(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ ග්‍රාම නිළධාරියකුට අයත් බව කියන නිවසක වැඩි මිලට විකිණිම සදහා සඟවා ගෙන සිටි ඩිසල් ලීටර් දහසක් සමගින් ග්‍රාම නිලධාරියාගේ සහෝදරයෙකු අද (09) දින සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් නිළධාරි‍ෙකු උපාය දුතකු ලෙස යොදවා ඩිසල් තොගයක් වැඩි මිලට මිලදී ගැනීමට ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඩිසල් තොගය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපල වටිනාකම රුපියල් හාර ලක්ෂ හතිලිස් දහසක් වේ.

අත් අඩංගුවට ගත් සැකකරු සහ ඩිසල් තොගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.