කිසිදු විනිවිදභාවයකින් තොරව පෞද්ගලික සමාගම්වලට පතල් කැණීම් සඳහා බලපත‍්‍ර දීම සම්බන්ධ ගල් අඟුරු වංචාවකට හිටපු ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඇතුළු පස් දෙනකුට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
හින්ඩාල්කෝ නැමැති සමාගමට මේ ආකාරයෙන් පතල් කැණීම් හිමිකම් ලබාදී ඇති අතර එම සමාගමේ සභාපති මංගලම් බිර්ලා, හිටපු ගල් අඟුරු සම්බන්ධ ලේකම් පී. සී. පාරාකා ඇතුළු 6 දෙනකුට මේ ආකාරයෙන් විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකයක් විසින් නඩු පවරා ඇතැයි වාර්තා වේ.
හිටපු ඉන්දීය අගමැති ඇතුළු 6 දෙනාට අපේ‍්‍රල් 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද නියෝග කර ඇත.
ආචාර්ය මන් මෝහන් සිං ඇතුළු හය දෙනාට එල්ල වී ඇති චෝදනා වනුයේ කුමන්ත‍්‍රණ කිරීම, දූෂණය හා විශ්වාසය කඩ කිරීම ආදියයි.
මෙසේ දූෂණ චෝදනාවක් එල්ල වීමත් සමඟ තමා ඉන් එක්වරම පුදුම වූ බවත් තමා ජීවිතයේ අවසන් කාලය ගෙවන විට මෙවැනි චෝදනාවක් එල්ල වීම කම්පාවට කරුණක් බවත්, තමා ඕනෑම නීති කටයුත්තක් ඉදිරියේ පෙනි සිටින බවත් හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. සත්‍ය හෙළදරවු වනු ඇතැයිද ඔහු එහිදි පැවසීය.
අපරාධ පරීක්ෂණ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ද කිසිදු චූදිතයකුට එරෙහිව ඔප්පු කළ හැකි සාක්ෂි නොවූ බැවින් අධිකරණය එම වාර්තාව ප‍්‍රතික්ෂේප කළේය.
හිටපු අගමැතිවරයාට මෙම චෝදනා එල්ල වී ඇත්තේ හින්ඩාල්කෝ නැමැති සමාගමට ඔඩීෂා ප‍්‍රාන්තයේ කොටසක් කැණීම් සඳහා ලබාදීම සම්බන්ධයෙනි. එම ගනුදෙනුව සිදු වී ඇත්තේ 2005 වසරේදීය. එම පතල මඟින් ඇලූමිනීයම් නිපදවන බවද පැවැසෙයි.
මෙම ගල් අඟුරු ආකරයේ හිමිකම් පෞද්ගලික සමාගමකට විකිණීමෙන් 2012 වසරේදී ඉන්දියාවට ඇමෙරිකන් ඩොලර් බිලියන 33ක පාඩුවක් සිදුව ඇතැයි එරට ස්වාධීන විගණන නිලධාරීහූ පවසති.
1993 වසරේ සිට ඉන්දීය ආණ්ඩුව දුන් සියලූ ගල් අඟුරු ආකාරවල හිමිකම් නැතහොත් බලපත‍්‍ර අහෝසි කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී නියෝගයක් ද නිකුත් කළේය.
ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං ගල් අඟුරු වංචාවකට හසුවීම සම්බන්ධයෙන් කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් කොංග්‍රස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පැවැත්විණි.
එහිදී ඒකමතිකව තීරණය කෙරුණේ මන් මෝහන් සිංගේ නිර්දෝෂිත්වය වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට පක්ෂය සූදානම් බවයි.
හිටපු අගමැතිවරයාගේ අවංක භාවය ඉන්දියාවේ පමණක් නොව මුළු ලොවම දන්නා බවත් නීත්‍යනුකූලව ඔහු වෙනුවෙන් කළ හැකි හැමදෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා කරන බවත් සෝනියා ගාන්ධි මින් මද වේලාවකට පෙර නවදිල්ලියේදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවාය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල් අඟුරු නඩුවට මන්මෝහන් සිං උසාවියේ
දම්මිකා Thursday, 12 March 2015 09:39 AM
මෙහෙ ගලන්අඟුරු නඩුවට කවුද යන්නේ. (අ)
සුමුදු හේවා Thursday, 12 March 2015 05:07 PM
එහෙ බැලුවත් මෙහෙ බැලුවත් දූෂණයම තමයි... (නි)
බටගල Thursday, 12 March 2015 05:44 AM
ඉන්දියාවේ අපට වඩා අපක්ෂපාතී ප්‍රබල නීති පද්ධතියක් සහ ඕනෑම බලගතු පුද්ගලයෙක් වුවත් නීතිය ඉදිරියේ එක සමාන නිසා මේ ගැන හොඳ තීන්දුවක් බල පොරොත්තු වෙන්න පුළුවන්. අපිටත් මෙම නීති ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්නත් ඒවා ආදර්ශයට ගන්නත් ලැබේවා.(දිල්)
ඉඳුනිල් Thursday, 12 March 2015 06:26 AM
එහෙ බැලුවත් යහ පාලනේ, මෙහෙ බැලුවත් යහ පාලනේ. (ර)