නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දන ගැස්වීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රුපියල් පන්දාහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ආනමඩුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත්, හැම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙසත් නියම විය.
ගුරුවරිය උසාවි පැමිණ නොසිටියාය.
වැඩිදුර විභාගය ජූලි 25ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පාඩමක් ඉගනගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි. (නි)
මොකද දන්නේ නැහැ ටීචර්ව දණ ගැස්සුවේ. (නි)
ලංකාවේ ක්‍රියාත්මක වන මේ ක්‍රමය නිසා ලංකාවේ ඉදිරිය අපැහැදිලියි (දී)
මේකට වෙන දේ පැහැදිලියි. ප්‍රමාණවත් සාක්ෂි නැතිවෙයි. නිදහස් වෙයි. ඕක තමයි අර ගුරුතුමියට ඉටු වෙන සාධාරණය අන්තිමට. පණ බයේ ජීවත් වෙන්න වෙන්නෙ හැමදාම. (නි)
තරාතිරම අනුව සමහරුන්ට ඇප ! දේශපාලන සබදකම් තිබේනම් තවත් සමහර අයට ඇප සහ සැප දෙකම ලැබෙනවා .(අ)
අනේ ඕකට මොකට ඇප දුන්නද .....! වල පල්ලට යවන්නේ නැතිව.(අ).
මං කිව්වා ඕක වෙයි කියලා. (අ)
සාක්කිකරුවන්ට විතරක් නෙමෙයි,කිසිම කෙනෙකුට බලපෑම් කරන්න මේ අයට පුළුවන්කමක් නැහැ. (නි)
ගුරුතුමියට කරන්න දෙයක් නැහැ, දන ගස්සනවා නෙමෙයි ඊට එහා දෙයක් කරන්න ගියත් කරන්න දෙයක් මේ රටේ නැහැ. නිදහස් කරලා දානවා ,කිසිම ප්‍රශ්නයක් නැහැ දේශපාලනය කරනවා නම්. ඔබතුමියට වෙන්නේ හිත හදාගන්න විතරයි. අපිටත් දුකයි. (නි)
අනිත් අතට ගුරුවරියක් දන ගැස්සුවා කියල මිනිහෙක්ව එල්ලුම්ගස් යවන්න පුලුවන්ද? මේක සදාචාර විරෝධී වැඩක් තමය්. හැබය් නීතිය පැත්තෙන් සුළු අපරාධ කොටසටය් වැටෙන්නේ.(අ)
පළාතේ මහ ඇමැතිකමට එතුමා සියලු සුදුසුකම් සපුරා ගත්ත.(අ)
එයා උගන්ඩාවේ තානාපති ලෙස පත් කර යවන්න.(අ)
බය වෙන්න එපා අය්යේ නොමිනේෂනුත් ලැබෙයි. (අ)
බයවෙන්ද දෙයක් නෑ නොමිනේෂනුත් ලැබෙයි (අ)
මෙයාට ඇප විතරක් නෙමේ විශේෂ සමාවක් සමග ඇමති කමක් ලැබෙයි.(නදී);
අපේ අහිංසක මන්ත්‍රී තුමා, (අ)
දැන් ඉතින් ගුරුතුමිය ගලවා ගන්න පුළුවන් උඩ ඉන්න දෙවියන්ට හා ජනමාධ්‍යයට පමණි. ඇයට වන බලපෑම් හා හිරිහැර වලක්වා ගත හැක්කේ මාධ්‍යය මගින් ඒ පිලිබඳ ප්‍රචාරයක් ලබාදීමෙනි. ලංකාදීප, එය ඔබගේ වගකීමයි. (නි)
ඉතාලියේ හිටපු අගමැති වසර 7 හිරේ ඇරියාලු... ඕස්ට්‍රේලියාවේ අගමැති ගැන රටේ මිනිස්සු සතුටු නැහැ කියල එයාගෙම පක්ෂෙන් එයාව පැරද්දුව. මං මේ ටික කිවේ බත් ටිකක් කාල වසර 2600 උජාරු කතා කියා කියා දෙශපාලකයන්ට ඍජුව හෝ වක්‍රව කහින පුරාජේරු කාරයන්ට(අ).
ගුරුවරිය දන ගැස්සුවා කියලා මේ මනුස්සය එල්ලුම් ගස් යවන්න බැහැනේ.රටේ තියෙන නීතිය අනුව තමා වරදේ බරපතලකම තීරණය වෙන්නේ.නීතියෙන් ලොකු දඩුවමක් ලැබෙයි කියලා හිතන්න බැහැ.මේක නීතිය පැත්තෙන් සුළු අපරාදයක් පමණි. කට්ටිය ලේ පුච්චගෙන වැඩක් නැහැ. (නි)
අපේ රටත් ස්වාසිලන්තය වගේ වෙයිද මන්දා (නි)
මීට වඩා අපි මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
නිදහසේ හිටපුදෙන්. ආයේ ගොන් වැඩ කරන එකක් නැහැ. ඉස්කෝලේ පැත්තේ ගිහිල්ලත් නැහැ.(නදී)
මොකද මෙහෙම වෙන්නේ? එන්න එන්න ලංකාවේ තත්වය හොද නැහැ. අපේ අනාගතය විනාශ වෙන්නයි යන්නේ. හොදම දේ තමයි ලංකාවෙන් පිට වෙන එක. මේ අවිචාරමත් නීතිය සහ දේශපාලනය නිසා අපේ දරුවන්ගේ අනාගතය ඉවරයි.(නදී)
ඔයා බයවෙන්න එපා. පාර්ලිමේන්තු යන්න පුළුවන් ලබන සැරේ (නි)
අපරාදේ. නඩුව නිමවෙනතුරු ඇප නොදී ඉන්නයි තිබුණේ (නි)
ගුරිවරිය කැමැත්තෙන්ම දණ ගහ ගත්තද මන්දා කැමැත්තෙන්ම.(නදී)
අයියෝ..පන්දාහ පොඩි ඇපයක් නිසා බයවෙන්න දෙයක් නැහැ.ඉදිරි කාලයේදී කව්රු කව්රුත් දණ ගස්වන්න, බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. (නි)