එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ලංකා තරුණ සංවිධානය කොළඹ පදනම් ආයතනයේ අද සංවිධානය කළ මාධ්‍ය හමුවක් අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී පැමිණි ඇය පැවසුවේ සන්ධානයේ නාමයෝජතා අත්සන් කිරීමට ගිය නිසා ප්‍රමාද වූ බවයි. එසේ වුවත් නාමයෝජනා අත්සන් නොකළ බව ද ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ බබ්බුන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. (ස)
ඔබගේ නව ජීවිතයට අපි සුබ පතනවා (නි)
එතන කට්ටිය දැක්කහම අදහස වෙනස් වෙන්න ඇති. (නි)
ළඟදිනේ ඇය විවාහවුණේ... (නි)
අපි නම් දෙන්නේ නැහැ අපේ ඡන්දය (නි)
අපි ඉවසලා බලාඉමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
දැන් ඇයට ජීවිතයේ වගකීම් වැඩි නිසා වෙන්න ඇති (නි)
මේ දවස් ටිකේ නිදහසේ ඉන්න ඕනේ කාලේ නේද?(හේ)
ඇයි එහෙනම් ගියේ? (නි)
ඔබගේ අනාගතය දීප්තිමත් වේවා! (නි)
ඇයි අත්සන් නොකලේ මෙතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.(හේ)
තරග කරත පරදිනේ එකේ.අත්සන් නොකරපු එක හොදයි.(හේ)
හිරුණිකා,ඔයා ඕවට සැළෙන්න එපා. (නි)
හිරුණිකාට ජයවේවා! (නි)
අනේ ඔයා අත්සන් කරන්නත් එපා. (නි)
අත්සන් නෙමෙයි වැඳලා ඉල්ලුවත් මම ඡන්දේ නම් දෙන්නෙ නැතෝ ..! (නි).
අද අත්සන් නොකළේ අනාගතය ගැන පුංචි බියක් තිබෙන නිසා නේද? හිතෙන හිතෙන දේ කරන්න කෙනෙකුට අමාරුයි හිරුණිකා. (නි)
අපිත් අලුත බැඳපු කාලේ ඔහොම තමයි. (නි)
හිරුණිකා, ඔයාට හොඳ දේශපාලන අනාගතයක් තිබෙනවා. ඔබ මහත්මා දේශපාලනය කරන කෙනෙක් තෝරාගන්න (නි)
අනේ අත්සන් කරන්නකෝ! (නි)
පිල් මාරුකරන්න එහෙම අදහසක් නැහැ නේද? (නි)
ඇයි අත්සන් කළේ නැත්තේ.(හේ)
ඉතින් ඔයා ගියේ ඇයි? (නි)
යුඑන්පී එකෙන් ඡන්දය ඉල්ලන්කෝ.(හේ)
හිතට අවංක වෙන්න, හොඳ මොළයක් තියෙනවා. ඉදිරියට තියපු කකුල ඉදිරියටම තියන්න, දිරිය දියණියේ ... (නි)
ඔබ වගේ තරුණ අවංක අය පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. නමුත් පරණ කුණු මඩවලට පනින්න යන්න එපා. (නි)
අත්සන් කළත් පලක් වෙන එකක් නෑ.(හේ)
දැන් ඔබට වගකීම් වැඩියි. ඒ ගැනත් හිතන්න (නි)
අත්සන් කළත් අපි නම් දෙන්නෙත් නැහැ (නි)
මොකද්ද මේ කතාව? මොනවද මෙයා කියන්නේ? (නි)
ඔයාට තවම දේශපාලනය ගැන දැනුමක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
තමන්ගේ වාසනාව උරගාලා බලන්නකෝ (නි)
ඒක හොද තීරණයක්.(හේ)
ඔයා ඉල්ලනවා නම් මේ ගමන හොඳට හිතලා බලලා ඉල්ලන්න (නි)