2012 - 2014 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දෙවසරක පුහුණුව හා වසරක සීමාවාසික පුහුණුව කළ ඩිප්ලෝමාධාරීහු 2913 දෙනෙක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතින් අද (7) පත්වීම් ලදහ.
ඩිප්ලෝමාධාරින් පුරප්පාඩු පවතින ජාතික පාසල් 748 කට මෙන්ම පළාත් සභා පාසල් 2165 කට ස්ථානගත කරන බවත් ගුරු පත්වීම්, විදුහල්පති පත්වීම් දේශපාලනයට ලක් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කීවේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගුරු පත්වීමට පක්ෂ පාට නෑ‘
රසිකා Thursday, 07 May 2015 12:13 PM
අනිත් රැකියා වලටත් පක්ෂ පාට නැත්නම් තමයි හොඳ (නි)
සම්පත් Thursday, 07 May 2015 12:17 PM
පසුගිය රජය කාලයෙත් ගුරු පත්වීම් හා උපාධිධාරී බඳවා ගැනීම් වලට පාට පක්ෂ බලපු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ වගේම ග්‍රාම නිලධාරීන් හා කළමනාකරණ සහකාරවරුන් බඳවාගැනීම් වලදීත් පක්ෂ පාට තිබුණේ නැහැ. එම කටයුතු වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ රජයේ නිලධාරියෙක් වශයෙන් ඒ බව මා හොඳින්ම දන්නවා. ඒ තත්වය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස නව රජයෙන්ද ඉල්ලා සිටිනවා. (නි)
ප්‍රකාශ් Thursday, 07 May 2015 12:30 PM
මේ අරයා නේද?හෙන්චයියලාට පත්වීම් දෙන කට්ටියනේ.(බ)
සරත් Thursday, 07 May 2015 01:09 PM
කලින් රජයෙත් ගුරු පත්වීමට පක්ෂ පාට තිබුනේ නෑ අැමතිතුමනි. උපාධිධාරීන් 50,000 කට පක්ෂ පාට නැතිව ස්ථීර පත්වීම් ලැබුණා (බ)
ප්‍රනාන්දු Thursday, 07 May 2015 01:22 PM
මම මේ ලියන්නේ.....07.05 .2915. මගේ දුව යන්නේ නයිනමඩම රජයේ පාසලට.....අකිල විරාජ් කාරියවසම් ඇමැති තුමනි......ඊයේ දවසේ එම පාසලේ කිසිදු පාඩමක් කියා දී නැති අතර අද දිනද විෂයන් 3 ක් පමණක් උගන්වා ඇත (බ)
සන්ධ්‍යා Friday, 08 May 2015 03:37 AM
කාන්තා විද්‍යාලයකට පිරිමි ගුරුවරුන් යෙදවීම වලක්වන්නට කටයුතු කරනු මැනවි. (ත)
රෝහිත් Friday, 08 May 2015 04:25 AM
කලින් රජයෙන් පක්ෂ පාට නැතිව උපාධිධාරීන්ට පත්වීම් ලැබුණට මොකද සරත් මේ අපක්ෂපාති කියන එජාපෙ අයට පක්ෂ පාට විතරක් බලලා පත්වීම දීම ගැන තියෙන ට්‍රැක් රෙකෝඩ් එක කඩන්න පුළුවන් අය මේ රටේ විතරක් නෙවෙයි මේ තුන් ලෝකෙවත් නැතිව ඇති. (බ)
දීපිකා Saturday, 09 May 2015 01:57 PM
පත්වීම් වලට පහුගිය ආණ්ඩුවේ පක්ෂ පාට නොතිබුනාට මාරුවීම් වලට හුගාක් බලපෑම් තිබුනා.(හේ)
නුවන්ත Saturday, 09 May 2015 02:00 PM
මොනවා වුනත් ඉක්මනට ජොබ් එක ලැබුනනේ.(හේ)
අනුර Thursday, 07 May 2015 04:52 PM
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඇරඹුනේ ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 1978 කාලේ අධ්‍යාපන ඇමැති වෙලා ඉන්නකොට එතුමාගේ සංකල්පයක් අනුව අද එහි ප්‍රතිඵල කීදෙනෙක් බුක්ති විදිනවද ?(බ)
දුමින්ද Thursday, 07 May 2015 09:49 AM
සුදුස්සාට සුදුසු තැන ගුරු පත්වීම් වලට විතරද ? (ම)