
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාවක හිටපු ගුරුවරියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි.
මෙම වංචාව සම්බන්ධයෙන් විශ්‍රාමික විදුහල්පතිනියක් වන සැකකාරියගේ මව , මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරියක ඇතුළු 11 දෙනකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්‍රධාන සැකකාරිය වන හිටපු ගුරුවරියගේ පුංචි අම්මා වන කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් , එම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුව වෙත ගොස් ඇය රුපියල් ලක්ෂ 20 ක ගුරුසෙත ණයක් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මහනුවර ශාඛාවකින් ලිපියක් ලැබුන බවත් එවැනි ණය මුදලක් තමන් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස 2019 වසරේ නොවැම්බර් මාසයේදී එම ශාඛාවේ කළමනාකරුට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් පැවැත්වූ මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය ඒ ආකාරයෙන් මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් 26 දකුගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර දෙල්තොට , ගම්පොළ, මහනුවර සහ මහනුවර කේ .සි. සි. ශාඛාවෙන් අවස්ථා 26 කදි රුපියල් 42,055,000/= ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රාදේශීය කළමනාකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකාරියේ ගේ මව වන විශ්‍රාමික විදුහල්පතිනිය , බැංකු කළමනාකාරවරිය ඇතුළු සැකකරුවන් 11 දෙනා මෙකී කාලය තුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරිය සහ විදුහල්පතිනිය හැරෙන්නට ඒ අතර කාන්තාවන් අට දෙනකුද වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කෙල්ලගේ ඉන්දන් හොර වැඩට කාන්තාවෝ කොහොමත් දක්ෂයිනේ.
මෙම වංචාකාරයින්ගේ ඡායාරූපය කරුණාකර මාධ්‍යයට ඉදිරිපත් කරන්න. රටේ ජනතාව මොවුන්ගැන දැනගත යුතුයි. එවැනි දේවල් මින් මතුවට සිදු නොවෙන්ට මෙය පිටිවහලක් වෙයි.