දැඩි පෑවිල්ල නිසා පීදෙන ගොයම පිළිස්සීයාමෙන් ආරක්ෂා කරගැනීමට ගොවීහු කළ හැකි සියලුම දේ කරමින් සිටිති. කූඹුරු මැද අඩි අට දහය තරමේ වළවල් කපා ලබා ගන්නා ජලය පීදෙන ගොයමට ඉසිමින් එය රැක ගන්නට අසීරු උත්සාහයක යෙදෙන ගොවීහුද දැක ගත හැකිය.
මීරිගම සහ වේයන්ගොඩ අයත් වන්නේ වියලි කලාපයට නොවේ. එහෙත් මීරිගම උතුවම්බෝගහවත්ත සිට වේයන්ගොඩ වඳුරව දක්වා කිලෝ මීටර් හතරක පමණ දුරට පැතිරී ඇති කුඹුරු යායේ අක්කර 200 කට වැඩි ප්‍රමාණයක කුඹුරු යායේ ගොවීහු 300 ක් පමණ දෙනා මෙම තත්ත්වයට මුහුණ දී සිටිති.
මෙම කුඹුරු යායේ මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ ඉතිහාසයේ පළමු වතාවට බව ගොවීහු කියති. පීදුණු ගොයම රැක ගන්නට රුපියල් 4000 ක් බැගින් ගෙවා වතුර බවුසර හය හතක් ගෙනැවිත් දැමුව ද එම උත්සාහය අසාර්ථකවීම නිසා අතහැර දමා ඇත.
විශාල හානියක් සිදුව ඇතත් කිසිම වගකිවයුත්තකු මෙතෙක් මේ ගැන සොයා නොබැලූ බව ගොවීහු පැවසූහ. දැන් ගොවිතැන රැක ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බැවින් වගා හානිය බලා සුදුසු පියවරක් ගන්නා ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් දහදුක් විඳලා ගොයම රැකගන්නවා. මේ මිනිස්සුන්ගේ වී ටික කුණු කොල්ලෙට අරගෙන රටේ ලොකු ජාවාරම් කාර මෝල්ලු තුන්දෙනා ගොවියාට විතරක් නොවෙයි, පාරිභෝගිකයාටත් කෙලිනවා! මේ අහිංසක ගොවියන්වත් පාරිභෝගිකයන් වත් සූරාකන මෝල්ලුන්ගෙන් නිදහස් වීමට කාලය පැමිණ ඇත! (බ)
පාලකයෝ ධාර්මිකයි. කලට වැසි වසිනු ඇත. (බ)
මේවා දැක්කම නියගලා මල් කන්න හිතෙනවා. මෙදා අලුත් අවුරුද්දට රජරට අපිට බත් කන්න වෙන්නේ නැහැ. කන්න වෙන්නේ පිදුරු තමයි, කෘෂිකර්ම ඇමතිලා දෙන්නේක්ම හිටියත් මෙලෝ රහක් නැහැ.කතාව විතරයි ..(බ)
සෙන්සාන්.ඕන හිතන දේ ඉන්දියාවේ සිද්ධ වෙනවා. ඉන්දියන් ජාතිකයන් ගොවි තැන කරලා ඒ අස්වැන්න පිටරටවලටත් යවනවා.ඒ තුලින් විශාල විදේශ විනිමයක් ලබනවා.ගොවියට ගොවිතැනට අවශ්‍ය සියලුම දේ සපයනවා පමණක් නෙමෙයි රක්ෂනයකුත් නොමිලේ සපයනවා.අපේ රටේ ඇමති/මන්ත්‍රීලා 225 ක් ඉන්නවා.එ්ත් (බ)
තව විල්පත්තුව කපමු ඉන් පසු ක්‍රෝටන් කොළ කන්න යෝජනා කරමු (බ)
මුළු පරිසර පද්ධතියම විනාශවෙලා තියෙන්නේ. ඉතින් කොහොමද වර්ෂාව ලැබෙන්නේ? තියෙන ගස් ටිකත් කපාදාපල්ලා. (නි)
පවු දෙවියනේ මේ අහිංසක මිනිස්සු! (නි)
තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති කෙනාය (නි)
ගංවතුර අාවහම කිව්වා ජනතාවට පීඩාකරන ආණ්ඩුව නිසා සොබාදහමත් කම්පාවෙලා කියලා. දැන් කියන්න හදන්නේ අනිත් පැත්ත. මහින්දගේ කාලෙත් ගංවතුර නියඟ දෙකම තිබුනා. ඒවා ගැන කතා කරන්නවත් අපිට වෙලාවක් තිබුනේ නැහැ. අවදානය තිබුනේ යුද්ධය ගැන (නි)
ඇසළ කියන කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. අපේ ලංකාවට ඔයවගේ කලක් ගියේ ඔය නරුම ගස්කපන දේශපාලන හොරු නිසා. ඒ පාපකර්මයට මුලුමහත් ජනතාවට වන්දි ගෙවන්න සිදුවෙයි. සොබාදර්මය දඬුවම් කරයි. ඔහොම පායලා පායලා එකපාරටම වැහැලා මුලු රටම යටකරයි. දේශපාලකයෝ නම් පිටරටට පැනලා යයි. ලංකාවේ ජීවත්වෙන ඔබලා අන්ත අසරණ වෙනවා. රට ගැන දුකයි. සල්ලි ජිවිතේ ඉසරට දාලා. සල්ලි වලට හැමදෙයක්ම කරන්න පුලුවන් කියන අය ඉන්නවා. එහෙම හිතලා වැඩ කරන අයට සොබාදර්මය විසින් නිසි වෙලාවට දඬුවම් දෙයි. (නි)
ඇමතිවරු කීයක් හිටියත් ඔක්කොම එකයි. අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සමත් නැති බහුතරයකගෙන් මොනවා කරන්නද (නි)
මම මීරිගම. මීරිගම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සරුසාර පළාතක්. නමුත් කුමන හෝ අවාසනාවන්ත තත්වයක් උදාවෙලා තියනවා. දැන් තියෙන්නේ වියළි කලාපයේ ගොවීන් කරනවා වගේ පිරිත් සජ්ඣායනාවක් පවත්වලා දෙවියන්ට පින්දීලා ලොකු පින්කමක්වත් කරලා බලන්න. (නි)
අදහස් පළකරන සමහරු ගැන නම් කළකිරෙනවා. මේ වගේ දේශගුණයකදී වතුර කොහෙන් දෙන්නද? මේවට අපි මිනිසුන් විදිහට මුහුණ දෙන්න වෙනවා (නි)
වැඩිපුර ගොවියෝ කතිරය ගහපු කට්ටියම ආපු ගමන් පොහොර සහනාධාරයත් කැපුවා (නි)
වගාවන් විනාශ වෙනවා නම් කොස් කොළ, කෝප්ප කොළ වගේ දේවල් කන්න කියා එක්තරා ලොක්කෙක් රූපවාහිනියෙන් උපදෙස් දුන්නා නේද? (නි)
හැමදේම දේශපාලන කෝණයෙන් බලන්න තරම් ලදබොළඳ සමාජක්. මෙහෙම රටක් කවදානම් සංවර්ධනය කරා යන්නද? පොදු ප්‍රශ්නවලට විසදුම් සෙවිය හැක්කේ රටක් හැටියට ජාතියක් හැටියට මිස දේශපාලන පක්ෂ බේදයකට නොවේ. (නි)
අනුර ඉලංගකෝන්, මේ වගේ දේශගුණය තියෙනවා, එනවා කියලා අපි සූදානම් වෙන්න ඕනෑ. මේවාට ආණ්ඩුවට කෙලින්ම වගකියන්න ඕනෑ. කැලේ කපන්නට උදවු දෙන ආණ්ඩුව ගැන කවර කතාද? වහින කාලෙට කොපමණ වතුර ගොඩක් අහකට යනවාද? කිසිවකු ඒවා රැකගන්න අඩුමතරමේ යෝජනාවක් ගේන්නේ නැහැ (නි)
ඇමැතිවරු කීයක් හිටියත් ඔක්කොම එකයි. අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සමත් නැති බහුතරයකගෙන් මොනවා කරන්නද (නි)
ස්වභාවධර්මය කාටවත් වෙනස් කළනොහැකි බව ඇත්ත. නමුත් කුමක් හෝ නිශ්චිත ක්‍රියාදාමයක් තිබියයුතු බව පෙනෙනවා.ගොවියා ජීවත් කරවන සහ ගොවිකම ආරක්ෂා වෙන විදයට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් රජයකට තිබිය යුතුයි. ඇමතිවරු පමණක් ජීවත්කරවන ඔවුන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙලවල් පමණක් තිබිලා හරියන්නේ නැහැ (නි)
කෘෂිකර්ම ඇමතිලා කිව්වා මතකද වී නිෂ්පාදනය වැඩි නිසා වී වගාවෙන් ඉවත්වෙලා විකල්ප වගාවලට යොමු වෙන්න කියලා. හැබැයි මේ වෙනකොට රටේ හාල් හිඟයක්. දැන් මොකද දන්නෙ නැහැ කියන්නෙ (නි)
විල්පත්තු කැලා කපන්න දීලා,කඳුකරයේ ඇති වතුර ඇඳ ගත හැකි උස බිම් වල ඇති ගස් කපලා දාල ,ඒවායේ ගෙවල් හදන්න අවසර දීලා (ම)
රට කරන දේශපාලකයන්ගේ වාසනා මහිමය තමා (නි)
හද කම්පාවෙනවා මේවා දකිනකොට (නි)
බණ්ඩාර, දැනගෙන කඩේ යන්න. කැලේ කපන්න නීතියෙන් ඉඩදුන්නේ හිටපු ආණ්ඩුව. නොදන්නවා නම් දෑන්වත් දැනගන්න. අනවසර පදිංචියට පමණක් නෙවෙයි ඇමතියෝ හෝටල් හදන්නත් කැලෑ කපලා තියෙන්නේ පහුගිය කාලේ (නි)
කාට ඡන්දය දුන්නත් මේ දේවල් වලින් අන්තිමට මුළුමහත් රටවැසියන්ටම විඳවන්න වෙනවා (නි)
රුපියල් කෝටි ගණනක් වියදම් කරලා ලෝකයේ ලොකුම නත්තල් ගස හැදුවා මදිද?මේවා අපේ ඇස් දෙකින් දකිනකොට දුකයි, ලැජ්ජයි, ඇඩෙනවා. (නි)
කොළඹ බද්දට අරගෙන තිබෙන කෘෂිකර්ම ගොඩනැගිල්ලම රුපියල් කෝටි ගණනක්. හරියට සුපිරි හෝටලයක් වගේ. ලැජ්ජයි. (නි)
සමන්,ඇසළ, ඔබ දෙපළගේ අදහස් 100 % සත්‍යයි. (නි)
ඇමතියෝ කීදෙනෙක් ඉන්නවද එක එක ලේබල් ගහගත්ත.එකෙක් නෑ මේ අහිංසකයන්ගේ දුක බලන්න.(බ)
විල්පත්තුව තවත් කප පළල එතකොට වැස්ස කෙසේ වෙතත් වැහි නැති හෙන පාත්වෙයි රටටම. මුන්ට අවශ්‍ය රටම අරාබිය වගේ කාන්තාරයක් කරන්න. (බ)
වනාන්තර විනාශයට එරෙහිව කිසිම රජයකට නීත්‍යානුකූලව පියවර ගත නොහැකිවීම ඉතා කණගාටුදායකයි. මුළු රටටම එහි විපාක ලැබෙමින් පවතී. වන විනාශයද නොකඩවා සිදුවේ. මෙයට සම්පුර්ණ වගකීම සියලු දේශපාලන නායකයන් බාරගත යුතුයි. (නි)
මොකටද කරදර වෙන්නේ. යහපාලනය කියන විදියට ඔය ඕනෑතරම් ක්‍රෝටන්, කොස් කොළ තියෙන්නේ. (නි)
මහා මුහුදේ ගිළුනු තම පැටවා බේරා ගැනීමට කුරුළු මවක් තම පිහාටු වලින් මුහුද හිස් කිරීමට තැත් කළාක් මෙන් තම සියලු දේ කැපකර ඉදිරි වසරේ තම ආහාරය සදහා වන අස්වැන්න බේරා ගැනීමට වෙර දරන ගොවි මහතකුගේ උත්සාහය හරිම සංවේදී ජනකයි. මෙය කිසිසේත්ම පල සහිත ක්‍රියාවක් නොවේ. මේ රටේ පාලකයන් ජනතාවගේ මෙවන් දුක් කම් කටොලු නොදැක්ක සේ තමුන්ගේ සැප සම්පත් වෙනුවෙන් දුප්පත් ජනතාව සුරා කෑම කවදා නතර වේද.? (බ)