(මනෝප‍්‍රිය ගුණසේකර)
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට පාර්ලිමෙන්තුවේ කටයුත්තක් සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (2) අවසර දුන්නේය.
ලබන 12 වැනිදා සිට 15 වැනිදා දක්වා දින තුනක කාලයක් පුරා ලා ඕසයේ පැවැත්වෙන වැඩමුළුවකට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
මේවන තෙක් අධිකරණය බාරයේ ඇති විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය ඔහු වෙත මුදාහැරීමට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරියට නියම කළ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂ 05ක් වටිනා අමතර ශරීර ඇපයක් මත විත්තිකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය ඔහු වෙත මුදාහැරීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආරංචියක් අවා ගම්මන්පිල මහත්තයා ඇමරිකාවේ පන්සලක ධාතු කරඬුවක් ඔළුවේ තියාගෙන හිටියා කියලා. වෙසක් දවස් වල..... අනේ මන්ද මේවා ඇත්තද බොරුද දන්නේ නැහැ... එහෙම හියේ කොහොමද?
ඔය කියන නඩුව විභාගයට ගත්ත දවසේම පිරිසක් ලංකාවෙන් ගියා.. මේක බොරුවක් කියන්න තවත් සාධක වුවමනාද?
පහුගිය ආණ්ඩු කාලයේ මෙයවගේ පොරක් හිටියනම් සුදුවෑන් පිහිටම තමා. අද යහපලානේ පිහිට ඔලුවට අරගෙන.
අධිකරණ රුපියල් ලක්‍ෂ5 ක ශරීර ඇපමත ගමන් බලපත‍්‍රය නිදහස් කර ඇත . ශරීරයක වටිනාකම ලක්‍ෂ ගණනාවක් ලෙසට තීරණය කරන්නේ කෙසේද?