අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ආකාරයට පරිහරණය කිරීම හා රුපියල් 5000 ට වැඩි වත්කම් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය එම සමිතියේ පාලක අතුරු කමිටුවට එරෙහිව අද (03) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය ලබන 15 වැනිදා තෙක් බලපැවැත්වේ.
මහඉලූප්පල්ලම පදිංචි ජේ.ඒ.රාජරත්න මහතා ඇතුළු පස්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමූපකාර කොමසාරිස්, අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ඇතුළු 10 දෙනෙකු නම් කරනු ලැබ තිබේ.
එම සමිතියේ අතුරු පාලක කමිටුව විසින් නීතියට පටහැනි ආකාරයට එහි අරමුදල් භාවිතා කරන බවත් ඉන් සමූපකාර සමිතියේ සාමාජිකත්වයට බරපතළ හානි සිදුව ඇති හෙයින් අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ආකාරයට පරිහරණය කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු ගෙදරට තහංචියක්