
(ආරියරත්න රණබාහූ)
තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.
උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වෙන බව පැවසූ දිසානායක මහතා දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා ඉල්ලා සිටින බව කීය.
ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බවද ඔහු සඳහන් කළේය.
දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවද ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවද හෙතෙම කීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ පැවති ගුරු සමුළුව අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ජයවේවා.. අඅනුර කුමාර ජනාධිපති වී අපට හොඳ කලදසාවක් එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ...
වැඩ කරමු, පෙල ගැහෙමු, දූෂිතයින් පන්නා රටට හිතෛෂී පාලනයක් ඇති කරමු...
ඔව් ඔව්. වැඩ වර්ජන නැති තැන. මොකද ස්ටාලින් ගොයියා යාලුවනේ...
දෙමළෙන් පිරිස අමතන්න බැරි අය දෙමළ භාෂාවට තැන දෙනවා කියන්නේ ඡන්දේ ගන්න විතරක් වෙන්න බැරිද?
ජයවේවා...!
පොදුවේ ගත්තොත් ගුරුවරුන්ට ලැබෙන වැටුප මදි. සියලුම රජයේ රැකියා කරන මිනිස්සුන්ගේ වැටුප මදි. ඒත් සියලුම රජයේ සේවකයින්ට ආණ්ඩුවෙන් රු.10000ක් පඩිය වැඩි කළා. ඒ කරලා ගත වුණේ මාස කීයද? ආයිත් පඩි වැඩි කරන්න ආණ්ඩුවකට වුණත් සල්ලි තිබේද? මේ දවස්වල ගුරුවරු පාරට බස්සවලා අවස්තාවාදී දේශපාලනයක් මේ මිනිස්සු කරන්නේ මේ.. මේ රටට ඒ වෘත්තීය සමිති කියන්නේ මහා පිලිලයක් මේ රටට. මේවා පිටිපස්සේ හැමදාම හිටියේ මේ අපතයින් ටික. ලෝකය වටේට අනුන්ට බැන බැන යනවා. අඩුම ගානේ පොදු වැසිකිලියක් හදලා තිබේද මොවුන්...?
ටියුෂන් අධ්‍යාපනය නිකං ටෙලිනාට්‍ය කලාවක් බවට පත්වෙලා ඉවරයි. ටියුෂන් ගුරා ඔහුගේ ප්‍රවීණත්වය පෙන්නන්නේ හැඩයට පීරූ කොණ්ඩයෙන් සහ තමා පදිනවා යැයි පෙන්වන්න හදන අති සුඛෝපභෝගී වාහනෙන්. පංතියේ ඉගැන්වීමද අළුත් කළාවක් සේ කරමින් ජෝකර් කෙනෙක් බවට පත්වේ. මුළු අධ්‍යාපන ක්රමයම වෙනසකට ලක්කළ යුතුව ඇත....
ජෙප්පන්ගේ කීම අහලා අතන මෙතන වැඩවර්ජන කරමින් දඟලන අය නියම පාඩමක් ඉගෙන ගන්නේ.. වැරැදිලා හරි ජෙප්පෝ දිනුවොත් තමයි... මොකද ඔය කියන වැටුප් වැඩිවීම් දෙන්නයි බදු අඩුකරන්නැයි යනාදී මෙකි නොකී සුරංගනා කතා විපක්ෂයේ ඉන්නකොට කිව්වාට මහපොළවේ යථාර්තයක් නොවන නිසා...
දැන් අනිත් අය දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කරන්න ඉඩ දෙන්නේ නැහැලුද? සිංහල ජනතාව තරම් ලේසියෙන් දෙමළ ජනතාව රවටන්නට ජවිපෙට නොහැකි බවත්, දෙමළ ජනතාව වැඩ වර්ජන නමැති නීච ක්‍රමවේදයට ඈඳා ගන්නට බැරි බවත් අනුර කු. දිසානායක අවබෝධ කරගත යුතුයි.
ඒ 10 දැන්මම කියනවාද?
ඔව් ඔව් දැනටමත් මහපාරේ නිසි තැන දීලාද තට්ට ස්ටාලිනයත් එක්ක, නැතිනම් ගුරුවරුන්ට ඔයා සුළු පෝය ගණනකින් ජනාධිපති වෙලා ඇවිත් ප්‍රශ්න විසඳනවා කිව්වාට එයාලා ඔයාලාගේ වචන විශ්වාස කරන්නැති එකද? මට නම් හිතෙන්නේ ඔය දෙකම...
එයාලගේ නියම තැන මහපාර තමයි හැමදාම
ගුරු හොරු කිසිම දේකින් සෑහීමකට පත් නොවන අය. ගුරුකම සේවයක් කියලා සලකපු කාලයක් තිබුනා. අද නම් බිස්නස් එකක් ගාණට වැටිලා.
ජාතික ජනබලවේගයට ජයවේවා..!!!
අනුර මහත්තයා ආවම ඔය අයගේ වැටුප ලක්ෂයක් කරනවලු. ඊට පස්සේ හැමෝටම සොමියේ ඉන්ට පුළුවන්.
කවුරුත් මේ කියන කතා බොරුයි කියන්නේ නැහැ. වටේ ගිහින් මොනවා හරි කියනවා. වෘත්තිය සටන් ඉතිහාසයේ හැමදාම තිබුණා. ටියුෂන් වසංගතය වැළැක්විය හැක්කේ දෙමාපියන්ට පමණයි. රජයට සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් එය කළ හැකිය. ජාතික ජනබලවේගයට ජයවේවා..!