මෙවර 5 Choice සඳහා සම්බන්ධ කරගත්තේ ජනප්‍රිය නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්. ගයත්‍රීගෙන් අපි ඇහුවේ එයා කන්න කැමතිම පළතුරු පහ ගැන.
දූරියං
ඉස්සර නම් මම දූරියං කන්නේ නැහැ. නමුත් මේ මෑත කාලයක ඉඳන් තමා මම දූරියං කන්න පුරුදු වුණේ. දැන් නම් මම කැමතිම පළතුරු අතර මුලින්ම තියෙන්නේ දූරියං. මම දූරියංවල රසට හරි ආසයි.
නමිනං
මගේ කැමතිම පළතුරු අතර දෙවැනි තැනට තියෙන්නේ නමිනං. සමහර අය නන්නං කියලත් කියනවා. මම නමිනංවල තියෙන ඇඹුල් රස නිසා තමා වැඩිපුර කැමති.
අන්නාසි
මම අන්නාසිවල තියෙන රසටත් ගොඩක් කැමතියි. විශේෂයෙන් මම අන්නාසි කන්න ආසා බත් එක්ක. බත් එක්ක කද්දී අමුතුම රසක් දැනෙනවා. ඒ රස නිසා මගේ තුන්වැනි කැමැත්ත අන්නාසිවලට.
සීනි කෙසෙල්
කෙසෙල් වර්ග වලින් මම එදා ඉඳන්ම කැමති සීනි කෙසෙල්වලට. මට කෙසෙල්වල රසය දැනෙන්නේ සීනි කෙසෙල් වලින්. ඒ නිසා තමා සීනි කෙසෙල් කන්න කැමති.
මැන්ගුස්
කාලෙකට සැරයක් අපිට කන්න ලැබෙන මැන්ගුස්වලටත් මම ගොඩක් ආසයි. කොයි තරම් උෂ්ණයි කිව්වත් මම මැන්ගුස් නම් කනවා.
Text – Anusha Ranasingha / Pic- Romesh










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd