හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සංගීත ගුරුවරියට සංගීත කාමරය තුළදී ලිංගික අතවර කළැයි කියන එම පාසලේම ගුරුවරයකු පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
සංගීත ගුරුවරියගේ සැමියා ඇතුළු පිරිසක් තමාට පහරදුන් බවට ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම ගුරුවරයා මීට පෙර අවස්ථාවලදීද පාසලේ ගුරුවරියන්ට කරදර සිදුකළ බවට එම විදුහලේ විදුහල්පති පොලිසියට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසයි.
මෙම ගුරුවරයා මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගම්මන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කිව්වේ එතකොට මේ ගුරා කරුණාරත්න බෞද්ධ පාසලේද උගන්වන්නේ.(බ)
රාගධාරී සංගීත ගුරෙක් (අ)
සෘතිය අල්ලන හැටි කියන්න ඇති (අ)
සංගීත රාවෙන් මත් වුණාම මේ වගේ දේවල් වෙනව ඉතින්. (අ)
සංගීත ගුරුතුමියගේත් වරදක් ඇති. දැන් කාලේ ගුරුවරියන් අදින්නේ හැසිරෙන්නේ නිලියෝ විදිහට. අහිංසක ගුරුතුමා වන්දි ගෙවනවා (බ)
"මෙම ගුරුවරයා මීට පෙර අවස්ථාවලදීද පාසලේ ගුරුවරියන්ට කරදර සිදුකළ බවට එම විදුහලේ විදුහල්පති පොලිසියට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසයි" මේ විදුහල්පතිවයි අල්ලා කුඩුවට දාන්න ඕනේ. මේවගේ මලපෙරේතයො පාසැල් වල තියාගෙන ඉන්නවට. (බ)
සරිගම අල්ලන්න ගිහිල්ලා...(ම)
විපුල,කුමාර කරුණාරත්නගේ ආදර රත්නේ කියවලා නැහැ වගේ. (නි)
වල් ගුරෙක්නේ ! (බ)
මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ විදුහල්පති නිසානේ. මීට කලින් වරදක් කරලා තිබ්බනම් එම වෙලාවේ පොලීසියට දන්වල දඬුවම් කලා නම් මේක වෙන්නේ නැහැනේ. (ස)
දවසක් යාලුවෝ දෙන්නෙක් පාරේ යනකොට අලියෙක් සමග අැත්ගොව්වෙක් ඉදිරිය එනවලු, ඉතින් එක යාලුවෙක් ඇත්ගොව්වා ගෙන් ඇහුවලු මේ අලියා මට දෙනවාද කියල, ඇත්ගොව්වා හිනාවෙලා අලියත් අරන් යන්න ගියාලු, ඊට පස්සේ අර අනික් යාළුවා ඇහුවලු උඹට පිස්සුද බන් අලියව ඉල්ලුවේ කියල, එපාර අර කොල්ල කියනවලු, මට වැය උනේ වචනයක් විතරයි, හැබැයි ආවනම් අලියෙක් කියල, මට හිතෙන්නේ මේකත් මේ වගේ කියල, නැත්නම් සංගීත කාමරේ ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද ? මොකද අපි ගිය ඉස්කෝලවලත් සංගීත කාමර තිබුණනේ? (ස)
ස රි ග ම කන්නෙක් වගෙයි (නි)
විදුහල්පතිගේ වැරැද්ද. කලින් මෙවැනි සිදුවීම් වුණා නම් පළවන දිනයේදීම අදාළ බලධාරීන්ට දන්වා ගුරුකමින් අයින් නොකළේ ඇයි?පාසලක විනය රැකගැනීම සඳහා කඩිනම් දැඩි තීරණ දරුවන්ට යහපතකි. (නි)
මෙම ගුරුවරයා වහාම සේවයෙන් පහකළ යුතු නොවේද? (නි)
ඉන්දියාවේ මිනිසුන් එකතුවී මෙවැනි පුද්ගලයෙකුගේ ඇඟේ කොටසක් කපා දැමුහ. (ස)