අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ආකාරයට පරිහරණය කිරීම හා රුපියල් 5000 ට වැඩි වත්කම් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය එම සමිතියේ පාලක අතුරු කමිටුවට එරෙහිව අද (03) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය ලබන 15 වැනිදා තෙක් බලපැවැත්වේ.
මහඉලූප්පල්ලම පදිංචි ජේ.ඒ.රාජරත්න මහතා ඇතුළු පස්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමූපකාර කොමසාරිස්, අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ඇතුළු 10 දෙනෙකු නම් කරනු ලැබ තිබේ.
එම සමිතියේ අතුරු පාලක කමිටුව විසින් නීතියට පටහැනි ආකාරයට එහි අරමුදල් භාවිතා කරන බවත් ඉන් සමූපකාර සමිතියේ සාමාජිකත්වයට බරපතළ හානි සිදුව ඇති හෙයින් අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ආකාරයට පරිහරණය කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd