‘අද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව ඉතාම පැහැදිළියි. ගිය රජය මෙන් නඩු තීන්දු දීමට රජය ඇඟිලි නොගසන බව හොඳටම පැහැදිලි වෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති කීවේය.
‘ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට පළාත් සභා මන්ත්‍රීන් පිරිසක් ගත් උත්සාහයට එරෙහිව ඔහු අධිකරණයට ගියා. අධිකරණය තීන්දු කළේ ඔහු ඉවත් කිරීමට යෑම වැරදි බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසයි. මෙයින් පැහැදිළි වන්නේ රජය දැන් අධිකරණයට ඇඟිලි නොගසන බවයි. ස්වාධීනව ක්‍රියා කිරීමේ අයිතිය තහවුරු කර ඇති බවයි. පසුගිය රජය එහෙම කළේ නෑ. නඩු තීන්දුවලට මැදිහත් වුණා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් හිටියේ පහුගිය රජයේ නෙවෙයිද? වරදක් කළානම් ඒක හරි නොගස්සපු එයත් වැරදි. (බ)
නැතුව...නැතුව...අපේ ආච්චිත් කිව්වා.(බ)
විපක්‍ෂයේ අයට විරුද්‍ධව රජයෙන් දාන හැම නඩුවක්‍ම කඩුවෙල මහේස්ත්‍රාත් හරහාම දාන්‍නෙ ඇයි කියල පැහැදිලි කොරනවද ආයිබොවන් ! (බ)
ඇසල නොදන්නා දේවල් වලට ඇඟිලි නොගහා ඉන්න එක හොඳයි නේද. (බ)
ඉස්සර නඩු කාරයොත් වෙනස් කරලා තමන්ට ඕන තීන්දුව ලබා ගත්තා.(නදී)
එහෙම නොවෙනවා නම් තමයි අපිත් කැමති (නි)
මහා බැංකු සිද්දියෙන් වඩාත්ම තහවුරු උනේ මෙවර උනයි කියන දෙයට වැඩිය දහස් ගුණයක් වන දුෂණයක් ඊට පෙර සුරැකුම් නිකුත් කිරීමේදී සිදුවී ඇති දෑයි එම අවස්ථාවල නිකුතුවෙන් සුළු ප්‍රමාණයක් එළිපිට සිදුකර බහුතරයක් මහබැංකු අදිපතිගේ හිතුමනාපයට හොර රහසේ නිකුත් කර ඇති බවය. (නදී)
පසුගිය කාලයේ හිටපු ගේම් කාරයෝ ටික කුදලාගෙන නොගිය එකට සතුටු වෙන්න ඇසළ. දේශපාලනයෙන් කොටා බා ගෙන හම්බ කරගත්ත පවුල් පසුබිම වලින් ආපු කට්ටිය කොතනත් බේරෙනවා. ගමේ කොස් ගෙඩියක් අහුලාගෙන ගිය වරදට කුදලාගෙන ගිය මිනිහාට නඩු ගාස්තුවට වත් සල්ලි නැහැ. අර ජය ලලිතා ආන්ටි එලියට ආවට පසුව අපිට හිතා ගන්න පුළුවන් ඊට වෙනස් දේවල් ලංකාවේ වුනොත්. (නදී)
අනේ මෛත්‍රිපාල මහත්මයෝ, ඔබ තුමත් පොඩි තැනකින් ආපු කෙනෙක් නිසා ඉස්සර ආණ්ඩු කළා වගේ මිටි තැනින් විතරක් වතුර බහින්න සලස්වන්න එපා. ගෝඨාභය නඩුව කල් දාගත්තට දඬුවම කල් දා ගන්න නම් දෙන්න එපා.(නදී)
සත්‍යයා, අර බිලියන ගණන් ගහපු අය ගැන කතා කරන්න හිතෙන්නේ නැද්ද? (නදී)
ඒක පොලිසියට බාර දීලා තියෙන්නේ (ම)
සත්‍ය මහත්තයෝ.(හේ)
ආණ්ඩුව අදිකරණයට ඇඟිලි නොගසන එක ඇත්ත , එහෙම වුනා කියලා අධිකරණය තීන්දු ස්වාධීන වෙන්න නම් විනිශ්චකාරවරුන් ස්වාධීන වෙන්න ඕන.(හේ)
මහා බැංකුවේ ගේම ශේප් කළේ ඇඟිලි නෙමේ අලි හොඬ වැලෙන් ගහලානේ ඇසළ.(බ)
එතකොට මෙතුමා ගිය රජයේ කැබිනට් මණ්ඩලයේ හිටියේ නැතිළුද ? (බ)
සත්‍ය මහත්තයෝ.. ඔබ තුමාටඅමතක උනාට අපිට අමතක නැහැ මේ රටේ අධිකරන දෙකක් තිබුණු හැටි.. ළමා අපචාරයක් ගැන හොයන්න ගිහින් අපේ පොලිස් නිලධාරින් ඊලාම් අධිකරණයේ විත්ති කුඩු වල ලැගපු හැටි.. (ර)
ඇත්තයි -සත්තයි (කේ)
ඔබ තුමාගේ නායකත්වයෙන් මේ රජයෙන් සිදු වූ වෙනසක් (බ)
ඒ වුනාට මහා බැංකුවේ ගේම ඇගිලි නොගහද ශේප් කලේ (කේ)
ඒක හොඳ ප්‍රවණතාවක් සර්. ඒත් ඇසළ කියන දේ ගැනත් හිතන්න වෙනවා. (හේ)
ඒක නම් ඇත්ත. එත් මේ විනිසුරු තුමන්ල ස්වාදීනව කටයුතු කරනවද කියල තරමක් සැකසහිතයි. (ම)