
(අංජුල මහික වීරරත්න)
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක නා හිමියන් අද(27) බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඔවුන් දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
මෙම අර්බුදය සමස්ත ගුරු සේවයේම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැලලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.
එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් වල පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයා තමුන්ගෙම වල කපා ගන්නවා, උඩින් දම් තියෙන යටින් රතු තියෙන පක්ෂයක් බලයට ආවොත් ආගමත් ඉවරයි
ප්‍රශ්න නොවිසඳා, වෙට්ටු දැම්මොත් කන්නේ අම්බානක. උඹේ දේශපාලුවන්ට දෙන්න සල්ලි කෝටි 167ක් වෙන්කර ගත්තා. තමුන්ගේ දාඩිය, මහන්සි යෙන්, දැනුමෙන් හම්බ කරන උන්ට හරියට වේතනය දෙන්න බෑ. ඔය කහකඩයෝ පිරිත් නූල් බඳින විතරයි දනා, ගහපිය මූට මළ පහ යන්න
මෙය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීම ඉතා වැදගත් . ළමයින්ගේ අනාගතය සදහා.
ඔයා පුළුවන් නම් ගුරු සේවය අතවශ්‍ය කරලා බලන්නකෝ, එහෙම කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද බලන්න, වැඩ බැරි පින් ජනපතිගේ මෝඩ උද්දච්ච සිතුවිලි.
1971 කාලයේ පාසල් කාර්යාල ගිනිබත් කරමින් අධ්‍යාපනය අඩාල කිරීමට මුල් කාලයේ ජෙප්පො කටයුතු කලා .උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක මහා විද්‍යාලය පෙන්වා දෙන්න පුළුවන්. දැන් නම වෙනස්කර මාලිමාව නමින් ඉන්නෙත් 1971 පාසල් ගිනිතබා විනාශ කල පිරිසේ අයම තමයි. උන්දැලා කොහොමත් දරුවන්ට අධ්‍යාපනය දෙනවාට කෙසේවත් කැමති නැහැ. ගුරුවරු වර්ජනය කරනවා කියලා ගෙවල්වල ඉදගෙන පුද්ගලික කටයුතු කරනවා කියලා ආරංචියක් ලැබුනා එක් ගුරුවරයෙක් පතලක මැණික් ගැරීමට ගියා කියලා කතාවකුත් අහන්න ලැබුනා
ලෝකෙන්ම ගුරුවරුන්ට අඩුවෙන්ම වැටුප් ගෙවන රට ලංකාව
ඡන්දෙන් පරද්දලා ගෙදර යවපු කෙනෙක් ගෙනැල්ලා රටට කරපු විනාශයේ සාපයෙන් පොහොට්ටුවන්ට ගැලවෙන්න බෑ....
පොඩි ප්‍රශ්නයක්. පන්තිවල බලෙන් උගන්වන්න පුළුවන්ද?
කැම්පස් වහලා තිබුණාට කමක් නැතිද?
රටේ වැඩ වර්ජන කියන්නේ අතීසාරය වගේ... ඉවරයක්ම නෑ. වෘත්තිය සමිති අටවාගෙන කරන්නේම ඕක නේ. ඒවාට නම් තදින් සිටිය යුතුයි... ඊළඟට එන ජනාධිපතිවරයාටත් ආදර්ශයක් වෙන්නත් එක්කම..
ගොබ්බ කතාවක්. ගුරුවරුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඉස්සෙල්ලා.!
දෙමව්පියන් විදියට අපේ සහාය ඒ තීරණයට...!
ජෝසප් ස්ටාලින් හිරේ දාපියව්... මෙයා සුද්දන්ගේ පස්සේ යන ආගමික අන්තවාදියෙක්...
මෙයා හාමුදුරුවෝ හම්බවෙන්න ගියෙ හෙලිකොප්ටර් එකේද? මෙයා කාර්යාලයයට යද්දි වාහන පනහක් එක්ක ඇම්බ්යුලන්ස් එකකුත් ගියාට ටොයිලට් එකක්වත් නැති ඉස්කෝල කීයක් තියෙනවද? හෙංචයියන්ට බිලියන ගණන් කපපු ණය වලින් ගුරුවරුන්ගෙ පඩි ගෙවන්න තිබ්බා
මොණරවිල විදුහල්පතිවරුනි , ගුරු මෑනිවරුනි, පියවරුනි, ඉවසන්න. තව පෝය කීපයයිනේ. ජාජබ රජයක් මග. ඔවුන් මේ මොහොතේ ඔබ උසි ගැන්නුවාට ඔවුන්ගේ රජයක් යටතේ ඔබගේ පඩි ශ්‍රී ලංකා මහා බැංකුවේ කාකාසවරුන්ගේ තත්වයට වත් ගෙනෙනු ඇත. කොවිඩ් කාලයේ ද වර්ජන කරමින් රට අරාජික කිරීමටත් අවසානයේ ඒකාධිපති ගෝටා පන්නා දමා රනිල් බලයට ගෙනෙන්නට ඔබ ජාජබෙට දුන් ශක්තිය ඔවුන් අමතක නොකරනු ඇත.
ජෝෂප් ස්ටාලින් නොපෙනෙන දෙවියන් පස්සේ යන මිථ්‍යා දෘෂ්ඨිකයෙක්... මෙයා සිංහල ළමයින්ගේ පමණක් අධ්‍යාපනය කඩාකප්පල් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව ගැඹුරින් හිතන්න.
සියලුම යූනියන් තහනම් කල යුතුයි
පිනා ඔයා ගෙදර ගියානම් මේ සේරම ඉවරයිනේ ?පස්සේ ඕන නම් චන්දෙකින් දිනලා එන්න
මුඩුමයා කටට එන කතා ඔක්කොම කියලා