අහුංගල්ලේ ලලිත රාජපක්ෂ විදුහල අසල මාපිය උද්ඝෝෂණයක් නිසා ගාලුපාරේ වාහන තදබදයක් පවතී
මේ වන විට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත උද්ඝෝෂණයට හේතුව මව්පියන් කියන පරිදි ගුරුවරු 7ක හිඟයක්දැයි විදුහල්පතිගෙන් විමසූවිට ඔහු පැවසුවේ මාධ්‍යට උත්තර දිය නොහැකි බවයි.
මෙම උද්ඝෝෂණය පස්වරු 1.15 ට පමණ අවසන් විමත් සමඟ ගාලු පාරේ වාඩී වී සිටි මව්පියෝ ඉවත් වුහ. ඉංග්‍රිසි ගුරුවරුයකු ලබන බදාදා සිට ලැබෙන බවත් සෙසු ගුරු පුරප්පාඩු ඉක්මණින් පියවන බවත් කලාප අධ්‍යාපන කාර්යාලය පොරොන්දු වු බව මව්පියෝ කියති.
ඡායාරූප - හේමන්ත ද සිල්වා
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ප්‍රශ්න නිසා අනුන්ට හිරි හැර කරන මේ අසාධාරණ ලෙඩේ මේ රටේ අවසාන වෙන්නේ කවදද? වෙන මොන රටකද මේ දේ සිද්ද වෙන්නේ? නීතියක් මොකටද මේ රටට? (බ)
සුනිල්, කව්රුත් තමුන්ගේ ප්‍රශ්න වලට අනුන්ට හිරිහැර කරන්න කැමති නෑ බලධාරීන්ගේ ඇස කන් ඇරෙන්න ගන්න තියන අවසාන පියවර තමය ඔයි (බ)
මෙය මෙහය වන්නවුන් හරි ,සිහි බුද්ධියක් ඇත්තවුන් නම් කළ යුත්තේ මහා මාර්ග අවහිර කරන් මේ රටේ සාමාන්‍ය ජනතාව අපහසුවට පත් කිරීම නොව , රජයට සම්බන්ධ දේශපාලන නායකයන්ගේ ගෙවල් ,කාර්යාල වටකිරිමය. (බ)
මේක තමුන්ගේ ප්‍රශ්නයක් නොවේ රටේ අනාගත වර්තමාන දරුවන්ට තිබෙන ප්‍රශ්නයක් මේ දෙමවුපියන්ට ටියුෂන් පන්ති යවන්න සල්ලි නැහැ ගුරුවරුත් නැහැ මෙච්චර උපාධි තියෙන රැකියා විරහිත අයට පත්වීම් දෙන්න බැරි අැයි .අනික මෙහෙම නොකොළොත් මහා එවුන්ට ඇහෙන්නේ නැහැ එ්කයි මේ මිනිස්සු පාරට බහින්නේ (බ)
මට දැන් හිතෙනවා කටුනායක, හලාවත, රතුපස්වල සිදු වුන දේවල් වැරදි නැහැයි කියලා (බ)
රට ගැන සිතන මිනිසුන්ට ආදරය කරන පාලකයන් රටේ බලයට පත්වූ පසු මෙවැනි ගැටළු පැන නොනගී. (බ)
අද ලබාදී තිබෙන අසීමිත නිදහස නිසා දැන් මිනිස්සු වාතයක් ගියත් පාර වහගෙන උද්ඝෝෂණ කරනවා. මේවා දකිද්දී හිතෙන්නේ ප්රජාතන්ත්රවාදය මේ රටේ වගේ අයට ගැලපෙන්නේ නැති බවත් පහුගියකාලේ රතුපස්වල, කටුනායක කළා වගේ වෙඩි තැබිය යුතු බවත්ය (බ)
මටත් හිතෙනවා සුදු වෑන් ටිකක් තිබ්බනම් හොඳයි කියල.. අපේ රටේ සංස්කෘතිය ඉතාම පහත මට්ටමට වැටිලා (බ)
සෑම් උඹ බෙලිඅත්තෙද , නැත්නම් තංගල්ලේද? උඹේ මොලේ තිබෙන්නේ පහළ තැනක නේද? (බ)
රැකියා ඉල්ලමින්! උපාධිධාරීන් මහපාරේ අරගල කරණකොට, ජනතාව උද්ඝෝෂණ කරනවා ගුරුවරු ඉල්ලමින්!.ඒ ජනතාවට අයිතියක් නැති නිසාම "තමන් ගෙවන බදුමුදල් වලින් කරන්න ඕනේ මොනවාදැයි, තීරණය කිරීමේ අයිතිය!"ජනතාවට තීන්දු-තීරණ ගැනීමේ අයිතිය පැවරෙන පාලනයක්! ජනතා පාලනයක්! වමේ පාලනයක්! (බ)
රටේ අඩුපාඩු රාශියක් තියනවා. තාම ඡන්ද පොරොන්දු ඉටුකරලත් නැහැ. නමුත් මැති ඇමතිවරුන් තමන්ගේ වැටුප්, දීමනාවල්, වරප්රසාදවල්, සුඛෝපබෝගී වාහන, වැඩි මිලට කාර්යාල පහසුකම් සහ පුද්ගලික කාර්ය මණ්ඩල, ඕවට අඩුවක් නැහැ (බ)
හැම එකටම පාරට බහින තුප්පහි කලාවක් දැන් තියෙන්නේ (බ)
කොයි ආණ්ඩුව ආවත්, තමන්ගේ මල්ල පුරවගන්න හදනවා මිසක් රටේ ජනතාවට වෙන සෙතක් නෑ.(හේ)