2015 ට පෙර ඵලදායිතා තරඟාවලිය සඳහා ඉදිරිපත් කිරීමට පවා බැරි තත්ත්වයක තිබු ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2016 විශේෂ කුසලතා සම්මානයක් දිනා ගත්තේ ය.
ඓතිහාසික හත්ථිකුච්ඡි විහාරය ද අයත් මෙම ලේකම් කාර්යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටියේ ය. ග්‍රාම නිලධාරීවසම් 35 කින් යුත් එහි වැඩි දෙනා ගොවියෝ ය.නියඟය,ගංවතුර,වල්අලි ව්‍යසන මෙන්ම වකුගඩු රෝගයද බහුලය.මෙවන් අපදා බහුල පෙදෙසක දිස්ත්‍රික්කයේ පහසුකම් ඇති කාර්යාල අභිබවමින් ලද ජයග්‍රහණය ගැන තමා සතුටු වන බව ආර්.එල්.ඩබ්.වීරකෝන් ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.
සම්මාන හා කුසලාන ප්‍රදානෝත්සවය වයඹ පළාත් සභා සංකීර්ණයේ දී අමරා පියසීලී වයඹ පළාත් අණ්ඩුකාරවරීය අතින් සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ම)
දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම ප්‍රා.ලේකම් කාර්යාලය ලබා ඇති ප්‍රගතිය සහ මෙම ජයග්‍රහණය ගැන හද පිරි සතුට පුද කරන්නෙමි. මහජනතාවට සේවය කිරීම ඔබගේ පරම යුතුකම වන්නේය. (බ)
මමත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්, නමුත් කුසලතා සම්මාන දිනුවට වැඩ නම් අන්තිමයි. උදාහරණයකට විශ්‍රාමිකයන්ගේ අංශය තියෙන්නේ උඩතට්ටුවේ ය කොහොමද උඩට නගින්නේ, විශ්‍රාමිකයෝ කියන්නේ තරුණ අය නෙවෙයි, අඩුම තරමේ විශ්‍රාමික අංශය පහළ තට්ටුවේ බිම් මහලේ හෝ පිහිටුවන්න් මෙම පරිපාලනයට සාමාන්‍ය දැනිමක් නැහැ.කුසලත සම්මාන තේරුවේ මොන නිර්ණයක් මතද දන්නේ නැහැ. (බ)