(තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට , ගෝනගහ ප්‍රදේශයේ ගෙවත්තක තිබී  උණ්ඩ 30 ක් හමුව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

එම ගෙවත්ත හිමිකරු  අද (26) වත්ත එළි පෙහෙළි කරමින් සිටියදී උණ්ඩ කිහිපයක් තිබෙනු දැක පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ එම උණ්ඩ තොගය පොලිස් බාරයට ගෙන ඇත.

එම උණ්ඩ එස්.එල්.ආර් වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරනු ලබන බවට පොලීසිය සැක කරන අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද පැමිණ එම ස්ථානය පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇත.