අඟහරුවාදා (29) උදේ 9.00 සිට 11.00 දක්වා පාසල් ළමයින්ගේ අධ්‍යාපන වැඩට බාධා වෙන පරිදි කොට්ඨාව ධර්මපාල විද්‍යාලයයේ ගුරු රැස්වීමක් කැඳවීයැයි කියන සිද්ධියක් ගැන හා ගුරු රැස්වීම ඇමතීමට පිටස්තරයන් ගෙන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.
මෙම ගුරු රැස්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය ද සහභාගී වූවාය.
ආදි ශිෂ්‍ය සංගමයේ පිරිසක් ද ගුරු රැස්වීම අමතා ඇති බවත්, ඒ අතර අපචාර චෝදනා මත නඩුවක් විභාග වන පුද්ගලයකු ද සිටින බවත් පිරිසක් චෝදනා කරති.
පාසල් වේලාවේ ගුරු රැස්වීමක් කැඳවීම හා ගුරු රැස්වීම ඇමතීමට පිටස්තරයන්ට ඉඩ දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස පාසලේ තවත් පිරිසක් කියති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ධර්මපාල විදුහල්පති සී බී කොඩිකාර මහතා කීවේ පාසල් ගුරුවරයකු මාධ්‍යයකට විස්තර දුන්නැයි කියන සිද්ධියක් ගැන සාකච්ඡා කිරීමට ගුරු රැස්වීම කැඳවූ බවයි. ඊට ආදි ශිෂ්‍ය සංගමයේ කිහිප දෙනකු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහභාගී වූ බව ද විදුහල්පති කීවේය. අපචාර චෝදනා ඇති පුද්ගලයන්ට සභාව ඇමතීමට දුන්නාදැයි ඇසූ විට විදුහල්පති කීවේ එවැනි චෝදනා අදාළ නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, මේ බල්ලන් බැඳ දැමීමට කාලයි. අපචාර කාරයෝ ගැනත් ගුරුවරුන්ට ගහන ප්‍රින්සිපල්ලා එලවන්නේ නැතිව මොන අධ්‍යාපන ප්‍රතිසංස්කරණද (බ)
මේ වගේ විදුහල්පති කෙනෙක් සහ ගුරුවරු ඉන්න ඉස්කෝලවලට දෙයියන්ගේම පිහිටයි (බ)
ඊලග රැස්වීමට දෙමව්පියන්ටත් එන්න කියාවි නේද ගුරුවරු විවේචනය කරන්න අනේ අපොයි අපුරුවට තිබුණු පාසලකට ගිය කල (කෞ)
සිසුන් නසන, මෙවන් දොඩන, හොරුන් පැමිණ, ගුරුන් නමින.... (නි)