2012 - 2014 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දෙවසරක පුහුණුව හා වසරක සීමාවාසික පුහුණුව කළ ඩිප්ලෝමාධාරීහු 2913 දෙනෙක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතින් අද (7) පත්වීම් ලදහ.
ඩිප්ලෝමාධාරින් පුරප්පාඩු පවතින ජාතික පාසල් 748 කට මෙන්ම පළාත් සභා පාසල් 2165 කට ස්ථානගත කරන බවත් ගුරු පත්වීම්, විදුහල්පති පත්වීම් දේශපාලනයට ලක් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කීවේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රැකියා වලටත් පක්ෂ පාට නැත්නම් තමයි හොඳ (නි)
පසුගිය රජය කාලයෙත් ගුරු පත්වීම් හා උපාධිධාරී බඳවා ගැනීම් වලට පාට පක්ෂ බලපු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ වගේම ග්‍රාම නිලධාරීන් හා කළමනාකරණ සහකාරවරුන් බඳවාගැනීම් වලදීත් පක්ෂ පාට තිබුණේ නැහැ. එම කටයුතු වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ රජයේ නිලධාරියෙක් වශයෙන් ඒ බව මා හොඳින්ම දන්නවා. ඒ තත්වය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස නව රජයෙන්ද ඉල්ලා සිටිනවා. (නි)
මේ අරයා නේද?හෙන්චයියලාට පත්වීම් දෙන කට්ටියනේ.(බ)
කලින් රජයෙත් ගුරු පත්වීමට පක්ෂ පාට තිබුනේ නෑ අැමතිතුමනි. උපාධිධාරීන් 50,000 කට පක්ෂ පාට නැතිව ස්ථීර පත්වීම් ලැබුණා (බ)
මම මේ ලියන්නේ.....07.05 .2915. මගේ දුව යන්නේ නයිනමඩම රජයේ පාසලට.....අකිල විරාජ් කාරියවසම් ඇමැති තුමනි......ඊයේ දවසේ එම පාසලේ කිසිදු පාඩමක් කියා දී නැති අතර අද දිනද විෂයන් 3 ක් පමණක් උගන්වා ඇත (බ)
කාන්තා විද්‍යාලයකට පිරිමි ගුරුවරුන් යෙදවීම වලක්වන්නට කටයුතු කරනු මැනවි. (ත)
කලින් රජයෙන් පක්ෂ පාට නැතිව උපාධිධාරීන්ට පත්වීම් ලැබුණට මොකද සරත් මේ අපක්ෂපාති කියන එජාපෙ අයට පක්ෂ පාට විතරක් බලලා පත්වීම දීම ගැන තියෙන ට්‍රැක් රෙකෝඩ් එක කඩන්න පුළුවන් අය මේ රටේ විතරක් නෙවෙයි මේ තුන් ලෝකෙවත් නැතිව ඇති. (බ)
පත්වීම් වලට පහුගිය ආණ්ඩුවේ පක්ෂ පාට නොතිබුනාට මාරුවීම් වලට හුගාක් බලපෑම් තිබුනා.(හේ)
මොනවා වුනත් ඉක්මනට ජොබ් එක ලැබුනනේ.(හේ)
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඇරඹුනේ ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 1978 කාලේ අධ්‍යාපන ඇමැති වෙලා ඉන්නකොට එතුමාගේ සංකල්පයක් අනුව අද එහි ප්‍රතිඵල කීදෙනෙක් බුක්ති විදිනවද ?(බ)
සුදුස්සාට සුදුසු තැන ගුරු පත්වීම් වලට විතරද ? (ම)