ග්‍රීන්ලන්තයේ බටහිර දිග වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුට්ටියක් පාවී ඒම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.
යම් හෙයකින් අයිස් කුට්ටිය පුපුරා ගියහොත් මුහුදු රළ ඉහලගොස් නිවාස යටවීමේ අවදානමක් ඇති බව බලධාරීහු පවසති.
මාධ්‍ය වාර්තා කර ඇතිතේ රාත්‍රිය පුරාම අයිස් කන්ද නොසෙල්වී පැවතුන බවයි. මෙවැනි විශාල අයිස් කන්දක් මින් පෙර දැක නැතැයි ද බලධාරීන් පවසා ඇත.
අයිස් කන්දේ පැලුම් සහ විවර දක්නට ලැබෙන හෙයින් එය ඕනැම අවස්ථාවක පුපුරා යෑමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ පවසති.
පසුගිය වසරේ සිදුවූ භූමිකමපාවක් හේතුවෙන් මුහුදු රළ ක්ෂණිකව ඉහල යෑම නිසා මෙම ප්‍රදේශයේ හතර දෙනකු මියගොස් ඇත.ඉන්ධන ටැංකි සහ බලශක්ති මධ්‍යස්ථානය ද වෙරළ ආසන්නයේ පිහිටා ඇති බව පැවසේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් මෙසේ අයිස් කුට්ටි කැඩී පාවීම සිදුවනබව පර්ේය්ෂකයෝ පවසති.

(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අරාබියට හැකි ඉක්මනින් ගෙනියනවානම් ...ආයේ කඩ කඩා ඉන්ට ඕන නැහැ.....