IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ගිය රජය උසාවියට ඇඟිලි ගැහුවා : අද එහෙම නෑ‘

‘අද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව ඉතාම පැහැදිළියි. ගිය රජය මෙන් නඩු තීන්දු දීමට රජය ඇඟිලි නොගසන බව හොඳටම පැහැදිලි වෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති කීවේය.

‘ මධ්‍යම පළාත් මහ ඇමැති  සරත් ඒකනායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට පළාත් සභා මන්ත්‍රීන් පිරිසක් ගත් උත්සාහයට එරෙහිව ඔහු අධිකරණයට ගියා. අධිකරණය තීන්දු කළේ ඔහු ඉවත් කිරීමට යෑම වැරදි බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසයි. මෙයින් පැහැදිළි වන්නේ රජය දැන් අධිකරණයට ඇඟිලි නොගසන බවයි. ස්වාධීනව ක්‍රියා කිරීමේ අයිතිය තහවුරු කර ඇති බවයි. පසුගිය රජය එහෙම කළේ නෑ. නඩු තීන්දුවලට මැදිහත් වුණා. ‘

 



අදහස් (0)

‘ගිය රජය උසාවියට ඇඟිලි ගැහුවා : අද එහෙම නෑ‘

කළණි Thursday, 14 May 2015 09:10 PM

එයත් හිටියේ පහුගිය රජයේ නෙවෙයිද? වරදක් කළානම් ඒක හරි නොගස්සපු එයත් වැරදි. (බ)

:       0       0

ඇසිලින් Thursday, 14 May 2015 09:27 PM

නැතුව...නැතුව...අපේ ආච්චිත් කිව්වා.(බ)

:       0       0

කුඹුරගේ Thursday, 14 May 2015 11:29 PM

වි‍පක්‍ෂ‍යේ ‍අ‍ය‍ට ‍වි‍රුද්‍ධ‍ව ර‍ජ‍යෙන්‍ ‍දා‍න ‍හැ‍ම ‍න‍ඩු‍වක්‍‍ම ‍ක‍ඩු‍වෙ‍ල ‍ම‍හේස්ත්‍රාත්‍ ‍හ‍ර‍හා‍ම ‍දාන්‍‍නෙ ‍ඇ‍යි ‍කි‍ය‍ල ‍පැ‍හැ‍දි‍ලි ‍කො‍ර‍න‍ව‍ද ‍ආ‍යි‍බො‍වන්‍ ! (බ)

:       0       0

රෝහණ Thursday, 14 May 2015 11:34 PM

ඇසල නොදන්නා දේවල් වලට ඇඟිලි නොගහා ඉන්න එක හොඳයි නේද. (බ)

:       0       0

විජිත් Friday, 15 May 2015 12:20 AM

ඉස්සර නඩු කාරයොත් වෙනස් කරලා තමන්ට ඕන තීන්දුව ලබා ගත්තා.(නදී)

:       0       0

ප්‍රියදර්ශන Saturday, 16 May 2015 09:18 AM

එහෙම නොවෙනවා නම් තමයි අපිත් කැමති (නි)

:       0       0

හිරාන් පී Friday, 15 May 2015 12:27 AM

මහා බැංකු සිද්දියෙන් වඩාත්ම තහවුරු උනේ මෙවර උනයි කියන දෙයට වැඩිය දහස් ගුණයක් වන දුෂණයක් ඊට පෙර සුරැකුම් නිකුත් කිරීමේදී සිදුවී ඇති දෑයි එම අවස්ථාවල නිකුතුවෙන් සුළු ප්‍රමාණයක් එළිපිට සිදුකර බහුතරයක් මහබැංකු අදිපතිගේ හිතුමනාපයට හොර රහසේ නිකුත් කර ඇති බවය. (නදී)

:       0       0

සමන්ත Friday, 15 May 2015 12:58 AM

පසුගිය කාලයේ හිටපු ගේම් කාරයෝ ටික කුදලාගෙන නොගිය එකට සතුටු වෙන්න ඇසළ. දේශපාලනයෙන් කොටා බා ගෙන හම්බ කරගත්ත පවුල් පසුබිම වලින් ආපු කට්ටිය කොතනත් බේරෙනවා. ගමේ කොස් ගෙඩියක් අහුලාගෙන ගිය වරදට කුදලාගෙන ගිය මිනිහාට නඩු ගාස්තුවට වත් සල්ලි නැහැ. අර ජය ලලිතා ආන්ටි එලියට ආවට පසුව අපිට හිතා ගන්න පුළුවන් ඊට වෙනස් දේවල් ලංකාවේ වුනොත්. (නදී)

:       0       0

සත්‍යයා Friday, 15 May 2015 01:13 AM

අනේ මෛත්‍රිපාල මහත්මයෝ, ඔබ තුමත් පොඩි තැනකින් ආපු කෙනෙක් නිසා ඉස්සර ආණ්ඩු කළා වගේ මිටි තැනින් විතරක් වතුර බහින්න සලස්වන්න එපා. ගෝඨාභය නඩුව කල් දාගත්තට දඬුවම කල් දා ගන්න නම් දෙන්න එපා.(නදී)

:       0       0

මොහාන් Friday, 15 May 2015 02:47 AM

සත්‍යයා, අර බිලියන ගණන් ගහපු අය ගැන කතා කරන්න හිතෙන්නේ නැද්ද? (නදී)

:       0       0

රැක්මන් ගමගේ Friday, 15 May 2015 02:51 AM

ඒක පොලිසියට බාර දීලා තියෙන්නේ (ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 04:39 AM

සත්‍ය මහත්තයෝ.(හේ)

:       0       0

අතුල Friday, 15 May 2015 04:40 AM

ආණ්ඩුව අදිකරණයට ඇඟිලි නොගසන එක ඇත්ත , එහෙම වුනා කියලා අධිකරණය තීන්දු ස්වාධීන වෙන්න නම් විනිශ්චකාරවරුන් ස්වාධීන වෙන්න ඕන.(හේ)

:       0       0

රෝහිත් Sunday, 17 May 2015 06:21 AM

මහා බැංකුවේ ගේම ශේප් කළේ ඇඟිලි නෙමේ අලි හොඬ වැලෙන් ගහලානේ ඇසළ.(බ)

:       0       0

සියාතු Sunday, 17 May 2015 06:23 AM

එතකොට මෙතුමා ගිය රජයේ කැබිනට් මණ්ඩලයේ හිටියේ නැතිළුද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 06:14 AM

සත්‍ය මහත්තයෝ.. ඔබ තුමාටඅමතක උනාට අපිට අමතක නැහැ මේ රටේ අධිකරන දෙකක් තිබුණු හැටි.. ළමා අපචාරයක් ගැන හොයන්න ගිහින් අපේ පොලිස් නිලධාරින් ඊලාම් අධිකරණයේ විත්ති කුඩු වල ලැගපු හැටි.. (ර)

:       0       0

දුමින්ද Thursday, 14 May 2015 02:16 PM

ඇත්තයි -සත්තයි (කේ)

:       0       0

සමන් Thursday, 14 May 2015 02:21 PM

ඔබ තුමාගේ නායකත්වයෙන් මේ රජයෙන් සිදු වූ වෙනසක් (බ)

:       0       0

ඇසළ Thursday, 14 May 2015 02:36 PM

ඒ වුනාට මහා බැංකුවේ ගේම ඇගිලි නොගහද ශේප් කලේ (කේ)

:       0       0

ධම්ම Thursday, 14 May 2015 07:24 PM

ඒක හොඳ ප්‍රවණතාවක් සර්. ඒත් ඇසළ කියන දේ ගැනත් හිතන්න වෙනවා. (හේ)

:       0       0

සුනිල් Thursday, 14 May 2015 08:09 PM

ඒක නම් ඇත්ත. එත් මේ විනිසුරු තුමන්ල ස්වාදීනව කටයුතු කරනවද කියල තරමක් සැකසහිතයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site