‘ගිරවුන්ගෙන්’ තමන් බේරා ගන්නැයි දඹුල්ල මාතලේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරු හා රියදුරෝ දඹුල්ල සහකාර පොලිස් අධිකාරී පී කේ ඥාණසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.
බස් රථ සේවකයින් 25 ක් පමණ දෙනා බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ දඹුල්ල පොලීසියට ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරීවරයා හමු වී මෙම ගිරව් ගැන හෙළිදරව් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි පිරිසගෙන් විමසා සිටියේ ගිරවුන් කවුද යන්නයි.පෙරළා පිළිතුරු දුන් බස් කොන්දොස්තරවරයකු කීවේ ගිරවුන් යනු දුර ගමන්සේවා බස් රථවල දොරටුවේ එල්ලී මගීන් නංවා ගන්නා අත් උදව්කරුවන් බවයි. එක බස් රථයක මෙවැනි ගිරවුන් හතර දෙනකු සිටින බව ද ඔවුන් පැවසුහ.
ඔවුන් දුර ගමන් සේවා බස් රථවල සීමා සහිත නැවතුම් නොතකා කෙටි දුර සේවා බස් රථවල ගමන් කරන මගීන්ද නංවා ගන්නා බවත් ඊට විරුද්ධ වෙද්දී මෙම පහර දීම සිදු වන බවත් ඔවුන් පැවසුහ. දිගින් දිගටම මෙම ගිරවු නැමැති බස් රථ සහයකයින් තමන්ට පහර දුන් බවත් මෙතෙක් ඔවුන්ට බයේ පැමිණිල්ලක් නොකළ බවත් ඔවුන් සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කීහ.
සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සමඟ සාකච්ඡාවක් පවත්වා මෙයට විසඳුමක් ලබා දීමටත් කාට හෝ පහර දීමක් සිදුවන්නේ නම් පොලීසියට පැමිණිලි කරන ලෙසත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිරව් වගේ තමයි ඒ මිනිස්සු හැසිරුනේ (දී)
මේ වගේ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඕනේ (දී)
ඕවා පළාත් සභාවෙන් විසඳිය හැකි ප්‍රශ්න නේද? (නි)
සහතික ඇත්ත (දී)
මේවගේ අය බස් නැවතුම් වල ඉන්නවා ඔවුන් බසය ඇතුලේ මගීන්ට නියෝග දෙනවා .බසයේ කොන්දොස්තරවරු බලා ඉන්නවා . පොලිසියේ මහත්වරුත් බලාගෙන ඉන්නවා . (දී)
ගිරවුන්ට මිනිසුන්ට පුලුවන්ද තව කෙනෙකුට ගහන්ඩ? ඒ සම්බන්දව ක්‍රියා මාර්ගයක් පොලිසියට ගන්ඩ බැරි මොකද? එ්කට තව අයගෙන් අවසර ගන්න ඕනද? එහෙම උනාම මිනිස්සු නීතිය අතටගන්න බව ආත්මාර්ථකාමී පාලකයන්ට තේරෙන්නේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද? (නදී)
ඇත්ත රොහාන් , මමත් කොළඹ ඇවිත් යන ගමන් කළුතර යාලුවෙකුගේ ගෙදර යන්න කළුතර බස් එකකට නැග්ගා. එපා උනා අයියෝ ,ගියාම යාළුවගේ දුවයි පුතයි කියනවා කවදාවත් නගින්න එපාලු, දුර යන බස් එකක නගින්නලු (නදී)
ඇත්ත. ගිරව් ම තමයි . තව බස් නතර කරන හෝටල් ළඟත් මේ ගිරව් ඉන්නවා. නිදාගෙන බහින්නේ නැතිව ඉන්න මගීන්ට කන්න කතා කරනවා. (දී)
මරු නම ගිරවා (දී)
ගිරව් නිසා දුර බස් කොටනවා (දී)
9/- ටිකට් එකේ රුපියලකට අඬන අයත් තාම ඉන්නවද ? මම දැක තිබෙනවා බොහෝ අය රුපියල ඉතුරු දුන්නත් එපා කියනවා. (දී)
අනේ ඇත්තද පහන්දී..? (නි)
පොලිස් අදිකරිතුමනි රු. 9.00යෙ දුරට රු. 10ක් අරන් රුපියලට විදින අයගෙන් අපව බේරාදෙන්න. දුප්පත් මගියෙක් (දී)
ලස්සන හෙඩිමක්.(දී)
ඔය ඔක්කොම ගිරව් දේශපාලකයන්ගේ හෙන්චියලා පොලිසියට මොනවත් කරන්න බැහැ. (නදී)
අපේ පොදු ප්‍රවාහණ පද්ධතිය නම් අජූතයි. කවදා හැදෙයිද මන්දා. අන්තිමට ඒකෙත් දුක දුප්පත් මගී ජනතාවටම තමා. බස්වලට වෙනම අමාත්‍යාංශයකුත් තියනවා නේද. ඇත්තටම ඒක තියෙන්නෙ මොකටද කියන එක මට නම් ප්‍රශ්නයක්. (අ)
දනුෂ්ක එ්ක ඇත්ත මමත් කොළඹ 100, 138 බස් වල නගින්නේ නැහැ. දුර බස්වල නගිනවා. නැත්නම් කිලෝමිටෙර් 6 ක් යන්න විනාඩි 50 ක් ගන්නවා. (නදී)
ගිරවුත් ඉන්නවද? මෙච්චර දවසක් පුද්ගලික බස්වල වැහුවේ "කාක්කෝ" එකියන්නේ "කප්පම් කපුටෝ". හැබැයි මේ කපුටන්ට සපෝර්ට් කරන පළාතේ දේශපාලන ලොක්කොත් ඉන්නවලු. ඒවගේ ලොක්කෝ මේ ගිරවුන්ටත් නැතිවෙන්න බැහැ ? (නදී)
මේ ගොල්ලෝ කොට කොට යන නිසානේ දුර ගමන් බස් වලට මිනිස්සු නගින්නේ. කොටන්නේ නැතිව ගියානම් කිසි කරදරයක් නෑ කාටවත්. (අ)
"තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට. " පොලිසි ගියත් නෑ පිහිටක් අනේ අපට. (නදී)
ධනුෂ්ක ඔබ බස් රථයකට අවම වේග සීමාවක් දාන්න ඕන. ගන්දර මාතර බසුත් යන්නෙ පැ කිමී 10ක විතර වේගෙන්. මේව ගැන හොයන්න කවුරුවත් නෑ. (ස)
ඒ බස් විතරක් නෙමෙයි, මතුගම - කොළඹ, කලුතර - කොළඹ.... මම නම් නඟින්නේ නැහැ කවදාවත් (නි)
138. 100 කොටන් නෑ. මනෝ එවගේ ගිහින් නෑ. 135. 141. 154ට නැග්ගොත්නම් ඉතින් ඉවරයි තමා(දී)
කවුද මගේ නමින් අදහස් දාන්නේ? ඔව්, අලුත්ගම බස් නම් ටිකක් වේගයෙන් යනවා (නි)
සහතික ඇත්ත වෙලාවකට හිනාත් යනවා (දී)
ඉබ්බන්ව ගිරවුන්ගෙන් බේරාදෙන්න කියලාද මේ කියන්නේ? අපිට ඕනෑ හාවා (නදී)
කොට්ටේරුවෝ අපේ රුපියලටත් කොටනවා ඒ ගැනත් බැලුවනම් හොඳයි (දී)
මේවාට නීතිමය පියවර ගන්න ඕනේ (දී)
ඕක වනජීවී එකට අදාල ප්‍රශ්නයක්. (දී)