මාධ්‍යවේදීන්ට යතුරු පැදි ලබාගැනීමට ණයක් ලබාදීම සඳහා අද පැවැති ආරම්භක උත්සවය පෙරවරු 8.45ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පෙරවරු 10.45ටද මුදල් ඇමැති රවී කරුණානායක 11.20ට පමණ එහි අවුත් උත්සව සභාව ආරම්භ කළහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ගයන්ත චන්ද්‍රිකාගේ චරිතය රඟපායි : පෙ.ව.10.31
මාධ්‍යවේදීන් සඳහා යතුරු පැදි ලබාගැනීමට ණයක් ලබාදීම නිමිත්තෙන් එහි ආරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවිධානයෙන් අද (12) පෙරවරුවේ කොළඹ 7 ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් මේ මොහොත වනතුරුත් ප්‍රධාන ආරාධිතයන් කිසිවකු එහි පැමිණ නැතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති.
යතුරුපැදි ලබාගැනීමට පැමිණි පිරිසට දන්වා තිබුණේ අද පෙරවරු 9 ට එහි පැමිණ සිටින ලෙසයි. උත්සවය පෙරවරු 9.30ට ආරම්භ වන බව දන්වා තිබිණි. එහෙත් උත්සවය ආවරණය කරන මාධ්‍යවේදීන්හට කියා ඇත්තේ පෙරවරු 8.45ට පමණ පැමිණෙන ලෙසයි. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ හා මුදල් ඇමැති රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කිරීමට නියමිත වුවත් පැය දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිටින පිරිස ඇමැතිවරු ඇතුළු ආරාධිත පිරිස් බලාපොරොත්තුවෙන් සිටිති.
එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීහුද පැය ගණනක සිට එහි බලා සිටිති.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියද වෙලාවට වැඩ නොකළ කෙනකු බව එහි රස්තියාදු වෙමින් සිටි මාධ්‍යවේදියෝ කීහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - ජනත් ද සිල්වා
විඩියෝ - ගයාන් අමරසේකර












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදීන්ටත් තිබුණේ පරක්කු වෙනවා නම් නැගිටලා එන්නයි (නි)
විදේශිකයින් ගෙන්, විශේෂයෙන් පෙර-අපරදිග දියුණු රටවලින් අපට ආදර්ශයට ගතහැකි හොඳම දෙයක් තමයි, වෙලාවට වැඩ කිරීම.අපි ඒක කරන්නේ සිංහල අවුරුදු චාරිත්‍රවලදී පමණයි. විදේශිකයන්ගේ කැත සිරිත් නම් එහෙම පිටින්ම අපි අනුගමනය කරනවා.(හේ)
මේ මෝටර් සයිකල් වලින් මේ අයට දුන්න ලාභය කුමක්ද?(හේ)
මේ ආණ්ඩුවේ අයටත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඒ හැටි වෙලාවක් නැහැ වගේ. වාහන ගන්න, නිල නිවාස හදාගන්න වගේ වැඩ ගොඩක් ඒ අයට තියෙනවනේ. (නි)
එයාලා කවදාද හරි වෙලාවට ආවේ? (නි)
මදෑ ඒ වැඩේ එහෙමවත් කරන්න පුළුවන් වුණා. අනේ අම්මපා මෙහෙමත් දේශපාලකයෝ? (නි)
කොහොම හරි වැඩේ වුණානේ, ඒ ඇති කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති (නි)
වේලාවට වැඩක් කරන්න බැරුව මහජනයා රස්තියාදු කරන ඇමතිවරු මේ යහපාලන රජයේත් ඉන්න බව පේනවා (නි)
දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා කාල කළමනාකරණය ඉතා ඉහළින්ම ක්‍රියාවේ යොදවපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. පාන්දර 4.00 ට අවදි වීම එතුමාගේ පුරුද්දක් කරගෙන තිබුනා. ලංකාවේ වෙලාවට වැඩකිරීම නම් මෙලෝ රහක් නැහැ. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මේ අතින් ඉහළ අගයක් ගන්නවා. (නි)
කලින් හිටපු කට්ටිය ලැප්ටොප් දෙනකොට කිව්වේ මාධ්‍ය සදාචාරය කෙළෙසනවා කියලා. දැන් බයිසිකල් බෙදනවා. බලනකොට ඔක්කොම එක බෝට්ටුවේද කියලා හිතෙනවා. මේකට උත්සව නැතුව දුන්නා නම් වටිනවා. එ්ත් කිසිම දේශපාලකයෙක් තමන්ට ලකුණු දාගන්න එක අත්හරින්නේ නැහැ. මේක ඉතින් ලංකාවනේ. (නි)
ලෝකයේ කිසිම රටක් මුදල් නොමැති කෙනෙකුට "ණයක්" වැනි දෙයක් ලබාදීමට උත්සව පවත්වන්නේ නැහැ. ලංකාව සදාකාලිකවම තුන්වන ලෝකයේ ඉන්නේ මේ වගේ වැඩ නිසයි (නි)
කොහොමහරි කමක් නැහැ, වැඩේ කළානේ (නි)
වැඩ කරන වේලාවෙන් භාගයකටත් වඩා වැඩියෙන් නිකන් සිටීම සහ කාලය නිකරුනේ කා දැමීම අපේ රටේ වැඩි පිරිසකගේ ජාතික ලක්ෂණයක් වෙලානේ තියෙන්නේ. !(අ)
අපේ මිනිස්සු මොනදේකත් අඩුපාඩුවක් විතරයි බලන්නේ. මේ කරන දේ හොඳ දෙයක් නේද? මහින්ද මහත්තයත් මේ විදියට යතුරුපැදි ලබාදුන්නා. අඩුපාඩුම බලන්න පුරුදුවෙන්න එපා (නි)
මමත් මාධ්‍යවේදියෙක්. අපිට ඕවා එපා. රාජ්‍ය මාධ්‍ය ආයතන වලට සමබරව වැඩ කර ගන්න අවස්ථාව දෙනවා නම් ඕවට වඩා ගොඩක් වටිනවා. (බ)
මහානාම, මේ දීම් කරන්නේ මතු පරම්පාරවන් උගස් තියල කියලත් මතක තියාගන්න. (බ)
"ඔන්න අපි දැන් යතුරු පැදි ගන්න ණයක් දුන්නා. ණයක් කියුවට නිකම් වගේ තමයි.නිකම් දුන්නොත් පගාවක් දුන්න කියල අහුවෙනවා. ඒ නිසා ණයක් දීලා පසුව ඒ නය කපා හරිනවා. ඉතින් මින් පසු අපේ යහපාලන ආණ්ඩුවේ වැරදි වැඩිය ලියන්න එපා.ලියුවත් සැර බාලකරලා ලියන්න " කියන්ඩ ඇති නේද ? (අ)
අපෝ ....! මේ ණයක් දෙන්නද මේ තරම් කෑ ගහලා තියෙන්නේ ,මම හිතුවේ මාධ්‍යවේදීන්ට තෑගි දෙන්න හදනවා කියලා . (හේ)
හැබැයි මාධ්‍යවේදීන්ගේ කටවල් වහන්න නම් ඔය දේවල් වලට හැකියාවක් නැහැ (නි)
මේ වගේ දේවල් රජයෙන් ලබාගත්හම කොහොමද ස්වාධීනව කටයුතු කරන්නේ (බ)
කට්ට කාලා හරි මෙහෙම දෙන වෙලාවක අරන් නිශ්ශබ්දව ගියා නම් තමයි හොඳ.
අඩුමගානේ තමන්ගෙන් වියදම්වුණ මුදලවත් නැවත ඉල්ලාගන්න බලන්න. (නි)
ඇයි ඔහොම කාලය කා දමන්නේ? වෙන දවසක ඇමතිතුමාට එන්න කියලා ආපහු යන්නයි තියෙන්නේ. (නි)
මේ අය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
ඇමති තියා කවුරු වුණත් හරියට වෙලාවට වැඩක් කරන්න බැරි නම් තව මොනවා කියන්නද? (නි)
මදැයි වෙච්ච වැඩේ... (නි)