( තිළිණි ද සිල්වා )
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට අමාත්‍යවරුන් හය දෙනෙකු ගෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් , ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ,ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ,කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන් මෙම අමාත්‍ය අනු කමිටු සාමජිකයින් ලෙස පත් කරනු ලැබ තිබේ.
ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා ආදායම් සුරැකීම වෙනුවෙන් එම බෝග වගාවේ මිල අඩුවීම පිළිබඳ කරුණු පරීක්ෂා කර බලා නොපමාව වාර්තාවක් ඉදිරිපත් කීරීමටද එම අමාත්‍ය අනු කමිටුවට පැවරී ඇත.
මේ දිනවල ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් අපහසුතාවට පත්ව තිබෙන අතර රටපුරා ගම්මිරිස් ගොවීහු විරෝධතා සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉස්සර වාගේ ගම්මිරිස් පිඹින්නේ නැහැනේ... ඒක නිසා ගම්මිරිස් මිල අඩුවෙලා.... කියලා තමයි මේ කමිටුවට හොයාගන්න වෙන්නේ...
අනේද කියන්නේ? කමිටු කමිටු .... එම කමිටු වල වාර්තා එනවිට මෙම අහිංසක මිනිස්සුන්ගේ වටිනා කාලය ශ්‍රමය හැමදෙයක්ම විනාශ වෙලායනවා. අනිත් එක ඔය කමිටුව සාමාජිකයන් රට වටේ යන්න ඕනනේ විස්තර වාර්තා ලියන්න. එ්හැම දේටම අපගේ මුදල් තමයි මොකද ඔය කියන ඇමතියෝ ගෙදරින් ගෙනත් මුදල් වියදම් කරනවද? "අවසානයේ කමිටුවේ නිර්දේශ වැරදි බැවින් එය අවලංගු කරන ලදී "කියලා උත්තරය ලැබුනොත් මොකද?
මොනම හේතුවක් නිසාවත් ගම්මිරිස් ආනයනය කිරීමට ඉඩනොදෙන්න. ප්‍රතිඅපනයනය හෝ මොනම හේතුවකටවත්. ප්‍රතිඅපනයනයෙන් සිදුවන්නේ ලංකාවේ ගම්මිරිස් වලට ඇති ඉල්ලුම හා පිළිගැනීම ක්‍රමානුකූලව නැතිවී යාම පමණයි.
මේවට කමිටුදාලා වැඩක් නැහැ. සිදුවුණු වැරැද්ද නිවැරැදි කරන්නේ නැතුව, වියට්නාමයෙන් ගෙන්වපු බාල ගම්මිරිස්වලට අපේ රටේ හොඳ ගම්මිරිස් කවලම් කරලා ලංකාවේ නාමයෙන් රට යවන්න පටන්ගත්තා එක්තරා ව්‍යාපාරිකයෙක්, ඒ නිසා අපේ ගම්මිරිවලට තිබුණු වටිනා වෙළඳපොල නැතිවුණා. අපේ තේ වලට සිදුවුණා වගේ. දැන් වත් බාල ගම්මිරිස් ගෙන්වලා කවලම් කරලා ලංකාවේ නාමය යටතේ රට යවන එක නවත්වන්න.
ගම්මිරිස් ප්‍රතිඅපනයනයට සම්බන්ධ අැමැති දෙදෙනාත් ඔය කමිටුවේ ඉන්න නිසා මේක හොරුන්ගේ අම්මලාගෙන් පෙන අහනවා වගේ වැඩක් තමයි වෙන්නේ. බිස්නස් කරන පුද්ගලයන් දේශපාලනයට ආවම වෙන්නේ ඔය ටික තමයි.
මොකක් හරි දෙයක මිල අඩු වුනහම එකෙ තිබෙන වැරැද්ද මොකද ? ඒකටත් කමිටු දමල මුදල් නාස්ති කරන්න ඕනෙද ? ඉල්ලුමේ සහ සැපයුමේ හැටියට මිල නියම වේවි ,ලංකාවේ කුළුබඩු මිල කලාපයේ අනිත් රටවලට වැඩිය ඉතා වැඩිය , අද මිනිස්සු අමු මිරිස් පැලයක්, ගම්ම්රිස් වැලක ගෙවත්තේ හෝ ඉඩ ඇති තැනක ලස්සනට පොච්චියක වැවීමට පුරුදු වෙලා සිටිති , 1970 ගණන වල මිනිස්සු මිරිස් නැතුව හොදි කෑවා කියල ලංකාවේ මිනිස්සු වඳ වුනේ නැහැනේ ? ගම්මිරිස් අත්‍යවශ්‍ය දෙයක් නොවේ