අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායම සහ සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය නියෝජන කළ පැරණි කී‍්‍රඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති ‘ගයි ද අල්විස්’ අනුස්මරණ කි‍්‍රකට් තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබාගැනීමට අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට අර්ජුන රණතුංග තීරණය කළ අතර ඉනිම අරඹමින් රොමේෂ් කළුවිතාරණ සමගින් චමරි අතපත්තු පිටියට පිවිසියහ.
පන්දු 16 කදී හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 42 රැස්කිරීමෙන් අනතුරුව කළුවිතාරණ පිටියෙන් ඉවත්ව ගිය අතර චමරි සමගින් එක්වූ අර්ජුන පන්දු 25 කදී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුලත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් චමරි අතපත්තු ඉතා දීර්ග කාලයක් කඩුල්ලේ රැුදීසිටිමින් ලකුණු 29 ක් ලබා ගැනීමට සමත් වූ හෙයින් ආරාධිත කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භයම අසාර්ථක වූ අතර නුවන් සොයිසා පන්දු 10 කට පමණක් මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් වේගවත් ලකුණු 32 ක් ලබාගත්තේය.
සිදත් වෙත්තමුනි පන්දු 23 කදී ලකුණු 30 රැුස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය. සංජීව රණතුංග සහ නිසල් ප‍්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 25 ක් සහ 22 ක් රැස්කරමින් තම පිල ජයග‍්‍රහණය කරා රැගෙනයාමට උත්සහ කළද, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ සහ මුරලිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පරාජය පිළිගැනීමට සිදුවිය.
1996 ලෝක ශූර කණ්ඩායමේ සමාජිකයන් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර් ධර්මසේන, චමින්ද වාස් සහ මාවන් අතපත්තු යන කී‍්‍රඩකයින්ට විවිධ හේතූන් මත මෙම තරගයට සහභාගීවීමට නොහැකිවුණ අතර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ ෂේන් ප‍්‍රනාන්දු සමගින් චමරි අතපත්තු සහ චමනි සෙනෙවිරත්ත යන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ ආරාධිත කණ්ඩායම නියෝජනය කළහ.
තරගය නැරඹීම සඳහා සශිකලා සිරිවර්ධන ප‍්‍රමුඛ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් පැමිණ සිටි අතර එද මෙදා තුර ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් හිතවතා වන පර්සි අබේසේකර ද පැමිණ පැරණි කී‍්‍රඩකයන් දිරිගන්වනු දක්නට ලැබිණ.
ආරාධිත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී 156
(චමරි අතපත්තු 29, රොමේෂ් කළුවිතාරණ 42, අර්ජුන රණතුංග 32, උපුල් චන්දන 15, හෂාන් තිලකරත්න 13, සංජීව රණතුංග 15/2)
එස්. එස්. සී. කණ්ඩායම කඩුලූ 8 ක් දැවී 146
(සිදත් වෙත්තමුනි 30, නුවන් සොයිසා 32, සංජීව රණතුංග 25, නිසිල් ප‍්‍රනාන්දු 22, හේමන්ත වික‍්‍රමසිංහ 15, ප‍්‍රමොද්‍ය වික‍්‍රමසිංහ 35/3, මුත්තයියා මුරලිදරන් 15/2)
(ඡයාරූප - ශානුක අරවින්ද)
අර්ජුන රණතුංග පන්දුයවන්නන් ස්ථානගත කරමින්...
උපුල් චන්දන පන්දු යවමින්...
චමරි අතපත්තුගෙන් ස්වීප් පහරක්...
සිදත් වෙත්තමුනි පන්දුවට පහර දෙමින්...
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගයි ද අල්විස් අනුස්මරණ කි‍්‍රකට් තරගයේදීත් අර්ජුනගේ පිලට ලකුණු 10 ක ජයක්
නිහාල් Thursday, 21 March 2013 10:39 AM
ජයවේවා....ජයවේවා....ජයවේවා.... (දී)
සංජීව Wednesday, 20 March 2013 09:43 PM
අර්ජුන කියන්නේ ක්‍රිකට් වල මම දැකපු වාසනාවන්තම ක්‍රීඩකයෙක්. (නි)
නිල්මිණි Wednesday, 20 March 2013 09:47 PM
හැබැයි මේක ඕනෑවට වැඩිය කරන්න එපා. කට්ටියගේ අගේ අඩුවෙයි. (නි)
අමිල Wednesday, 20 March 2013 10:02 PM
මේ තරගයේ වීඩියෝ එක බලන්න දන්නා කෙනෙක් ඉන්නවානම් ලින්ක් එක දාන්නකෝ (දී)
අමිල Wednesday, 20 March 2013 09:56 PM
මේ තරගය වීඩියෝ වලින් බලන්න බැරිද? (නි)
චන්න Wednesday, 20 March 2013 11:37 PM
19මට 96 ලෝක කුසලානය මතක් උනා (දී)
ගාමිණී Thursday, 21 March 2013 02:20 AM
එදත් සුරයෝ අදත් සුරයෝ හෙටත් සුරයෝ ලෝක සුරයෝ (නි)
චින්තක Thursday, 21 March 2013 02:12 PM
හොද වැඩක් (දී)
සුනිල් Thursday, 21 March 2013 07:18 AM
කරු, ඔබ දිගු කලකට පසු දකින්නට ලැබීම සතුටක්. (නි)
වරුණ Thursday, 21 March 2013 07:29 AM
ඔහුට අපේ උපහාරය (දී)
වරුණ Thursday, 21 March 2013 07:33 AM
අර්ජුන අයියේ සුභපතනවා ඔබට (දී)
වජිර Thursday, 21 March 2013 09:05 AM
සන්තෝසයි (දී)
වරුනි Thursday, 21 March 2013 09:14 AM
නියමයි අර්ජන අයියේ (දී)
තිලකා Thursday, 21 March 2013 04:25 PM
අර්ජුනට අමුතුවෙන් ක්‍රිකට් ගහන්න උගන්නන්න ඕනේ නැහැ (දී)
අෂ්රෆ් Wednesday, 20 March 2013 08:14 PM
ඉතා හොද තරගයක්. (නි)