ලංකා  ගුරු  සංගමයේ  නියෝජිත වාර්ෂික මහා  සම්මේලනය මන්නාරම අල් - අස්වර් මහා විද්‍යාලයේ දී  පැවැත්විණි.

කලින්  සිටි  සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු  සහ හිටපු  ලේකම් ජොසප්  ස්ටාලීන්  නැවත එම තනතුරු  වලට පත් වු අතර  භාණ්ඩාගාරික ධුරය පමණක්  මෙවර  වෙනස්  විය. ආර්.එම්  ගුණරත්න භාණ්ඩාගාරික තනතුරට  පත්විය.

මෙවර  සම්මේලනයේදී  ඉදිරි  වසර  සඳහා  ක්‍රියාත්මක කළ යුතු යෝජනා  ගණන සංඛ්‍යාත්මකව අසුකට  ආසන්න වේ. ඒ අතරින්  දැනට  රජය ක්‍රියාත්මක කරවීමට  බලාපොරොත්තු වන අධ්‍යාපනයට  රජයේ  වියදම්  කරන ප්‍රමාණය වු  6 % ප්‍රමාණය බල ගැන්වීම ප්‍රධාන කටයුත්ත සේම මුදල්  එකතු  කිරිමේ  චක්‍රලේඛය අහෝසී  කීරිම අතුරු  වැටුප්  යෝජනාව වර්තමානයට  ගැළපෙන ලෙස සකස්  කිරිම, ගුරු  සහ විදුහල්පති සේවයේ  වැටුප්  විෂමතාවය ඉවත්  කිරිම, දැනට ගුරුවරුන්ට  ගෙවනු  ලබන විවි‍්ධ දීමනා  මුලික වැටුපට  එකතු කිරිම මේ අතර ප්‍රධාන තැන ගනී.

ඒ  අතරට  ගුරු  සේවය හුදෙක්ම රාජකාරියට  පමණක්  සීමා නොකොට  අයිතිවාසිකම්  ඉල්ලීම් වලින්  ඔබ්බට  ගොස් සමස්ත අධ්‍යාපන පද්ධතියම දරුවන්ගේ  යහපත උදෙසා  කටයුතු  කිරිමට  ගුරුවරුන්  පෙළ ගැන්වීම සඳහා  කිසියම්  මානුෂිය පියවර  ගැනීමට ද  මෙම   සම්මේලනයේදී බොහෝ දෙනාගේ  කතිකාවට  ලක් වු  ප්‍රධාන කරුණක්  බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  එසැණට  පැවසුවේය.