නාවලපිටිය පාසලක ගුරුවරියක බව්වාගම පාළම අසලින් අද උදෑසන මහවැලි ගගට වැටී ඇති බවත්, එම ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, ජාතික හැඳුනුම්පත, අත්බෑගය, කුඩයක් හා පාවහන් දෙකක් සොයා ගත් බවත්, සිරුර දොරුවාදෙණිය ගං ඉවුරේ තිබී සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඇය ගඟට පැන්නාදැයි පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෙක් දන ගස්සන්නසැලසුම් කළා ද දන්නේ නැහැ (අ0
නීල්, ඉන්දරතන හාමුදුරුවෝ කළේ ජීවිත පුජාවක් .සියදිවි නසාගන්නන් සහ මානසික රෝගීන් අනුකම්පාව සහ උදවු ලැබිය යුතු අය. නීල්ට තේරේවි තමන්ගේ සමීප කෙනෙකුට මේ දේ වුනොත්.දියුණු රටවල් ඔවුන්ව පුනරුත්තාපනය කරන හැටි විශිෂ්ටයි (නි)
මැරෙන්නත් එයාට මොකක් හරි හේතුවක් ඇති.(නදී)
තමන් සතු සියලු උපකරණ ගොඩින් තිබ්බ නිසා සිත් තැවුලකට ගගට පනින්න ඇති. අපාරදේ වටිනා ජීවිතයක්. පෙම් පටැලැවිල්ලක් විය නොහැකිද?(නදී)
ගුරුවරුන්ට වැටුප මදිවාවද්ද ජීවත් වෙන්න? (නි)
දැන් ගුරුවරු මැරෙන හැටිත් උගන්වනවාද? ගුරුවරු ප්‍රායෝගික වෙන තරමටනෙ සිසුන් වුනත් ඉගෙන ගන්නවා කියන්නේ. ඒත් මේ ඉගැන්නිල්ල නම් හොඳ නැහැ. (නි)
මේ නීල් කොහෙද ඉන්නේ එලොවේද මෙලොවේද අනේ? නැතිනම් කගේ හරි කොන්ත්‍රාත් පදනමක කටයුතු කරනවා දන්නේ නැහැ.(නදී)
ප‍්‍රශ්නය ඔබ සිතන තරම්ම සරල නැහැ නීල්.(නදී)
තමා බුද්ධිමත් තර්කානුකූල අයෙකු බව පෙන්වන්න ගොස් මෝඩකම ප්‍රදර්ශනය කරන නීල් වැනි අයත් තවම සිටිනවා. (නි)
සැකයක් නැහැ ගගට පැනලා. නැත්නම් කොහොමද මේ උපකරණ ටික ඉවුරට ගියේ.(නදී)
සමහර විට ගෙවාගන්න බැරි තරම් ණය ඇති.(නදී)
යම් විපතකදී මේ වගේ නුසුදුසු ප්‍රතිචාර දැමීම මිනිස්කමට නිගාවක්.දුකට පත් දූ දරුවනට හිතවතුනට සිත් වේදනා ගෙන දෙන්න එපා. (නි)
වතුර සැරද කියල බලන්න පනින්න ඇති. (ත)
විධායක කළමනාකරුවන් ගඟට පැනීමෙන් ද, භික්ෂූන් වහන්සේලා සිරුරට ගිනි තබා ගැනීමෙන් ද, මවුවරු දරුවන් තුරුළු කරගෙන ළිං වලට පැනීමෙන් ද, උසස් හමුදා නිලධාරීන් බෝම්බ පුපුරුවා ගැනීමෙන් ද, සරසවි සිසු සිසුවියන් දුම්රියට පැනීමෙන් හා උඩුමහල් තලවලින් බිමට පැනීමෙන් ද සිදුකර ඇති සියදිවි හානි කරගැනීම් දාමයට මෙම ගුරුවරිය ද එක් වී ඇත. මෙම දිවි හානිකරගැනීම් වලට හේතුව ලෙස දැනගන්නට ලැබෙන්නේ බොහෝවිට ඉතා සුළු ගැටලුවකි. සමාජයේ කිසියම් වගකීමක් දැරීමට උසස් අධ්‍යාපනයක් ලබා සිටිය ද මේ පුද්ගලයින් අට ලෝ දහම හමුවේ නොසැලී සිටීමට තරම් ශක්තියක් ලබා නොමැති බව මැනවින් පෙන්වා ඇත. (නි)
මෙයාවත් දනගස්සවන්න කව්රු හරි හැදුවද? නැත්නම් ලයිට් බිල ගෙවාගන්න බැරුවද දන්නේ නැහැ? (ත)
හරිම දුකයි මෙවැනි පුවත්, ගුරු මාතාවක් නේ, ජීවිතය එවැනි තලයකට ආවත් කලකිරෙනවා නම් , අඩු වැඩි වශයෙන් අපි හැමෝමත් වගකිවයුතුයි, යහපත් මිනිසුන් වෙමු. (ත)
එයට පොඩි ප්‍රශ්නයක් තියෙන්න ඇති. විසඳ ගන්න බැරුව ජීවිතෙන් සමු ගන්න ඇති. නමුත් සිය දිවි හානි කර ගෙනීම බරපතල පවක්. (ත)
කතා දෙකක් නැහැ. සිත් අවුලක් නිසා සියදිවි නසා ගැනීමක් බව කියන්න පුළුවන් ඇයගේ උපකරණ ළඟම තීබුන නිසා. (ත)
චීවරධාරීන් ගිනිතියාගෙන දෙන පුර්වාදර්ශය මදිවට ගුරුවරු ගඟට පැනල දරුවන් යහමග යවනවා.(ත)
ගුරුවරියක් වූ විට දරුවන්ට ශක්තිමත් බව පෙන්විය යුතුයි. ධාර්මිකව කරුණු තේරුම් ගත යුතුයි.(නදී)
ගගට වැටුන විදියට පත්තරේ ලියවෙන්න දීලා ,පිටරටවත් ගියාද? ඉස්කෝල ටීචර්ලත්, ප්‍රාදේශීය සභාවත් දෙකේම ඉන්නේ දැන් විශ්වාස කරන්න බැරි අය(නි)
මොනවා හරි විසදගන්න බැරි ප්‍රස්නයක් හින්ද වෙන්න එති ගුරුවරිය ගඟට පනින්න හේතුව (ත)
මෙයාවත් දන ගස්සලාද දන්නේ නැහැ... (ත)
අයියෝ දෙයියනේ මේ මොකද වෙන්නේ? දැන් ගුරුවරුන්ට ඉතාම නරක කාලයක්.ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මේ අදහස් දාන කට්ටිය සේරම සීඅයිඩී.නියමයි.තීරණය දීලත් ඉවරයි (නි)
අනේ මන්දා මෙහෙමත් රටක්! (නි)
මේ දෙයින් වුනේ අසරණ ළමයි, ස්වාමියා ලෝක ලජ්ජාවට පත් වුන එක විතරයි. මැරෙන කෙනා තමන්ට වඩා ජීවත් වෙන්න ඉන්න අය ගැන හිතන්න තිබුනා..... දැන් ඒ අය මැරි මැරි උපදිනවා ඇති (නි)
ගුරුවරියක් ඔය වගේ මෝඩ වැඩක් කරගන්නකොට දරුවෝ මොනවා කර ගනීද? (නි)
ඔය ඔක්කොම දේවල් ගොඩ තිබ්බ කියන්නේ ඉස්කෝලේ හාමිනේ ගගේ පැන්නම තමයි. (ත)
වැටුණද? වැට්ටෙව්වද? (ත)
අනිවාර්යෙන්ම පැනල. වැටුනානම් ඔය භාණ්ඩ එයත් එක්කම ගඟට වැටෙන්න ඕනැ. ප්‍රස්නේ කියන්නේ ගුරුවරියක් වෙන්න උගන්වපු දෙමවුපියෝ පීනන්න උගන්වල නැද්ද? (ත)