(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර රාහුල විද්‍යාලයීය අවතැන් කඳවුරට ලැබුණු පානීය ජල බෝතල් තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කඳවුර භාරව සිටි ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ගැන පරික්ෂණයක් පවත්වන බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
සිය යතුරුපැදිවල ගැට ගසා ගෙන ජල බෝතල් විස්සක් රැගෙන යන අවස්ථාවේ දී අවතැන්වුවන් විසින් මග රැක සිට එම ග්‍රාම නිලධාරීන් දෙදෙනා අල්ලා පහර දී පොලීසියට භාර දෙනු ලැබ ඇත.
අදාල අවතැන් කඳවුරේ සිටි පිරිසට රාත්‍රි 12.00 න් පසු පන්ති කාමර වලින් පිටතට පැමිණීම හා තැනින් තැන රැඳී සිටීම තහනම් කර තිබු බව ද කියති.
කෙසේ වෙතත් මේ පිළිබඳව දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති නිසා නිසි විමර්ශනයක් සිදු කර ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුරට ලැබී තිබු ආධාර තොගයක් එහි පන්ති කාමරවල ගබඩා කර තිබියදී ඒවායෙහි දොරවල් වල අගුළු කඩා එම සියලු ආධාර අවතැන්වුවන්ට බෙදා දීමට ඉරිදා(4) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ආධාරත් ගත්තු ලංකාවට මේකත් කජ්ජක්ද?
මේ ග්රාමසේවකවරු අඩුම තරමින් හොරකන් කරන්න හරි අවතැන් කඳවුරට අාපු එක හොඳයි. අනිත් ග්‍රාම සේවකලා ගිහිල්ල ඉන්න ඉහළ දැක්කාම....
සහනාධාර හොරකම ගැන මුලින්ම එළි කලේ සරත් සිල්වා හිටපු අග්‍රවිනිශ්චය කාරතුමා විසිනි. වතුර බෝතල් 20 ක් හොරකමක් කියන්න පුළුවන්ද ? ගෙදර අයට බොන්ඩ ගෙනියන්න ඇති....
හැමදේම නැතිවෙලා, අසරණවෙලා යන එන මගක් නැතිව තැවෙන අනාත කඳවුරුවල තවමත් දුක් විඳින මේ අසරණයින්ගේ වතුර බෝතලෙත් හොරකම් කරනකොට මේ රටට වෙලා තියෙන්නේ මොන සාපයක්ද කියලා හිතෙනවා අපිට....සුනාමියෙන් අසරණ වුණ අහිංසකයින්ගේ දේවලුත් කොල්ල කාපු මේ රටේ ඇතමුන් කවදා හරි මේවට වග උත්තර බඳින්න ඕනෙ කියලාවත් හිතුවාද?
දැන් නම් ආධාරත් ඇති වගේ... ගමේ තිබුණ සමගියත් නැති වෙනවා මේ ආධාර බෙදිල්ල නිසා.
මේ අනුවණ නිලධාරීන් වැඩක් ඇති දෙයක්වත් කරන්න දන්නේ නැහැ. දේශපාලකයෙක් ආශ්‍රය කරලා ඉගෙන ගන්න.
අනේ අපොයි!!! මේ ගම්භාර නිලධාරීන්ට මෙහෙම නිග්‍රහ කරන අය ප්‍රවේසම් වෙලා ඉන්න හොඳේ...
ඒ කාලේ රටේ හිටපු බලධාරිනුත් සුනාමි ආධාර මුදල් ගත්ත එකේ මේවා මොනවාද?
ගංවතුරෙන් අනාතවී, කඳවුරුවල රැඳී සිටින අසරණ ජනතාව ගසාකන මෙවැනි "ග්‍රාම සූකරයන්" මෙරටේ තව කොපමණ ඇද්ද ? මේ අය රජයේ සේවයෙන් හැකි ඉක්මනින් පන්නා දමා, මෙවැනි හොරකම් වලට අර අඳින අනිත් අයටත් අමතක නොවන අන්දමට, දැඩි දඬුවම් දිය යුතු වෙනවා !!!!!!