පසුගිය රජය හා පාලකයින් දූෂිත බව ඔප්පු වී ඇතැයිද රටවල් හතරක සහාය ලබාගෙන මේ පිළිබඳ පරීක්ෂණ කරන බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද (7) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රාජපක්ෂ රජයේ දූෂණ වංචා සෙවීමට කණ්ඩායම් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් ඩොලර් බිලියන ගණනක වංචා සිදුවී ඇතැයි එම කණ්ඩායම් අනුමාන කරන බවත් ඔහු පැවසීය.

ලංකාවේ එක්තරා පවුලක සමාජිකයන්ගේ ඇමෙරිකා ඩොලර් කෝටි 1800 ක් (රුපියල් 242181.00) පිටරට බැංකුවල ඇතැයිද ඔහු කිවේය.

ගත වු   දින  100 සාර්ථකව  අවසන්   කළ  බවත්   , 19 වැනි   සංශෝධනය  එහි   හදවතයි. විධායක  ක්‍රමය  කියු   පරිදිම  අහෝසි   කළ  නොහැකි  වුයේ   අධිකරණය  දුන්   තීන්දු   අනුව  ඊට   හිස  නමා   කටයුතු   කිරිම  නිසා   බව  විදේශ අමාත්‍ය  මංගල සමරවීර  මහතා   අද (7) මාධ්‍ය   හමුවකදි   කීය.

ඉදිරි   මැතිවරණයෙන්   පසු  මීට   පෙර   පැවසු   පරිදි   මුළු  පාර්ලිමේන්තුවටම  ව්‍යවස්ථා දායක සභාවක්   බවට   පත්   කරන  බවත්  අමාත්‍ය   සමරවීර   මහතා   පැවසුයේ   ඉකුත්  පාලන  සමයේ  දී    ශ්‍රී ලංකාව මීනිමරුවන්ගේ   දේශයක්  වී  ශ්‍රී  ලංකාව  ජාත්‍යන්තරයේ   හුදකලා වු  බවද පවසමිනි.

IMG_5570 IMG_5593