමතරව නයිට්‍රජන් ඔක්සයිඩ් (දුම් පටල ඇතිවීමට බලපායි) ටොන් 10,200ක් ද, කාබන්ඩයොක්සයිඩ් මිලියන 3.7ක් ද පරිසරයට මුදා හැරෙන බව කියති. ඒ අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන කාබන් මොනොක්සයිඩ්, ඇතුළු කුඩා අංශුද මිනිස් ජීවිතයට මෙන්ම පරිසරයට දැඩි හානි පමුණුවන බව පරිසරවේදීන්ගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරොච්චෝලේ විදුලිය පිරිසිදුද (බ)
දැනට ලංකාවට තියෙන හොදම විසදුම තමය් ගල් අඟුරු බලය යොදාගන්න එක. සාම්පූර් තමය් ඊට හොදින්ම ගැලපෙන භූගෝලීය පිහිටීමක් තියෙන ස්ථානය. සූර්ය බලය යොදාගෙන මහා පරිමාණයෙන් විදුලිය නිපදවන්න විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එක ලංකාව වගේ ජනගහනයට සාපේක්ෂව අඩු භූමි ප්‍රමාණක් තියෙන රටකට ගැලපෙන්නේ නැහැ අනික ඊට යන පිරිවැය තාප බලාගාරයකට වැඩ කිහිප ගුණයක් වැඩි. (ර)
සම්පන්තන් හිතා ගෙන ඉන්නේ මේක ඉන්දියාවේ කොලනියක් කියලා. (ර)
ලංකාවම විරුද්ධ උනත් වැඩේ කරනවා. එත් මෙයා විතරක් විරුද්ධ නිසා ෂුවර් එකට මොනවා හරි වෙනසක් වෙයි. (ර)
සම්පන්දන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. (බ)
විදුලියත් එපා කියන්නකෝ ඉවරයිනේ , ඒවා ඕනේ බලාගාර එපා (බ)
ඔන්න ඕක තමයි රටකට කොන්ද පන ඇති නායකයෝ ඕනේ. පල්ලිය එපා කියනකොට නොරොච්චෝලේ නැවත්තුවා. තොන්ඩමන් බැහැ කියල ඉහල කොත්මලේ නැවත්තුවා. දැන් ඕවා හැදුවේ නැත්නම් රටම අඳුරේ නේද ? හැම කෙනාම බනින නොරොච්චෝලේ වහන එක දවසට රටම අඳුරේ.(බ)
විපක්ෂ නායකයාගේ කතාව නිවැරදී . ගල් අගුරු දහනය පරිසරයට හොද නෑ. (බ)