IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුරුවරු ඉල්ලා මව්පියෝ සිසුහු පාරට බසිති

(අමදෝරු අමරජීව)

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලේ දිගු කලක සිට පවතින ගුරු හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලා සිසූහු හා මව්පියෝ ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගය මොල්ලිපොතාන මංසන්ධියෙන් හරස් කර අද (27) පෙරවරුවේ විරෝධතාවයක නියැලුණහ. 

මේ නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවු අතර තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ එක් මං තීරුවක් විවෘත කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දීම සිදු කෙරිණි.

මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලට විදුහල්පතිවරුවෙකු නොමැති අතර හිටපු විදුහල්පති ස්ථාන මාරුවීම් ලබා ගොස් ඇති බවන් මේ හේතුව නිසා පාසලේ පරිපාලන ආක්‍රමවත් බවත් දෙමාපියෝ පැවසූහ. විද්‍යාව ,ගණිතය, ඉංග්‍රීසි පුරවැසිය අධ්‍යාපනය යන විෂයන්වලට දිගු කලක සිට ගුරු පුරප්පාඩු පවතින බවද දෙමාපියෝ පෙන්වා දුන්හ. 

 

 



අදහස් (2)

ගුරුවරු ඉල්ලා මව්පියෝ සිසුහු පාරට බසිති

vernon Monday, 27 May 2024 02:14 PM

අර සමහර මහා සංස්කෘතියක් තියෙනවා කියන ඉස්කෝලවල ගුරුවරු ස්ථාන මාරු කරන්න හදන කොට ආ ඒ සර් අපේ, එයා තමයි අපේ අහවල් කන්ද තරණය කරවන්නේ. ඒ නිසා ස්ථාන මාරු කරන්න එපා... අපේ අහවල් සංස්කෘතිය කැඩෙනවා කියන දෙමව්පියන්ටයි, ආදි සංගම්වලටයි මේ ප්‍රශ්නත් පෙනේවා...!

:       0       1

pakeer Monday, 27 May 2024 04:09 PM

හැමෝම කැමති ලොකු ඉස්කෝලවලට යන්න. මම කියන්නේ.. මේ වගේ ඉස්කෝල වලට දාන ගුරුවරුන්ට ගෙවන්න ඕනේ. කොළඹ, නුවර ඒවායේ ගෙවනවා වගේ තුන් ගුණයක්... ඒ වගේම පිටරට ශිෂ්‍යත්ව.. අන්න ඒ වගේ ඒවා දුන්නා නම් ඕවා පිරෙන්න ගුරුවරු ඒවි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site