ජාතික ඖෂධ අධිකාරියේ නියාමන පනත බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති වාර්තා දෙකක් පිහිටවීය.
ශ්‍රී ලංකාවේ ජනපතිවරයකු මුල්වරට විවාදයකට මුල පිරීම එක් වාර්තාවකි. ජනපති ලෙස සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීම අනෙක් වාර්තාවයි. ගිය රජය කාලයේ අස්ථානගත වීම නිසා මේ පනත සම්මත කරගැනීමට නොහැකිවිය.
ඖෂධ සමාගම් 400 කින් පමණ රුපියල් ලක්ෂ 100 ක් බැගින් රුපියල් කෝටි 100 ක් අල්ලස් ගෙන පනත අතුරුදන් කළැයි ජනපති බරපතල චෝදනාවක් කළේය. 2011 දී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපති නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවූ පසු පනත අතුරුදන්වූ බවත් බෙහෙත් සමාගම් වලින් එකතු කළ රුපියල් සිය කෝටිය ගිය තැන නොදන්නා බවත් ජනපති කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම පනන ගැන උනන්දුවක් නොදැක්වූ බවත් හිටපු ජනපතිගේ වෛද්‍යවරයා ඖෂධ සංස්ථාවට පත්කර සිටි බවත් පැවසීය.
මෙම පනත සම්මත වීමෙන් පසුව පිහිටුවන නියාමන අධිකාරිය බටහිර ඖෂධ නියම කරනු ඇති බවත් ඖෂධ සමාගම් මාෆියාවට හිතුමතේ බෙහෙත් මිල වැඩිකළ නොහැකි බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියල කොහොමද අයිබෝවන් ....(අ)
ජනාදිපතිගේ බලතල පාවිච්චි කරලා අතන මෙතැන් එක එක කතා කියල ගැලරිය හිනස්සනාවට වඩා, මේවා ඇත්ත නම් වැරදිකාරයො හොයල දඬුවම් දෙන්ඩ. සමාගම් දෙකකින් අහපුවාම කියයි කාටද දුන්නේ කියල, බොරු කියල ඊළඟ ඡන්දෙට ලැස්ති වෙනවා නම් එක වෙනම කියන්ඩ. (අ)
දැන් අවන්ට් ගාඩ්, රක්නා ලංකා එක ගැන ඔය තරම් සද්ද දාල, ඒවගේ වැරදි නැහැ කියල ඔප්පු කරා. ඔක්කොම සද්දේ විතරනේ, වැඩ නැහැනේ. රනිල් ඒ දවස්වල ලසන්ත මරපු අයගේ නම් කීව , දැන් ඒ ගොල්ලොන්ට දඬුවම් දෙන්දවත් බැරිද? ආණ්ඩුව විහිලුවක්ද? (අ)
පුදුම කතාවක්නේ මේක කෝටි සියයක් ගත්තලු ගත්තා කියලත් දන්නවලු ඒහෙම දන්නවා නම් ගත්ත කෙනාව නොදන්නේ කොහොමද . ඔය බම්බු මහත්මය ගැනත් අපි දන්නේ අද ඊයෙක ඉදල නොවේ කොහොමත් පක්ෂය පාවලාදීල දැන් සුද්දෝදන වගේ කතාව .(අ)
දවස් පනහකටත් වඩා මේ කතා අහල දැන් ඇතිවෙලා. ගහපු පදේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. දැන්වත් රටට වැඩක් කරන්න හිතුවොත් නරකද? (අ)
ඔය කියන කතාවේ හැටියට .... ....... ? (අ)
වගකිවයුතු තනතුරු දරනවිට ඊට සරිලන අයුරින් කතාව සහ ක්‍රියාව තිබිය යුතුයි. වහෙන් ඔරෝ භාෂාව දැන්වත් නවත්වා කෙලින් කතාකරන්න. ඉස්සර ඉඳන්ම මට එක එකා කෙනෙහිලිකම් කරනවා කියා කෑගැසීම මෙතුමාගේ ලක්ෂණයක්. දැන්වත් කෙලින් කියන්න කවුද ඕව කරන්නේ කියල. ඊළඟට ඒවාට නිසි පියවර ගන්න. කතාව විතරක් මදි. (අ)
ලංකාව පාලනය කරන්නේ ඇමරිකාවද ?යුරෝපයද ?ඉන්දියාවද ?.දස ගුණයේ සංවර්දනය කොහෙද ? කාගේ හරි සාක්කුවේද?!!!!!!!!!!!ලංකාවට යන්ට යන කලක් .
අමාත්‍යංශයක පනතක් අස්ථානගත වෙනවා කියන්නේ පොඩි දෙයක් නෙවේ. සාමාන්‍යයෙන් එක කොපියකට වඩා තිබිය යුතුමයි එහි ආරක්ෂාව සඳහා. ඇමතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා මේ කරුණු දෙකම ගැන වගකිවයුතුයි. මේ වගේ ඉතාම වැදගත් පනතක් සුදානම් කරන විට ඒවා නොහිතුව නම් මොවුන් ඒ නිලතල සඳහා සුදුසු නැහැ.
ඇයි බයද , ගසාකන ක්‍රමය තුබුණු රජයේ ඔබතුමාත් ඇමතියෙක් නේද. ඔබත් වගකිව යුතුයි (අ)
මේ ආණ්ඩුවට බනින්නේ හොර අල්ලනවා ප්‍රමාදයි කියලා. හැබැයි කලින් කට්ටියට හොර අල්ලනවා කෙසේවෙතත් කරලා තියෙන්නේ හොරකම් කරන එක. සරල වෙනස ඒකයි. ඒ නිසා හොර අල්ලනවා ප්‍රමාදයි කියලා නැවත අර කට්ටියව ගෙනල්ලා හරියන්නේ නැහැ. (නි)
කවුද හොරා කියලා අපිට කියන්න. මොකද අපේ සල්ලියි හොරකම් කරලා තියෙන්නේ (නි)
කිවුවා කියලා නිකම් ඉඳලා හරියන්නේ නැහැ නේද? ලංකා නීතියේ හැටියට පැමිණිල්ල සාක්කි ඇතුව ඔප්පු කරන්න ඕනෑ. මේක සාක්කි ඇති පැමිණිල්ලක් නම් ඔප්පු කරලා නිසි දඬුවම් දෙන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු විදිහට පාවිච්චි කරන්න නම් එපා. (නි)
කෙළින්ම නම කියන්නකෝ. ඒ වගේම වැඩත් කරලා පෙන්වන්න. (නි)
ජනාධිපතිකමේ බලතල යොදා හොරුන් අල්ලන්න කියලයි අපි නම් කියන්නේ (නි)
දැන් අපිට මේවා අහලා ඇතිවෙලා. ඔබතුමා මේවා හොයලා දඬුවම් කරන්න. (නි)
මෙතන ජනතාවට නොකී සහ නොකියන කතා ගොඩක් ඇති හැඩයි (නි)
ඇයි ඕවා දැක දැක ඔච්චරකල් ඒ ආණ්ඩුවේ හිටියේ? මට නම් මේ දේවල් හිතාගන්න අමාරුයි (නි)
සාක්කු බලන්න කියමුද? (නි)
දැන් මම මේ දන්නේ නැතිනිසා අහන්නේ. නීතිපති අංශයට ඔය කියන පනත් යවනකොට තවත් පිටපත් කීයක් කීදෙනෙකු අතේ තියෙන්න ඇතිද? එහෙම තියාගන්න පුරුද්දක් සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබුනේ නැද්ද? ඉතින් එක පිටපතක් නැතිවුණා නම් තව පිටපතක් යවන්න තිබුනනේ. (නි)
ප්‍රශ්නය තියෙන්නේ කිසිදු පිටපතක් නැති පනතක් අතුරුදන්වීම පිළිබඳවයි.අනේ අපි නම් ඕනෑ වැදගත් ලියවිල්ලක කොපි දෙක තුනක් තියාගන්නවා. (නි)
ඔය "කාගෙදෝ කවුරුදෝ" කතා මැතිවරණ වේදිකාවට හොඳයි, නමුත් ජනාධිපතිවරයෙකුට ගැළපෙන්නෙ නැහැ. දැන් බලය තියෙන්නෙ ඔබතුමාගෙ අතේ නිසා දූෂිතයන් අල්ලා දඬුවම් දෙන්න. එහෙම බැරිනම් මඩ ප්‍රහාර නවත්වා නිහඬව ඉන්න. (නි)
ඕවා කියලා ඔබතුමාත් අනෙක් අයගේ ගොඩට වැටෙන්න එපා. (නි)
ජනාධිපතිතුමනි, ඔය "කාගෙදෝ කවුරුදෝ" කතා මැතිවරණ වේදිකාවට හොදයි. දැන් බලය තියෙන්නෙ ඔබතුමාගෙ අතේ නිසා දූශිතයන් අල්ලා දඩුවම් දෙන්න. (ර)
කෝටි 100ක් කියන්නේ සුළු ගානක්ද? කරුණාකර කතා කර කර ඉන්නේ නැතුව නීති මාර්ගයෙන් අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන්න කටයුතු කරන්න. (නි)
දඬුවම් නොකිරිමත් වරදක් වුණාට හොරකම් කිරිම ඊට වඩා වරදක්. (නි)
ලසිතගෙ තර්කය හරියටම හරි. දැන් පතුරු අරින්නේ හොරු ඇල්ලුවෙ නැහැ කියලා. පරණ හොරකම් කළ අය ගැන කතා නැහැ. ඒකනේ වැරැද්ද ඇත්තටම. හොරු ඇල්ලිල්ල කෙසේවෙතත් මේ වෙනකොට පගාගැනීම්, වංචා දුෂණ සැළකියයුතු ප්‍රමාණයකින් අඩුවෙලා. ඒක හොඳ ප්‍රවණතාවයක්. (නි)
ඉතින් කාගෙද කියලත් කියන්නකෝ (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මෙතන ගණිතය පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙන හැඩයි නේද? (නි)
අපිත් කැමතියි එයා කවුද කියලා දැනගන්න (නි)
කාගේ සාක්කුවටද ගියේ කියලා කියන්න බැරිද? (නි)
කාගෙද දන්නෙ නැහැ නේද? (නි)
අර ෆයිල් ළඟ තිබෙනවා, එළියට දාන්නේ නැහැ කිවුව කතාව මට මතක්වුණා (නි)
ඔබතුමාලා පත්කළේ වැරදිකරුවන් ඉක්මනට අල්ලලා දඬුවම් කරන්න. එහෙම කරන බවක් පෙනෙන්න නැහැනේ? (නි)
නම කියන්න බැරිද කවුද කියලා (දිල්)
ඔබතුමාලා පත්කළේ තැන තැන මේවගේ ප්‍රකාශ කර කර ඉන්න නෙවෙයි. වැරදි කරුවන් ඉක්මනට අල්ලලා දඩුවම් කරන්න. එහෙම කරන බවක් පෙන්න නැ(බ)
ඔබතුමාලා පත්කළේ තැන තැන මේවගේ ප්‍රකාශ කර කර ඉන්න නෙවෙයි. වැරදි කරුවන් ඉක්මනට අල්ලලා දඩුවම් කරන්න. එහෙම කරන බවක් පේන්න නෑ (බ)
මොනවා කිව්වත් මිනිස්සු මහින්ද මහත්තයට ඇති ගරුත්වය අඩු කරන්න බැහැ.(දිල්)
ජනපතිතුමනි ,කාගේ සාක්කුවටද ගියේ කියල සොයල බලලම කිවුවනම් නේද හොඳ ......මහජනයාට ප්‍රශ්නාර්ථයක් තියන්නේ නැතිව (බ)
ඕව අහල ඇතිවෙලා තියෙන්නේ. (ර)
වෙන කාගේද ඉතින් අපේ අතිගරු තුමාගේ සාක්කුවට වෙන්න අැති (බ)
ඔබතුමා ඒකාලේ නිවන් ගිහිල්ල ඉන්න ඇති. (බ)
වුණ දේ මේ දූෂිත කෝටි ගණනට - දැන් හොයන්න බැරිද අපට... (නි)
ගිය රජයේ සිටි හවුල්කරුවන් සැමට අදාළ බරපතල කරුණක් වගේ (නි)
මම නම් කියන්නේ බටහිර ඖෂධ මාෆියාව දොස්තරලා විසින්ම ඇතිකරගෙන ඉන්න දෙයක් අහිංසක ලෙඩුන් ගසාකෑමට. (නි)
නම නොකිව්වට රටම දන්නවා (නි)
ගරුත්වය නම් අඩු නැතුව ඇති. හැබැයි ඡන්ද නම් සෑහෙන අඩුවුණා. ඒ ඇයිද දන්නේ නැහැ. (නි)
හොරු ඇල්ලුවෙ නැතත් කමක් නැහැ. නැවත හොරකම් කරන්න බැරිවෙන් නිතිරීති හැදුවා නම් ඒ ඇති. (නි)
ඔය කෝටි 100 ගිල්ලා වගේ තව කොච්චර කෝටි ගණන් ගිලලා ඇද්ද? (නි)
මේ සල්ලි ගියේ කාගේ සාක්කුවටද කියලා දැනගන්න අපි කැමතියි (නි)
වැරදිකරු කියා ඔප්පුකළාම නම හෙළිවෙයිනේ.අපි බලාගෙන ඉන්නම් (නි)
පසුගිය ආණ්ඩුවේ අමාත්‍යංශ වල සිදුවූ දූෂණ වලට කවුරුන්ද වගකිවයුත්තේ? (නි)
මොකද්ද මේ වහෙන්ඔරෝ කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ප්‍රශ්නේ තියෙන්නේ කිසිදු පිටපතක් නැති පනතක් අතුරුදන්වීම පිළිබදවයි..අනේ අපි නම් ඕන වැදගත් ලියවිල්ලක කොපි දෙක තුනක් තියා ගන්නවා..තමන්ගේ පනත ආරක්ෂා කර ගන්න බැරි කෙනෙක් ඒක කවුරු හරි හොරෙන් ගත්ත කියලා වගකීමෙන් මිදෙන කෙනෙක් මේ රට ගැන තීරණ ගැනීමේදීත් ඒ ආකාරයට ක්‍රියාකරලා ඇග බේරගන්න ගියොත් මේ රටට ඉතින් අබ සරණ තමයි..(දිල්)
ඔයාගේ දෙමව්පියන් නම් තුන්කල් දැක්ක අය කියලයි මට හිතෙන්නෙ බින්දු.... නැත්නම් ඔයාට ඒ නම දානෙකක් නෑනෙ.... මොලේ ඒ තරම බව උන්දැලාට වැටහෙන්න ඇති....!!! (බ)
ඔබ තුමා කොහෙද හිටියේ (බ)
නම් නැතුව අපිටත් ඕනෙ තරම් අයට ඕනේ තරම් චෝදනා කරන්න පුළුවන්. අපිත් ඔප්පු කරන්න බැරි දේවල් නම් නැතුව කියන්නේ නෑ. (දිල්)
මේ වගේ හෑලි අහලා දැන් ඇතිවෙලා. ලජ්ජා නැද්ද? කෙලින් මිනිහෙක් වගේ වැඩක් කරන්නකෝ.(දිල්)
තාම එකක්වත් හරියට කරන්න බැරි වුණනේ (දිල්)
ඡන්දයට පෙර ගිය ආණ්ඩුවේ අයගේ වැරදි කියලා ඒවා නිවැරදි කරන්න බලය ලබාදෙන්න කිවුවා. දැන් බලය ලැබුනාට පස්සේත් ඒවාම කිය කියා කල්මරන එක වටින්නේ නැහැ. රුපියල් කෝටි 100 ක් ගත් බව දන්නවා නම් පරීක්ෂණයක් කරලා සාක්කි සපයලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න පුලුවන් නේද. (නි)
එහෙම ගත් කෙනෙක් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්න. (නි)
ජනපතිතුමනි, ඔබතුමා ඒ කාලයේ සෞඛ්‍ය ඇමතිතුමා. එහෙම මුදලක් කාගේදෝ සාක්කුවට ගියානම් එහි මූලික වගකීම භාරගතයුත්තේ කවුද? ඒ වගේම, පනත නැතිවුණා නම් ඔබතුමාට ඒ පිළිබඳවත් මුලික වගකීමක් තිබෙනවා නේද? මොකද ඒ කාලේ ඒ පිළිබඳව ක්‍රියා නොකළේ? (නි)
ජනපති තුමනි, ඔබතුමා ඒ කාලයේ සෞඛ්‍ය ඇමති තුමා. එහෙම මුදලක් කාගේදෝ සාක්කුවට ගියානම් එහි මූලික වගකීම ඔබතුමා භාරගතයුතුයි නේද? ඒ වගේම, පනත නැති වුනානම් ඔබතුමාට ඒ පිළිබඳවත් මුලික වගකීමක් තිබෙනවා නේද? මොකද ඒ කාලේ ඒ පිළිබඳව ක්‍රියා කළේ නැත්තේ? තමන්ට කරන්න බැරි වුන දේවල් ගැන අනුන්ට ඇඟිල්ල දික්කිරීම වැරදියි. ඔප්පුකරන්න නොහැකි චෝදනා නැගීමත් දුර්වලයින්ගේ ගතිගුණයක්. (බ)
ප්‍රශ්නේ තියෙන්නේ කිසිදු පිටපතක් නැති පනතක් අතුරුදන්වීම පිළිබදවයි..අනේ අපිනම් ඕන වැදගත් ලියවිල්ලක කොපි දෙක තුනක් තියා ගන්නවා..තමන්ගේ පනත ආරක්ෂා කර ගන්න බැරි කෙනෙක් ඒක කවුරු හරි හොරෙන් ගත්ත කියල වගකීමෙන් මිදෙන කෙනෙක් මේ රට ගැන තීරණ ගැනීමේදීත් ඒ ආකාරයට ක්‍රියාකරලා ඇග බේරගන්න ගියොත් මේ රටට ඉතින් අබ සරණ තමයි. (බ)
ඔබතුමාගේ සාක්කුවටද දන්නේ නෑ ගියේ..ඔබත් ගිය රජයේ නේ හිටියේ.(බ)
පනත අතුරුදහන් වුණේ කොහොමද? (නි)
තවමත් මොකුත්ම හොයාගන්න බැරිවුණාද? (නි)
දැන් මේ සල්ලි වලට මොකද දන්නෙ නැහැ වෙලා තියෙන්නේ? (නි)
මගේ එකම බලාපොරොත්තුව කම්බා හොරු ටික ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ කනවා බලන්න. (බ)
වැරදිබවත් දන්නවා නම්, වැරදිකාරයාවත් දන්නවා නම් මොකද දඬුවම් කරන්නේ නැත්තේ? (නි)
මම නම් කියන්නේ උපරිම දඬුවම් දෙන්න කියලයි (නි)
එතුමා කොහේ හිටියත් කිසිදෙයක් කරන්න බැරිවෙන්න ගැටගහලා වගෙයි හිටියේ. දැන් එතුමාට පුළුවන් සාධාරණව වැඩකරන්න (නි)
හොරාගේ නම ප්‍රසිද්ධකර ඔහුට දඩුවම් ලබාදෙන්න (නි)
මෙතන සමහර අයට මෛත්‍රී මැතිතුමාගේ කතාවවත් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ (නි)
විස්තර හොදට දැනගෙන කතාකරන්න. සමාගම් 400 නඩු දල ඒව තහනම් කරන්න බැරිද? ගැලරියට කතාකරන්න එපා. (අ)