ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය හා තවත් පිරිසකට එරෙහිව ගුවන්තොටුපොළ ජාතික සේවක සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේප්පුවක තිබූ රාජසන්තක කළ යුතු මැණික් හා රත්තරං ස්වර්ණාබරණ තොගයක් අතුරුදන්වීම සම්බන්ධ විමර්ශන අතරමඟ නැවතී ඇති බව ද එම සේවක සංගමය අල්ලස් කොමිසමට ලිඛිතව දන්වා ඇත.
ගුවන්යානාවලට සන්නිවේදන පහසුකම් සැපයූ උපකරණ සවි කළ අක්කර 62ක ඉඩමක් නීතියට පටහැනිව හමුදාවට භාර දී ඇති බව ද, චෝගම් සමුළුව වෙනුවෙන් සමාගම් මුදල් කෝටි ගණනක් නාස්ති කර ඇති බව ද, කටුනායක සිට කොටුවට සුඛොපභෝගී දුම්රියක් ධාවනය කර කෝටි ගණනක අලාභයක් සිදු කර ඇති බව ද ජාතික සේවක සංගමය කළ පැමිණිල්ලේ සඳහන්ය.
පසුගිය ජනාධිපතිවරණයට සමාගමේ ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් බැරල් 45ක් නොමිලේ සපයා ඇති බවත්, මත්තල ගුවන් තොටුපොල ඉදි කිරීමට කැපූ වටිනා දැව වර්ග රාශියක් විකුණා මුදල් ගෙන ඇති බව ද, ජනාධිපතිවරණය සමයේ හිටපු ජනපතිගේ ළඟම ඥාතියකු හා තවත් පිරිසක් ගුවන්තොටුපොළ නිල නිවාසවල රදවා සමාගමේ වියදමින් සාත්තු සාප්පායම් කිරීම ගැන ද සොයා බලන්නැයි ජාතික සේවක සංගමය අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
පසුගිය රජය සමයේ ගුවන්තොටුපොළ ප්‍රභූ හා අති ප්‍රභූ පර්යන්තයන්ගෙන් ප්‍රභූ නොවන පුද්ගලයන් කැඳවාගෙන ගොස් ඇතැයි ද ජාතික සේවක සංගමය සඳහන් කරයි.
සිංගප්පූරුවේ සිට මසකට තුන් හතර වරක් ලංකාවට ආ බව කියන පුද්ගලයකු ගැන ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. එම පුද්ගලයා ප්‍රභූ පුද්ගලයකු නොවූවද ඉහළ උපදෙස් පරිදි ඔහුට සහ ඔහු සමඟ පැමිණෙන පිරිසට ප්‍රභූ පර්යන්තයෙන් පැමිණීමට ඉඩ දී ඇතැයි ද, ඔවුන් වරකට විශාල භාණ්ඩ තොගයක් රැගෙන එන බව ද, ඒවායේ ඇත්තේ සිවුරු බව කීවත් ප්‍රභූ පර්යන්තයෙන් එන නිසා ගමන් මළු පරීක්ෂා නොකරන බව ද ජාතික සේවක සංගමය සඳහන් කරයි.
එම භාණ්ඩ පෙට්ටි වශයෙන් රජයේ ප්‍රභූන්ටයැයි කියමින් වාහනවලට පටවන බවත්, නව රජයට බලයට පත්වූවායින් පසු ඔවුන් ලංකාවට නොපැමිණි බවත් කියති.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ගුවන්තොටුපොළ නිල නිවාසවල රැඳී සිටි හිටපු ජනාධිපතිගේ ළඟම ඥාතියකු බව කියන පුද්ගලයකු ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට පරිගණක, මුදල්, අත්බෑග්, ලිපි ද්‍රව්‍ය, රෝදපුටු ආදිය ද ගුවන්තොටුපොළේ ගබඩා කර තිබූ බවත්, විශේෂ පරිගණක පද්ධතියක් සවි කරන එම පුද්ගලයා විශේෂ මෙහෙයුමක් කැර ඇති බවත්, ඔහු ඇතුළු පිරිසට කෑම බීම ආදි සියලු පහසුකම් දුන්නේ ගුවන්තොටුපොළ නිලධාරීන් පිරිසක් බවත් ජාතික සේවක සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට මේවා කියන්න එපා (නි)
එහෙනම් දැන් හොඳට කරලා පෙන්වන්නකෝ (නි)
සංවර්ධනය කළ බව ඇත්ත. නමුත් ඒ සියල්ලක් තුළින් බරපතල වංචා හා ගසාකෑම් සිදුව ඇති බව දැන් තහවුරු වෙලා අවසන්. රජයේ ආයතන සියල්ලකම මේ දේ සිදුවෙලා තිබෙනවා. පක්ෂ පාට නොබලා සිදුව ඇති දේ හරි හැටි දකින්න. නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න. මේ සියලු මුදල් අපි විසින් ගෙවූ බදු මුදල්. අපි ඔවුන්ව පත්කරලා පාර්ලිමේන්තු යවන්නේ අපි වෙනුවෙන් නිසි ආකාරයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් දුෂණ වංචා කරලා ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. (නි)
ඔය දූෂණවල වටිනාකම මහා බැංකුවේ මන්කොල්ලෙට වඩා වැඩිද? (ම)
ඔය අදත් ප්‍රවෘත්ති වල තියෙන්නේ මහින්දගේ රැස්වීමට ප්‍රාදේශීය සභා දේපල ඇදල අහු වෙලා කියල. මේවා බලයේ ඉන්නකොට කොහොම සිද්ධ වෙන්න ඇද්ද ? සුමුදු සළු වඩන නිලමේ හිතන්නේ පසුගිය කාලේ හොරු ආරක්ෂා කිරීම අපි හැමෝගෙන්ම සිද්ධ විය යුතු ජාතික මෙහෙවරක් කියලා. (බ)
රටේ සම්පත් අම්මගේ, අප්පාගේ බුදලයක් සිතා වැඩ කළ සියල්ලන්ට නිතිය ක්‍රියාත්මක වෙනවා දැන් දැන් පේනවානේ (ම)
බලන් ගියාම සියලුම ආයතන හොර ගුහාවල් තමයි.(හේ)
ජනතාව විසින් පරාජය කර පන්නා දමපු රටේම සම්පත් ගිලගෙන ඉන්න පුද්ගලයාව කව්රුන් හෝ නැවත බලයට ගෙන ඒමට අබමල් රේණුවක හෝ සහයක් දෙනවා කියන්නේ ඊට වඩා රටට කරන්න පුළුවන් ද්‍රෝහී කමක් තවත් ඇත්තේ නැහැ කියන එකයි (නදී)
පේනවා නේද රට බේරාගත්තා කියල දීල තිබෙන ගේම් ටික. මේ කර තිබෙන වංචාවන්ට දඬුවම් දෙන්න වෙන්නේ ආලෝක වර්ෂ වලින් (නදී)
කොහොමද මෙයාලගේ නියම ජනතා සේවය? තවත් මෙයාලවම ගෙනෙන්න පොරකන මිනිස්සුත් ඉන්නවනේ අපේ රටේ? (නි)
අනේ චානක ලොස් ඇන්ජලිස්ගේ ටිකිරි මොළේ! ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වර්ෂයකදී යන දුර. ආලෝක වර්ෂ යොදාගන්නේ දුර මනින්න මිසක් කාලය මනින්න නෙමෙයි. (නි)
ඒකනේ ලාල්, මේගොල්ලෝ හැමදාම යටගිය දවස තිබුණු රජයකට දොස් කිව්වට මොකද මේ කාලේ නම් ලොකුම හොර ගුහාව තියෙන්නේ කොහේද කියලා අපි දන්නවා. (නි)
බලනකොට කොයිතරම් හොරකම් කරලා තියනවද? (නි)
බලාගෙන ගියාම තිබුන රජයෙන් මොකුත්ම කරලා නැහැනේ,ඔක්කොම හොරකම් කරගෙන කාලලු.එතකොට යුද්ධය දිනවලා රටට ජාතියට සාමය ගෙනාවා කියලා මතකයි වගේ.එතකොට දැවැන්ත සංවර්ධනයක් එහෙමත් තිබුනා නේද?අනේ මගේ කට (නි)
තවත් දේවල් සිදුවුණා. (නි)
බලනකොට හොඳ දෙයක් කරලම නැහැනේ (නි)