ග්‍රෑන්ඩ්පාස් ඇන්ඩෘවත්තේ පදිංචිකරුවන් දෙදෙනකු අද (29) රාත්‍රී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් ආ දෙදනකු මේ වෙඩි තැබීම කර ඇති බවත්, බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය පවසයි.
ග්‍රෑන්ඩ්පාස් ඇන්ඩෘවත්තේ පදිංචිකරුවන් දෙදෙනකු අද (29) රාත්‍රී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් ආ දෙදනකු මේ වෙඩි තැබීම කර ඇති බවත්, බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවෙත් මේ වගේ වෙඩි තැබීම් සිද්ධ වෙනවා. නමුත් වෙඩි කෑ කෙනා නොමැරී බේරුනොත් ඔහු තමන්ට වෙඩි තැබූ තැනැත්තා දැන සිටියත්, ඔහු පිලිබඳව පොලිසියට කීම ප්‍රතික්ෂේප කරනවා.ඊට පස්සේ සිදු වෙන්නේ තුවාල කරු සුවවූ පසු, කලින් වෙඩි තැබූ තැනැත්තා කාගේ හෝ වෙඩි පාරකින් මරුමුවට පත් වීමයි. මෙසේ සිදුවන්නේ පාතාල කල්ලි අතර ඇති බල අරගලය නිසයි. මේ පාතාල කල්ලි පොලිසියට සහය නොදෙන්නේ ඔවුන්ගේ පළිගැනීමේ චේතනාව සහ ඔවුන්ගේ මතු ආරක්ෂාව සඳහායි. (ස)
මරණ එකේ අඩුවක් පේන්න නැහැ (දී)
මේ අපරාධ කල්ලි වල සාපරාධි ක්‍රියා නවත්තන්නේ කවදාද (දී)
පාරේ බැහැල යන්නත් බයයිනෙ වැරදිලා ඔය මුනිස්ස්මක් වැදුනොත් කොහොමද (දී)
ඔනකෙනෙක් මරා ගන්න අහිංසක මිනිස්සු බේරලා ! (දී)
හෙළ දෙරණේ නිමක් නැති ඝාතන.. (දී)
මේ සාමාන්‍ය මිනිස්සු අතට ආයුධ ආවේ කොහොමද (දී)
ඉස්සර මේවා අපි ඇහුවේ කියව්වේ කතා පොත්වලින්. අපි ඒවා කියෙව්වේ අප්පච්චිලට හොරෙන් හංගාගෙන. එත් අද අපේ දරුවන්ට මේවා සජීවී ලෙසින් අහන්න දකින්න ලැබෙන්නේ හංගලා නොවෙයි. මේක කාගේ කරුමෙද (දී)
අවි ගත්තෝ අවියෙන්ම නහි. (දී)
නුගත්තු බිහිවෙද්දි අපරාද රැල්ලත් ඉබේම පැතිරෙනවා හරි ඉක්මනින්ම.තම දෙමාපිය සහෝදර සහෝදරියන් අදුනන්නේ නැති කාලයක් මේක.(දී)
මරනවා කියන්නේ පුදුම මැරිල්ලක් නේ මරන්නේ (දී)
අර කවුද ලියල තිබුන අපට බයක් නැතුව පාරේ බැහැල යන්න නිදහස ලබා දුන්න ජනාධිපතිට පින් සිද්ද වෙන්න ඕනේ කියලා. ඒ අනුව වැඩේ නියමෙට ම යනවා. (නදී)
ඉසුරන්දි, "නූගත්කම රජවෙද්දී" කියල තමයි මට හිතෙන්නේ.(දිල්)
සඳුන්, ඉසුරන්දි, නුගත්කම පෑමක් නෙවේ, නීතිය අනිතිය වෙද්දී, තව ඉස්සරහට බලා ගත හැකි. (දී)