ඇත්කඳුර සීවලී විද්‍යාලයේ 14 හැවිරිදි සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු පහරදීමෙන් රෝහල් ගත කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.
සිසුන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ගුරුවරයා මෙම සිසුවාට පහරදී ඇති බවත් මුහුණ ඉදිමීම හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බවත් මව්පියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
සිසුවා මීට පෙර සැත්කමකට භාජනයවී සිටි අයෙක් බවද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මනෝජ් පද්මලාල් මහතා කීවේ මේ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුණුත් තම ගෝලයන්ට කතා කිරිමට, අවවාද කිරීමට උගත යුතුය. (අ)
ගුරුවරු පාසල් දරුවන්ට දඩුවම් කරද්දී ඔවුන්ගේ දෙමාපියන්වත් කැඳවිය යුතුයි. (බ)