‘මා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වී යාපනයට එන තුරු බලා සිටි තම ගුරුවරයාගේ වියෝව මට දරා ගන්න බැහැ.‘ යි යාපනය මහාධිකරණ විනිසුරු ඊ ඉලංගචේලියන් මහතා හැඬූ කඳුලෙන් පැවසීය.
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයයේ විශ්‍රාමික ගුරුවරයකු වූ ජීවනාදම් මහතාගේ අවමගුලට සහභාගී වෙමිනි.
‘1974 දී මා කථික තරගයකින් ජාතික මට්ටේමේ ප්‍රථමස්ථානය ලැබූ අවස්ථාවේ මට හොඳ අනාගතයක් ඇති බව ඔහු කිව්වා.
සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු මට නීතිය පැත්තෙන් යන්නැයි උපදෙස් දුන්නා. මා නීතීඥයකු වුණාට පසු විනිසුරුවරයෙක් ලෙස දකින්න කැමතියි කිව්වා. වව්නියාව විනිසුරුවරයකු ලෙස සිටිය දී යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පැමිණෙන තුරු බලා සිටින බව කිව්වා.
පසුගිය වසරේ එසේ යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වී වැඩ භාරගත් පසු මා ඔහුගෙන් ආශිර්වාද ලබා ගත්තා. මා දෙවියකු මෙන් ගරු කරන මාගේ ආදරණීය ගුරුවරයා මට කිව්වා මා බලාපොරොත්තු වූ පරිදි ඔබ නීති ක්ෂේත්‍රයේ ඉහළටම ආවා. නමුත් ඔබ ඊළඟට තබන අඩිය මගේ දෑසින් දැක බලා ගන්න මා පිංකර නැහැයි කිව්වා. මා එවිට ජීවත්ව සිටින්නේ නෑ කියා මගේ ගුරුතුමා මට කිව්වා. එවන් උත්තමයකුගේ වියෝව මට දරා ගන්න බැහැ.‘ යැයි විනිසුරුවරයා හඬමින් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අවංක සිසුවෙක් නම්. විග්නේස්වරම් වගේ වෙන්න එපා. (බ)
ගුරු ගීතය මතක් වුණා. - ඔබ සහ ඔබේ ආදර්ශමත් ගුරුතුමා සුවඳැති පුෂ්පයන්වේ (බ)
රටට උවමනා ඔබ වැනි නිහතමානී වැදගත් හදවත් ඇත්තන්. (ර)
මේ හැගුම්බර කතාවෙන් අපේ ජීවිතයට ගතහැකි දේ බොහොමයකි. හදවතට අවංකව වැඩ කිරීම අපට අද අවශ්‍ය වෙලාම තියෙන දෙයක්. (බ)
ප්‍රභාකරන්ට මෙවැනි ගුරුවරයෙක් ලැබුණානම් ඔහුත් අද ලංකාවේ වැදගත් පුද්ගලයෙක්. (බ)
මේ ගුරුතුමා බැරි වෙලාවත් යම්කිසි වරදකට හසු වී විත්තිකරුවෙකු වශයෙන් යාපනයේ උසාවියට අවොත් විනිසුරුතුමා මොනවා කරයිද...? (කෞ)
ඔබ මෙය රටටම දැනගැනීමට අවස්තාවක් දීමම ඒ ගුරුවරයාට පින් ලැබෙන මහා වටිනා දෙයක්. ඔබත් හොද පුද්ගලකු වීම ගුරුවරයාට කරන ගෞරවයකි. (කෞ)
උසස් ගුරුවරයෙක් හා නීතිගරුක සිසුවෙක් (බ)
වසන්ත, හොද තර්කයක් වුනත් අවස්ථාවට අනුව මෝඩ කතාවක් වෙන්න පුළුවන්. මෙතෙක් ඒ ගුරුතුමා එහෙම හසුවී විත්තිකරුවෙකු වශයෙන් යාපනයේ උසාවියට ඇවිත් නැහැ. දැන් ගුරුතුමා පරලෝසැපත් වෙලා නිසා ආයේ එන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ ප්‍රශ්නයේ වලංගු බවක් නැහැ. (කෞ)
ජීවිත ගොඩනඟන්නේ ගුරුවරයාය. මේ ගුරුතුමාට නිවන් සුව අත්වේවායි මගේ ආගම අනුව පතමි. ගුරුවරයා සිහිකරන්න තරම් නිහතමානී වූ විනිසුරුතුමාට දිගාසිරි පතමි (නි)
ඇත්තටම අගය කළයුතු මහත්මා ගති ඇත්තෙක්. ඔබ වැනි අය අද වැනි කාලයක දකින්න ලැබීමත් වාසනාවක්. අලුත් පරපුරට ආදර්ශයක්. (නි)
වසන්ත, ලිපිය හොඳට කියවල බැලුවනම් වලංගු නැති ප්‍රශ්නය අහන්න වෙන්නේ නැහැ. ඒ වගේ අවස්තාවක් ආවනම් සංවේදී ගුණගරුක විනිසුරු වරයෙක් ඒමේ නඩුව විනිශ්චය කිරීමෙන්න් අයින් වෙනවා. (කෞ)
දුර දුටු ගුරු පියෙක්. ඉතාම සංවේදී සිතක් ඇති විනිසුරුවරයෙක්. (නි)
ඉතාමත් සංවේදී පුවතක්. (නි)
මම අදහස් කලේ තම ගුරුතුමා වෙනුවෙන් මෙපමණ සංවේදී වීම හෙලා දැකීමක් ලෙස නෙවෙයි. එහෙමෙ උනා නම් මේ විනිසුරුතුමා මොන වගේ තීරනයක් ගනීද කියන තර්කයයි. ඇරත් සංවේදී ගුණගරුක නීතී පද්ධතියක් අපේ රටේ තියෙනවා කියලා ඔයාලා හිතනවද ? (කෞ)
ගුරුතුමාට නිවන් සුව පතනවා. ඒ වගේම විනිසුරු තුමාටත් දිගාසිරි පතනවා. නිල්මිණි සහ ගමගේ පලකල අදහස්වලටත් තුති පුදනවා. (කෞ)
ආදර්ශමත් පුවතක්. ගුරුවරයකු වශයෙන් තම සිසුවකුගේ අනාගතය ඔහු දැක තිබෙනවා. (නි)
මටත් ගොඩක් දුකහිතුණා (නි)
විනිසුරුතුමෙක් වුවද සංවේදීවීම ගැන ආඩම්බරයි (නි)
උගත් විනිසුරුතුමෙක් තම ගුරු පියා කල , කී, දැ මතක් වී කදුළු සලනවිට , තවත් කෙනෙක් තම දරුවට උපදෙස් දුන්නෙයි කියා ගුරු මව දණ ගස්වා තලනවිට, උගතෙකුගේ සහ නුගතෙකුගේ ඇති වෙනස දකී. සංවේදී සිතක් ඇති විනිසුරු තුමනි ඔබට ජය පතමි. (කෞ)