ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ඔහු පාඨලි චම්පික රණවක හිටපු ඇමැති සමග පොදු ජනපති අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන වේදිකාවලට මීට කළින් නැඟ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ! හරිම ලැජ්ජයි (නි)
අපිට නම් ලැජ්ජයි (නි)
කලගුන සැලකීම මනුෂ්‍ය ගුනධර්මයකි. (ර)
මෙහෙම අයට ඡන්දෙ දෙන්න හොඳ නැහැ (නි)
දැන් නියම රටට ආදරය කරන කෙනා එයා කියලා හිතනවා ඇති. රට විතරක් නෙමෙයි ආත්මයත් පාවාදෙනවා (නි)
මේ සමහර අදහස් දිහා බලනකොට මට පුදුම හිතෙනවා (නි)
අනේ මන්දා! මේ අය කතා කරන්නේ කටින්ද? (නි)
කව්ද හිතුවේ මෙහෙම වෙයි කියලා? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන මූලික හරය ඔබතුමා දන්න නිසා, ඔබගත් තීරණය නිවැරදියි. කුහක,අධම,මෝඩ,තකතීරුවො කියන කතා වැදගත් නෑ. (නදී)
අනේ මගේ බලාපොරොත්තු! (නි)
මොහු ගැන මම නම් කොහොමත් විශ්වාස කළේ නැහැ. (නි)
නුඹ වැරදි තීරණයක් ගත්තේ (නි)
පක්ෂ දේශපාලනය අවසන් වී පුද්ගල දේශපාලනය ආරම්භ වන්නද හදන්නේ? (නි)
ටික දිනකින් එයාලටම අමතකවේවි අද ඉන්නේ මොන පැත්තේද කියලා (නි)
සැරදේවා ඔබ! (නි)
රිලා කටුසු දේශපාලනයේ තවත් එක නිදසුනක්. (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
නියම පිනුම්කාරයෙක් වෙලානේ! (නි)
අපරාදේ හැබැයි පැන්නේ.(හේ)
ඔය ගියාට ආයෙත් මෙතුමා මෛත්‍රීගේ පැත්තට එනවා .(හේ)
තව කී දෙනෙක් ඔය වගේ කරනන් ගහයිද දන්නේ නෑ.(හේ)
අවංක මිනිස්සුන්ට ඒ කැඳ හැලියේ ඉන්න බැහැ.(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට..(හේ)
මම නම් හිතුවේ මනුස්සකම් තියෙන නිලධාරියෙක් කියලා. ලැජ්ජාවේ බැහැ (නදී)
දැන්නම් අපේ රටේ දේශපාලනය අප්පිරියයි. මේ කිසි කෙනෙක් දුප්පත් අපි ගැන හිතන්නේ නැහැ. (හේ)
මේ අයට ඡන්දේ දෙන අපියි වැරැදි.(හේ)
මෙහෙමත් මිනිස්සු! (නි)
මේක වඳුරන් කරනම් ගහනවා වගෙයි.(හේ)
මහත්තයෝ ඉක්මනටම [9] වෙනිදට ඔස්ට්‍රේලියාවට පනින්න වන්වේ ටිකට් එකක් ගන්න. (අ)
හිතන් හිටියේ මීට වඩා හොද ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් කියා . මේ වගේ මිනිසුන් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි.(හේ)
රොෂාන්,හෙළ උරුමයෙන් ගියේ හතරදෙනයි. බලාගෙන ඉන්න තව ටික දවසකින් වෙන්නේ මොකක්ද කියලා (නි)
මෙයා කලින් ඔස්ට්‍රේලියාවට පැනලා ගිය හැටිත් අපි දන්නවා.ඉගෙන ගත්ත ඉස්ස්කොලේ විදුහල්පතිතුමාට මල් තියලා වදින්න.එතුමා නැත්නම් අද මෙයාගේ කැලිවත් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. (අ)
අනේ මහත්තයෝ රෙදි ඇදලද ඉන්නේ. විලිලජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැත්ද. ඔයා කොහොමත් පාවෙන පොල්කොම්බයක් වගේ තමයි.(හේ)
ඉගෙනගත්ත ඉස්කෝලෙත් නම්බුව කැවා.අපිටත් එක්ක ලැජ්ජයි මහත්තයෝ.අපි මෙච්චර කල් ආඩම්බරයෙන් කිය කිය හිටියා මෙතුමා ගියෙත් අපි ගිය ඉස්කෝලෙට කියලා.දැන් ඉතින් මෙයා ගියේ අපේ ඉස්කෝලෙට කියලා කියන්නත් ලැජ්ජයි. (අ)
මේ මොකද වෙන්න යන්නේ (දිල්)
මේ යන විදියට තව ටික දවසකින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දේවි(දිල්)
අපට හිතා ගන්න බැහැ කවුද හරි, කවුද වැරදි කියලා. කොහොම වුණත් දේශපාලකයන් මෙතරම් පහත් තත්වයකට වැටුනේ නැහැ. ඉතිහාසයේ කවදාවත්. (දිල්)
මේ යන විදියට මොනවා වෙයිද? (නි)
මෙහෙමත් ආත්මය විකුණන දුර්ජනයෝ ඉන්නවනේ.නැවතත් ඔබව ඔස්ට්‍රේලියාවට [අ] සාදරයෙන් පිලිගනිමි. (අ)
මේ වගේ අය නිසා දේශපාලනය එපා වෙනවා (දිල්)
18 වෙනි සංශෝධනයේ තිබෙන බරපතලකම තේරුම් ගන්න. (නි)
මහත්තයා කරපු වැඩේ ගිය ඉස්කොලෙටත් අවනම්බුවක්. (අ)
මේ මැතිවරණය ළග එද්දී මේ අයට මොනවා වෙලාද (දිල්)
සන්ධාන බස් එකට තනිවම නැග්ගා නම් කට වහගෙන යන්න තමා තියෙන්නේ. (නි)
මම හිතුවේ නැහැ මෙතුමා ප්‍රතිපත්ති පාවා දෙන කෙනෙක් කියලා. (අ)
ප්‍රතිපත්ති නැති මිනිස්සු. මේ වගේ පුද්ගලයෝ දෙසපලනයෙන් ඉවත් කරන්න ඕනේ. කොච්චර බුද්දිමත් වුණත් වැඩක් නැහැ. මේ අයගේ වාසියටයි වැඩ (දිල්)
අයියෝ මහත්තයෝ, මොකද්ද මේ කරපු 2.50 හේ වැඩේ ? (අ)
මොකද වෙන්නේ හිටි ගමන් මේ අයට (දිල්)
ඔබට සත්‍ය තේරිලා දැන් .ගත් තිරණය බොහොම හොදයි (දිල්)
අපරාදේ ලංකාවේ මිනිස්සු ගම්මන්පිල මහත්තයාගේ ගිණුමට දාපු සල්ලි..(දිල්)
ගම්මන්පිල ආණ්ඩුවේ. ඔහුගේ සියලු දෙනා පොදු විපක්ෂයේ (නදී)
මෙයාට ප්‍රතිපත්තියක් නැහැ. කුඩු එතනෝල් ගේන අය අස්සෙම ආයෙත් රිංගුවා නේද ? (නදී)
ගම්මන්පිලට මම ගොඩක් ගරුකලා. එයත් බොරුකාරයෙක්. (ම)
දැන් අපේ සහාය නම් දෙන්නෙ නැහැ ඔයාට (නි)
කොහොමද සල්ලි බලේ (ම)
රට ගැන හිතලමද මේ පිනුන්ගහන්නේ , පව් මේ අයට කාගේ පිහිටද ?මේවා අහන අපිටත් පිස්සු හැදෙනවා .(ම)
බස් එකෙන් බැහැලා ආයෙත් ගොඩවුණේ දැන් හරි පාරේ යන නිසා වෙන්න ඇති. සුබ අනාගතයක් (නි)
ඊලග පාර්ලිමේන්තුව තියන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න එකග කරගෙන ඉදිරියට යන්න. බටහිරට අවශ්‍ය දුර්වල නායකත්වයක් හදන්න ඉඩදෙන්න එපා. (හේ)
මේකට යලි කරනම් ගැහීම කියන්න එපා. එතුමා ගියේ බල කිරිම් නිසා. (හේ)
පාවාදීම පටන් අරගෙන වගෙයි.(හේ)
මෙයා ගියාට කිසියම් මතවාදයක් ගොඩනගන්න මෙයාට බැහැ නිකම් ඡන්ද කීපයක් පමනයි. (හේ)
ඒක එයාගේ කැමැත්තනේ (නි)
මේ හැම දෙයින්ම පෙනෙන දෙය තමයි මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියන එක. (හේ)
මේ අයට ඡන්දේ දෙන අපිට ගහන්න ඕන .(හේ)
හෙළ උරුමයට බුදු සරණයි! (නි)
තේරුම් ගැනීමට අමාරුයි. මේ අය දේශපාලනයට එන්නේ රටට සේවයක් කිරීමටද? තමන්ට සේවයක් බලාපොරොත්තුවෙන්ද? සමහරවිට එයාලවත් දන්නේ නැතුව ඇති. හරිම දුකයි. (නදී)
මේ අයගේ පුරුද්දනේ ඔය.(හේ)
දූෂණ, වංචා ඔබට කැප නැත (නි)
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එතුමා කළ ප්‍රකාශය සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරු ඇහුවා නම් කවුරුවත් මේකට කසඩ ප්‍රතිචාර දාන්නෙ නැහැ. (නදී)
මේ අය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
කවදාවත් දේශපාලකයෝ විශ්වසකරන්න එපා කියන එකට හොඳම උදාහරණය මේ "මහත්තයා " මිනිස්සු (අපි ) හිතුවා මෙයා හොඳ අවංක කෙනෙක් කියලා සල්ලිත් ඉල්ලුවම දුන්න (රු 100 ) දැන් බල්ටි ගහනවා කරුණාකරලා මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලි ටික දීලා ඉන්නවද ? අඩු තරමේ ඒ තරමට වත් සදාචාරාත්මක වෙනවද ?(හේ)
මේ මහත්වරු විශ්වාස කරලා පස්සෙන් යන මිනිසුන්ට මොකද්ද වෙන්නේ (දිල්)
ගම්මන්පිල මහත්තයා දුර බලන්න ඇති ඒකයි මේ තීරණය ගන්න ඇත්තේ (දිල්)
දැන් ඉතින් ඔය එහාට-මෙහාට පනින ඒවා ගැන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න එක හොඳයි.ඔය සෙල්ලම අනාගත දේශපාලනය සම්බන්ධයෙන් කිසි වටිනාකමක් නැති සිදුවීමක් විදියට හිතන එක ඇඟට ගුණයි .(බ)
රටේ සහ ජනතාවගේ යහපතටද? තමුන්ගේ යහපතටද?ඇත්ත දන්නේ ගම්මන්පිල මහත්තයාම තමයි (දිල්)
දැන් ඉතින් ඔය එහාට-මෙහාට පනින ඒවා ගැන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න එක හොඳයි.ඔය සෙල්ලම අනාගත දේශපාලනය සම්බන්ධයෙන් කිසි වටිනාකමක් නැති සිදුවීමක් විදියට හිතන එක ඇඟට ගුණයි. (බ)
ජනවාරි 8 මහින්ද තමයි ජනපති (නදී)
ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ මේ වගේ දේවලට තමයි (දිල්)
මෙහෙම කළාම කොහොමද අනික් අයගේ මුණ බලන්නේ (දිල්)
මෛත්‍රීපාල මහත්තය මේ මාසෙට කොතරම් වෙනස් විදියේ ප්‍රකාශ කලාද ? එහෙම උනාම ගියපු අය එයා එක්ක ඉදීවිද ? එමනිසා නැවත ආපු එක හොද තීරණයක්. පොන්සේකා මහත්තය මිට මාස කිහිපයකට කලින් කිවා, "මම එදා දින්නනම්, මගේ වටේට හිටපු මැක්කො ටික බලය අල්ලගන්නවා" කියල. අද මෛත්‍රී වටේට ඉන්නේ ඒ මැක්කොටිකම තමයි, රතන හිමි සහ චම්පික හැරුනම. (බ)
තමන්ට පමණක් වරදාන වරප්‍රසාද ලැබිය හැකි වුවත්, රටට හොඳක් සිදුනොවේ....ඔබතුමාගේ ක්‍රියාකලාපය අජූතයි....අසික්ඛිතයි...ඔබට අබසරණයි...(බ)
මේක පුදුම පැනිල්ලක්නේ (දිල්)
මෙතුමා නේද මුලින්ම කටගහගෙන ආවේ මහින්ද මහත්තයාගේ බස් එක යන පාර වෙනස් කරන්න ඕන කියල.හරියට එක ප්‍රතිපත්තියක් නැති මිනිස්සු දේශපාලනයට අවම වෙන්නේ චන්දෙ දුන්නු අසරණ මිනිස්සු අනාථ වෙන එක.අපි ඉහ මුදුනින් පිළිගෙන අතේ තියෙන රුපියල් සීයය දීලා නායකයන් පත් කරලා අද එක පක්ෂයක හෙට තව පක්ෂයක. මිනිස්සු අතරමං. මොකක්ද හරි මොකක්ද වැරදි කියල. තමන්ගේ හිතු මනාපයට පක්ෂ මාරු කරන්නේ එක ඡන්දයකින් පත් උනා වගෙයි. (බ)
මේ වගේ අයට ඡන්දය දෙන අපට පිස්සු (ම)
දේශපාලන තීරණ ගල් අඟුරු මගඩි වලට වඩා ප්‍රගතිශීලී වේවි (බ)
තමුසෙලා මොනවා කීවත් "ලිපිගොනුව" බේරාගන්ඩ එපාය (අ)
කිසිම ප්‍රතිපත්තියක් නෑ. (බ)
දෙයියනේ.. මම තිස්ස අත්තනායක මහත්තයට ගරු කරනවා.. මෙහෙමත් ලැජ්ජාවක් නැති මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා.. උපාසක බළල්ලු මීයෝ දෙන්නා ගානේ අල්ලනවලු නේ...(බ)
ගිහින් අාව එක හොදයි එ් අයගේ ඇත්ත තත්ත්වය බලාගන්න අපි ඔබ සමගින්.(හේ)
බලමු තව එනවා. ඇත්තම දේ තේරුම් ගන්න මේ අයට පොඩි කාලයක් යනවා. ජයවේවා අපේ ජනාධිපතිතුමනි අපි හැමදා ඔබ සමගයි (බ)
එක සිත දෙතැනක නතර වෙලා. එ්කාධිපතිවාදයට කඩේ යාම මෙයා කොහොමත් හෙළ උරුමේ ස්ථාවරයේ නෙමේ හිටියේ (බ)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු .....ලජ්ජා නැතිව අායෙමත් ඇවිත්...(හේ)
මුන් එකෙක්වත් විස්වාස කරන්න බෑ. සල්ලි තමා. (බ)
හොද තීරණයක්. ගියපු අනිත් අයටත් තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.(හේ)
දැන් නම් මොළේ වැඩකරන්න පටන් අරන් (බ)
මේ පිස්සෙක්නේ වැදගත් කියල හිතුවට පොලිටිකල් කරද්දී ඔක්කෝම 8 පාස් අය වගේ වෙනවා (බ)
අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙන කිසි රටක නැතිව ඇති.(ම)
සල්ලි හදිස්සියක් වෙලා (ම)
කල වරද තේරුම් අරන් ආපසු පැමිණීම පිලිබඳ සතුට ප්‍රකාශ කරමි .(ම)
නිදා ගන්න බයයිනේ හෙට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ (දී)
මොනවද මහත්තයෝ මේ කරන්නේ (දී)
අනේ මහත්තයෝ (දී)
මේ අය මොන කරණමක් ගැහුවත් වැඩක් නෑ මේ අය ඔය තැන ඉන්නේ අපි නිසා.(හේ)
අන්න නියම අභීත කෙනෙක්. මේ ඇත්තාගේ ලිපි ගොනුව හමුවෙලා වෙන්න ඇති ! (දී)
විලි ලැජ්ජයි (දී)
මේ මොන විකාරයක්ද මේ (දී)
ඉන්දික මහත්තයෝ,අපි තමයි [ඒ කියන්නේ ඉගෙනගත් පාසලේ දෙමාපියන්, විදුහලේ ආදි සිසුන් ආදිය තමයි ] එයාව මන්ත්‍රී කෙනෙක් කරන්න මුලිකත්වය ගත් අය. නමුත් අපි කිසිදා බලාපොරොත්තු වුණේ නැහැ මෙවැනි පාවාදීමක්.එතුමාට ලබන වර බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඔබේ තීරණයට මගේ හද පිරි තුති. රතන හිමි ගියාට අපට වේදනාවක් නැත. අපව හදවතින් විශාල පසුබෑමකට ලක්වුවේ ඔබ සහ චම්පිකගේ හදිසි නික්මයාමයි. මම අවංකව හදවතින්ම පතනවා චම්පික සොයුරාත් අප සමග නැවත ඉක්මනින් එකතුවෙයි කියා. මහින්ද මහතා 100% නිවැරදි යයි අපි නොකියමු. අඩු පාඩු එමටයි. කළ යුත්තේ හැකිපමණ ඔහුට බලපෑම් කරමින් ඔහුව නිවැරදි මගට ගැනීමට ක්‍රියාකර රටට ජයග්‍රහණ අත්කර දීමයි . එත් ඔබ අප සියලු දෙනා ගිරිදුර්ග ගෙවා පැමිණි මෙම මග කොතරම් කටුකදැයි දන්නේ අප පමණයි. එනිසා මියෙම්වා හෝ රැකෙම්වා ඉදිරියට යනවා විනා අපට ආපසු යාමක් නොමැත. රටට, දැයට, ආගමට, ඔබ සියලු දෙනාට ජය වේවා!! (දිල්)
එහාට පනිනවා, මෙහාට පනිනවා,වෙලාවේ හැටියට තමයි හැම පැනිල්ලක්ම (දිල්)
කිතුල් ගහට නැග්ග මිනිහාටත් කියන්න දේවල් තියෙනවනේ (නි)
ඕක තමයි අපි කිව්වේ. අන්තිමට මුළු රටම ජනපතිතුමාට.(දිල්)
මේ මොකද්ද වෙන්න යන්නේ (දිල්)
මේ වගේ අයට ඡන්දය දෙන අපට පිස්සුද (දිල්)
ඔන්න දැන් කාගේද ෆයිල් තියෙන්නේ කියලා පේනවා නේද ? කෝ රට ගැන ආදරයක් (දිල්)
මේ දේශපාලනය නම් දැන් එපා වෙලා .කිසිම කෙනකුට රට ගැන ආදරයක් නෑ (දිල්)
අපට පේන විදියට මේ මේ අය රටට ආදරයක් නැති ගාණයි (දිල්)
මුලින් එනකොට රුපියල් 100 ගානේ එකතු කරපු සල්ලි ඔක්කොම ගන්න අමතක වෙන්න ඇති. (දිල්)
මේවා නම් ලැජ්ජා නැති වැඩ නේද (දිල්)
ප්‍රතිපත්තියක් නැති දේශ පාලකයනට රැවටෙන්නේ අපේ නූගත් මිනිස්සු .එහෙට මෙහෙට පැන පැන ඉන්නේ නැතුව එක තැනක හිටිය නම් නම්බු කාරව ඉන්න තිබුන නේද ? (ම)
ලැජ්ජ නෑනේ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට පනින්න.(හේ)
ඇමතිකමේ රස නැවත දැනිලා වගේ.(හේ)
මේ වගේ අයට වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ.(හේ)
මේ පිස්සු දේශපාලඥකයෝ ඊළග ඡන්දේදි ගෙදර යවන්න.(හේ)
එ්කාධිපති වුනත් මොකද රට බේරාගත් , රට සංවර්ධනය කරන නායකයට කඩේ යන එක හොඳයි යුද්ධයට සමච්චල් කරපු, චැනල් 4 කාරයා සිරි කොතට ගෙන්නලා පිළිගත්තු දේශද්‍රෝහින්ට කඩේ යන්නේ නැතිව.(බ)
හොඳම විහිළු සපයන රට ලංකාව කියලා දැන් ලෝකෙම ප්‍රසිද්ධයි. (හේ)
ඇමතිකම දාල ගියා කියලා ගෙදර කචල් ඇති. ප්‍රතිපත්ති කන්නද ඔන්න ඔහේ අාපහු යනවා කියලා හිතුනද? මෙයාද අර දෙපා වැඳ සමාව ගත්තා කිව්වේ? ලැජ්ජයි. (නදී)
මේ මොනවද වෙන්නේ? කෝ ප්‍රතිපත්ති?මෙහෙම අය ද රට හදන්නෙ? (ම)
රුපියල් 100 ගානේ එකතු කරපු කෙනා නේද මේ.දැන් ගාන කීයද දන්නේ නෑ නේද. ඊයේ කියපු දේ අද වෙනස් කරන නායකයෝ . (ම)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි මහින්ද දුන්න බලගතු මල්ලි (ම)
හොඳ තීරණයක් (නි)
මේ මිනිස්සු ගැන හිතෙනකොට අපිට පිස්සු වගේ ..පිරිසිදු දේශපාලන චරිත අපේ රටේ අැත්තේම නැහැ .මුදලට කෑදරකම තමා. (බ)
මේ වගේ කෙනෙක් තියාගන්න මිනිස්සු ගැනයි දුක මට (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මගෙන් ගත්ත රුපියල් සීය කෝ? (නි)
අනේ මේක නම් පාඩුවක්. මගේ හිතට හරිම කණගාටුවක් දැනුණා (නි)
කරුණු කාරණා තේරුම් යනකොට හරි පැත්තට එනවා, ජය වේවා.. (හේ)
ඔබතුමාට ලැබෙන්නේ මොනවාද? (නි)
චම්පිකත් ඉක්මණින් එයි (නි)
හෙළ උරුමය තියෙන්නේ ඊලග ඡන්දේ වෙනකන් පමණි..ඊට පස්සේ බෝඩ් ලෑල්ලක් තියේවි.(හේ)
කොළඹින් ලැබුණ ඡන්ද ටිකත් ඉවරයි (නි)
දැන් බලමුකෝ මෙයාට මොනවද ලැබෙන්නේ කියලා. ජනතාව අවදියෙන් ඉන්නේ මහත්වරුනේ. (නි)
කවුරු බලයට ආවත් මේ වගේ දෙබිඩි චරිත දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. (බ)
තව අයත් ඒවිද මෙහෙම යනකොට? (නි)
වැරැද්ද තේරිලාද? (නි)
අනේ මම දන්නෙ නැහැ ලැජ්ජාවක් නැද්ද කියලා (නි)
හුඟ දෙනෙකුට දුකයි නේද? පව් අනේ (නදී)
මේ වගේ අය ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
මම ඔබතුමා අගය කරන පුද්ගලයෙක්මි.ඔබගේ තීරණය අතිවිශිෂ්ටයි. (නි)
ළඟදීම තව තව අයත් මහින්දට එකතුවෙනවා !!! (නි)
අපි බලා ඉඳිමු චම්පිකලා නව පාලමක් හදයිද,ගම්මන්පිල දියේ ගිලේද කියලා (නි)
දේශපාලන ඉබෝලාවෙන් සුවවීම හොඳ දෙයක් (නි)
කෙළින් අපිට කතාකරන්න පුළුවන්ද මෙයාට (නි)
මේවා දැකලා මට පිස්සු වගෙයි (නි)
මොන කරණම් ගැහුවත් කමක් නැහැ, හොඳට හම්බවෙන පක්ෂ වලට පනින්න (නි)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.විහිළුවක් මේක.. (නි)
දැන් ගහන කරණම් දැක්කම ලොකු ලොකු අයත් හෙට ආණ්ඩුවට යන්න බැරිකමක් නැහැ (නි)
හෙට විතර වෙනකොට අනිත් අයත් ආපසු එයිද? (නි)
පිපාසයට ලෝදිය බොන එක විසඳුමක්ද මහත්තයෝ? (නි)
ඇත්තටම දේශපාලනය ප්‍රතිපත්තියකින් කරන්නේ සාමාන්‍ය මිනිස්සු විතරයි (බ)
දේශහිතෛෂී සහ පරගැති තීරණය අතර දෝලනයවීමක්. (නි)
එයා බෙල්ල නම් බෙරාගනියි. (ර)
මෙයාලට ඡන්දෙ දුන්න අයට සිද්ධවෙනවා තමුන්ගේ ඔලුවේ අං තියෙනවද කියලා බලන්න දැන් ඉතින් (නි)
ඇත්තටම ඔය මහත්වරුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? (නි)
අපෙන් අරන් අපිටම දඬුවම් දෙනවා (නි)
දැන් ඉතින් නම් ඔබතුමාට රුපියල් 100 එකතුකරන්න ඕනෑවෙන එකක් නැහැ (නි)
හෙළයට නියම උරුමකරුවෙක් මොකද අපේ අය රජ කාළේ ඉදන් කළේ පාවා දීම් තමයි.(හේ)
නිවැරදි තීරණයක් ඔබට ජය (බ)
පාඨලීවත් එක්කගෙන එන්නකෝ (නි)
කවුරු ආවත් ගියත් මෛත්‍රී දිනනවා.ඒක ඉර හඳ වාගේ විශ්වාසයි (නි)
අනේ පව් මෛත්‍රී, ඔයත් පුලුවන්නම් අායෙමත් එන්න! (බ)
මෙතුමා කටක් ඇරලා කතා කරන්නේ කොහොමද මෙහෙම? (නි)
නිවැරදි තීන්දුවක් (නි)
මේ වගේ අයට ඡන්දෙ දුන්න අපිට තමයි ලැජ්ජ නැත්තේ.(හේ)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු හින්දා තමයි රට අරාජික වෙන්නේ.(හේ)
එනකොට හොඳයි. යනකොට නරකයි.(හේ)
තව එනවා ,බොරු නම් බලන්නකෝ (නි)
තේරුනේ දැන් තමයි .(හේ)
සල්ලි කථා කරයි (බ)
චම්පික මහතාට වෙන්නේ ඇහෙලපොලට වුන දේ තමයි.9හේ)
මේ විගඩම් වලට අපිට කටින් නම් හිනා යන්නෙ නැ...(බ)
හරිම අප්පිරියාවක් දැනෙනවා. කැරපොත්තෙක් හැපුන වගේ. (බ)
මොන දේශපාලනය කරන්ටත්, ස්ථාවර ස්වෛරී රටක් ඕනේ. දැනට, ආසියාවෙන් ඉහළ ආර්ථික වර්ධනයක් සහිත රටවල් අතරින් එකක් ලෙස ලංකාව හඳුනාගෙන තිබෙනවා. කරුණාකර අස්ථාවර රටක් බිහි නොකරන්නට සැවොම වග බලා ගත යුතුයි. (බ)
රන්ජිත් මහත්තය, දොයියන කොට කට වහන් නිදිය ගන්න. නැත්නම් ඔය කට ඇරගෙන දකින හින වල හැටියට කැරපොත්තෝ නෙමෙයි තඩි ගෙම්බෝ හැපෙන්න පුළුවන්. (ර)
මට පෙනෙන්නේ හෙළ උරුමයෙන් ගිය 5දෙනාගෙන් එක්කෙනෙක් ආපසු ආව වගේ. (බ)
මගේ රුපියල් දහය දීල යන්න (බ)
පව් නුවන් මොකුත් කියන්න එපා. අහිංසකයට සල්ලි හදිසියක් වෙන්න ඇති. අයියෝ අපිට බැරි උනානේ ප්‍රාදේශීය සභාවකටවත් රිංගගන්න. අපිට තියෙන ආර්ථික ප්‍රශ්නවල හැටියට එහෙම උනානම් අපිටත් ගොඩ යන්න තිබුන. හිරිකිතයි. (බ)
ඔහුගේ ජීවිතේ අදුරුතම දවස අද.මෙම තීරණය ගැනීමට කුමක් හේතු වුණාද? ඔහුගේ දේශපාලනය අදින් අවසන්.(හේ)
කට විතරයි ප්‍රතිපත්ති නෑ.(හේ)
ඔක්කොම ඡන්දේ අපේ ජනපතිට .. නමුත් පාර්ලිමේන්තු ඡන්දේ දි මේ අයට.ටිකට් එකවත් ලැබෙන්නේ නැහැ ...තමන්නට තමන් විශ්වාස නැති අය.. රටට මොනවා කරයිද?(හේ)
දැන් කවුරු ගත්තත් වැඩක් නැහැ (නි)
අපි මෙච්චර දවසක් හිතුවේ මහත්මයෙක් කියලා,(හේ)
අපෝ! ගිලෙන නැවකටනේ පැනලා තියෙන්නේ (නි)
රටට ආදරය කරන ඒකාධිපතියෙක් වුණත් අපිට හොඳයි (නි)
ඒක එයාගේ කැමැත්තනේ (නි)
සල්ලි වලට ආත්මය පාවාදෙන්න එපා (නි)
කිසිම ප්‍රතිපත්තිමය තීරණයක් නෙමෙයි. මෙයා ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)
චම්පික මහත්තයෝ, සත්‍යය අවබෝධ කරගෙන ඉදිරි අවුරුදු පහේත් සන්ධානය තුළ සිංහල බෞද්ධ බලවේගයේ හඩ ඉස්මතු කරන්න (නි)
මෙයා මෙහෙම කෙනෙක් කියල මුණ බැලුවාම පෙනෙවා. (ර)
මේ ඔක්කොම හොරු ප්‍රවේසමෙන් ජය ජනපතිට (අ)
මේ වගේ අය කෙහෙල් පිති වලින් කප්පන පුළුවන් , රුකඩ .....! (අ)
අනේ අම්මපා කිසි ලැජ්ජාවක් නැනෙ මෙයාට (අ)
අසරණ ජනතාව ඒකාධිපති වියරුවෙන් නිදහස් කර ගැනීමේ "මානුෂිය මෙහෙයුම" පාවල දෙනවා කියන්නේ මහා පාප කර්මයක් කියලවත් වැටහෙනවද? (අ)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.අද සිට ඔබගේ දේශපාලන වේදිකාවේ කඩාවැටීම ආරම්භ වනු ඇත. (නි)
කට්ටියම පිස්සු හැදිලා වගෙයි ඉන්නේ. (නි)
ගම්මන්පිල සහෝදරයට අපහාස කරන හැමෝම හොඳින් තේරුම් ගන්න ඔහු හොරෙක් හෝ මුදලට කෑදර අයෙකු නොවන බව.ඔහු පොදු අපේක්ෂකයා පෙරට දමා කරන ජාති ද්‍රෝහීන්ගේ නාඩගම් තේරුම් ගත්තා. (නි)
කියක් හම්බුනාද දන්නේ නැහැ. කවදත් අපේ මිනිස්සු කළේ පාවා දෙන එක තමයි (නදී)
ළඟදීම තවත් අය එනවලු නේද? (නි)
කොහොමත් තමන්ගේ ණය ගෙවන්න ඕනෑනේ. (නි)
කාට කියන්නද? (නි)
චම්පික මහත්තයෝ, සත්‍ය අවබෝධ කරගෙන ඔය අයට එක්වෙලා අනාගතය නැතිකර ගන්නේ නැතුව ඉදිරි අවුරුදු පහේත් සන්ධානය තුල සිංහල බෞද්ධ බලවේගයේ හඩ ඉස්මතු කරන්න නැවත මහින්ද මහත්තයා ළඟට එන්න (නි)
අපි දන්නා ගම්මන්පිල නම් මෙහෙම කරන්නේ නැහැ. පොඩි සැකයක් නම් තියෙනවා ඒ නිසා. හෙට අනිද්දා සියල්ල හෙළිකර නැවත සුපුරුදු නවාතැනට එන්නත් බැරි නැහැ. (නි)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු හින්දා තමයි රට අරාජික වෙන්නේ. (නි)
නුවන්, දන්නවා වගේ තමන්ගේ මෝඩ අදහස් ඉදිරිපත් කරන්න එපා. (නි)