ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනකු ම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වූ බව හෙළ උරුමයෙන් ඉවත්වී සන්ධානය හා එක්වූ උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
හැකි ඉක්මනින් අලුත් දේශපාලන පක්ෂයක් සකසන බවත්, බොදුබල සේනාව හා සිහල රාවය වැනි බෞද්ධ සංවිධානවල සහායද ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
ජනපතිට සහාය දැක්වීමට පැමිණි ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු ඇඹිලිපිටිය, බලංගොඩ, පාතහේවාහැට, දඹුල්ල, මහර, මහරගම, සීතාවක, බේරුවල, බියගම, ගම්පහ, වත්තල, හාරිස්පත්තුව, පානදුර, උඩුදුම්බර, කරුවලගස්වැව, පදියතලාව හා කහටගස් දිගිලිය පළාත් පාලන ආයතන නියෝජනය කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල මහතා ගොඩනැඟුනේ, ඒ නම හදාගත්තේ සිහල උරුමය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂ හරහායි.ජාතික හෙළ උරුමය බෞද්ධ පක්ෂයක් වශයෙනුත්, එම පක්ෂයේ නායකයා ස්වාමින් වහන්සේ නමක් වශයෙනුත් සිටිද්දී ගම්මන්පිල මහතා හොරරහසේම සිදුකළ මේ පැනිල්ල ඉතාම අවිනීතයි. සිංහල බෞද්ධ සදාචාරයට පටහැනියි. පක්ෂයෙන් එළියට යන එක නෙමෙයි ගැටලුව, භික්ෂුවක් නායකත්වය දරන පක්ෂයකින් එළියට යද්දී කිසියම් විනයානුකූල ක්‍රමයකට එය කළයුතුයි. නමුත් ගම්මන්පිල එය එසේ කළේ නැහැ. (නි)
යහපාලනයක් ගැන කතා කරන කෙනාගේ සහෝදරයා අරලිය හෝටලය හදල තියෙන්නෙත් වැව් රක්ෂිතයේ නේද ? (නදී)
කවදාවත් නැතුව මෙච්චර මහන්සි වෙන්නේ මෙයා ආණ්ඩුව එක්ක ගහපු ගිවිසුම මොකද්ද කියලා දැන ගන්න පුලුවන්ද ?(හේ)
මඩට පනිනවා...ආයෙත් ගොඩට පනිනවා... දෙක දෙක ගාලා අන්දර දෙමළ කියනවා.... (නි)
බුදු දහම පමණයි අපට අැති එකම සම්පත. අපිට දේශපාලනයෙන් කාෙහෙත්ම වැඩක් නැත (නි)
ගම්මන්පිල මහත්තයෝ, ඔබේ ආත්මය දැන් මිනිස් හදවත් තුළින් මැකීගොස් අවසන්. ඔබ දැන් ඔවුන්ට තවත් එක් දේශපාලකයෙක් පමණයි. (නි)
ගම්මන්පිල මහත්මයා, මමත් ඔබතුමා ඉගෙනගත් පාසලේ ආදි සිසුවෙක්.ගියවර ඔබට මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් වුණේ කෙසේද කියලා ඔබතුමා දන්නවා. හැබැයි ඊළඟ වර නම් අපෙන් එවැනි සහයෝගයක් බලාපොරොත්තු වෙන්න එපා.බොහොම කණගාටුයි. (නි)
අපි මොනතරම් විශ්වාසයක් හෙළ උරුමය මත තැබුවාද? ගම්මන්පිල මහත්තයා මොකට ඕකට ගියාද මං දන්නේ නැහැ. ඒ නමුත් ඕක නම් කැත වැඩක් කියලයි හිතෙන්නේ. (නි)
ගම්මන්පිලට පොඩි හීනමානයක් තියෙන ලක්ෂණ පහල වෙනවා. (හේ)
සිංහල ජාතිය හා රට රැකගන්න ගම්මන්පිල ගත් තීරණය හරි. පාට කණ්ණාඩි ගලවා බැලිය යුතුයි (නි)
තිලක්, ඔබ නම් නියමයි (නි)
මෙතුමා ආණ්ඩුවට ආවේ වෙනයම් ලාභ අපේක්ෂාවකින් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
ගම්මන්පිල මොනවා කරනන් යනවද මන්දා? (නි)
භික්ෂූන් වහන්සේලා ඡන්ද වැඩවලට යොදාගන්න එපා. එය ශාසනයේ පරිහානියයි. (නි)
මේ කරන්න යන වැඩෙන් සංඝභේදයක් ඇතිවෙන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ (නි)
පක්ෂ නායකයෙක් වෙන්න හිතලා වගේ.(හේ)
අනේ ගම්මන්පිල මහත්තයෝ....... (නි)
ගම්මන්පිල ගැන මිනිසුන් තුළ මැවී තිබුණු චිත්‍රය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වී හමාරයි (නි)
දැන් බලාගෙන ගියාම විපක්ෂයට යන අය යන්නේ කිසිම ලාභ අපේක්ෂාවකින් නෙමෙයි. ඒ අය හරි හොඳයිනේ! (නි)
ලැජ්ජයි මහත්තයෝ. ඔබ මෙසේ වෙයි කියා කිසිදා නොසිතුවෙමු. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ගම්මන්පිලට ජනාධිපති කෙනෙක් වෙන්න වත් හිතුනද? (නදී)
ලංකාවේ බහුතරය සිංහල බෞද්ධ වුණත් මෙවන් ආකාරයේ පක්ෂ වලට බහුතරයකගේ කැමැත්තක් නැති බව මෙතෙක් පැවති මැතිවරණ වලින් පැහැදිලිවී තිබෙනවා (නි)
බොදුබලය දේශපාලනයට එන්නේ නැහැ කියලා නේද කිවුවේ? (නි)
නායකයෝ ජරාව කාල රටට ද්‍රෝහී වුනාට පොඩි මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඔබලාට ජය (නදී)
ආයෙත් රුපියල් 100 ගානේ ඉල්ලයිද ? (නදී)
අලුත් පක්ෂයේ සලකුණ හැටියට පන් කොළ මල්ල යෝජනා කරනවා. (නදී)
තිලක්, ඔයාගේ කතා අහලා අපිට එපාවෙලයි තියෙන්නේ. ඔයා ඔය කියන එකක් ඔප්පුකරල පෙන්වන්න. නැත්නම් සාක්ෂියක් හරි අපිට ලබාදෙන්න. (නි)
ඉතින් ධම්මික අනිත් අයට කියන්න ඉස්සල්ලා ඔයා පාට කන්නාඩි ගලවලා ඉන්නකෝ (බ)
අසංග.මම මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේදී පවා කොලබ ඇවිදිනවා මගේ පවුන් 7 ක චේන් එකක් දාගෙන,බ්රෙස්ස්ලේට් එකක් දාගෙන. දැන් ගියොත් බෙල්ලත් නැතිව එන්න වෙන්නේ. මිට අවරුදු 2-3 කදී ඉදල රටේ කුඩුකාරයෝ වැහි වැහලා. හොරු මංකොල්ල කාරයෝ වැහි වැහැල. පුළුවන් එකා කෝටි ප්‍රකෝටි ගණනින් රටේ ධනස්කන්දය ගසා කනකොට කන්න නැති අසරණ එකා හොරකම් කරලා හෝ කන්න හදනවා. දැන් ලංකාවට නිවාඩුවට ආවම ඇඳන් යන ඇදුම ගලවාගෙන දුවයි කියන සැකයෙන් ඉන්නේ. රටේ නීතියක් තියෙනවද? (බ)
ගම්මන්පිල දැන් නම් මිනිසුන්ගේ හදවත් වලින් පිටවී හමාරයි (නි)
මේක තේරුම් ගන්න බැරිද? මට නම් පුළුවන් (නි)
වතුරේ ගහගෙන යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා මම අහලා තියෙනවා (නි)
බොදුබල සේනාව හා සිංහල රාවය... අපි ආදරය කළ සංවිධාන. ඒත් දැන් මේ සංවිධාන දිනෙන් දින අපේ සිත් තුළින් මැකීයනවා. කණගාටුයි. (නි)
මට නම් ගම්මන්පිල මහත්තයා ගැන විතරක් නෙමෙයි, චම්පික මහත්තයා ගැන තිබුන චිත්‍රයත් වෙනස්වෙලා. හේතුව මම පාට කණ්ණාඩි දාලා බලන්නේ නැති නිසා. (නි)
තිලක් ඩුබායි ,ඔයා ඩුබායි වලටම වෙලා වැඩක් බලාගන්න. (නි)
අලුත් පක්ෂයෙනුත් ටික කලකදී පනියිද ?(අ)
ටිකිරි බණ්ඩා, මුදලට රට පාවාදෙනකොට අප්‍රසන්න නැද්ද? (නි)
ඔබට සහ අප රටට ජය !(හේ)
මිනිස්සු බුද්ධිමත් විය යුතුයි.(හේ)
ඇත්තටම ඔතන ඉන්නෙ පරන හෙල උරුමෙ සාමාජිකයන්ද?(අ)
මේකද මෙයාගේ ප්‍රතිපත්තිය... (නි)
මහත්තයෝ දැන්වත් ඔය ආගම විකුණන් කන එක නවත්වන්න පුලුවන්ද ඔහෙලගෙ වැඩ හින්ද අපිට බෞද්ධයෝ කියල කියන්නත් ලැජ්ජයි.(අ)
නියමයි!! බොදුබල සේනාව හා සිහල රාවය එක්ක එකතු වෙන්න. එතකොට මෛත්‍රීට දිනුම ෂුවර්. (අ)
ඒකාධිපතියෙකුගේ දෙපතුල් ලග වැද වැටෙනවා දැක්කම පුදුම අප්පිරියාවක් තියෙන්නේ. (අ)
අන්තර්ජාලයේ සම්පුර්ණ විස්තරයක් තිබුන.ලැජ්ජයි මහත්තයෝ. (අ)
ඇස් ඉදිරි පිට බොරු කරන බොරු කියන අය කව්ද කියල ඕනෑම සිංහල තේරෙන කෙනෙකුට තේරෙනවා. විධායකය අහෝසි කරනවා කියන තැන ඉදන්ම කියන්නේ බොරු. අපිට රටක් අවශ්‍යයි. සුද්දෝ පාලනය කරන රටක් නොව හොඳ සිංහලයෙක් පාලනය කරන රටක්...ගම්මන්පිල මහත්තයාගේ තීරණය අවස්ථාවේ හැටියට ඉතා නිවැරදී.(අ)
මේ වගේ කෙනෙක් මුළු ලෝකයේම නැතුව ඇති. (නි)
රටේ මිනිස්සු මොන තරම් කන්න අදින්න නැතිව දුක් විදිනවද?මොන තරම් දහා දුක් විදිනවද?එහෙව් රටේ මහජන මුදල් කොටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා "රජ මැදුරු" 5-6 ක් ලංකාවේ විවිද ප්‍රදේශ වල හදල හෙලිකොප්ටෙර් 6 ක් ගෙන්වල,වෙන වෙනම ගුවන් නියමුවන් වෙන් කරගෙන තියන් ඉන්න කෙනෙකුට සහයෝගය දෙනවා කියන්නේ මොන තරම් පවක්ද ?හිතල බලන්න. (අ)
මටනම් මුහුණ දකිනකොටත් අප්ප්‍රසන්නයි.මුදලට ආත්මය පාවල දෙනවා කියන්නේ ......(අ)
අසරණ මිනිසුන්ව මුදවා ගන්නවා මිසක් නැවත මිනිසුන්ව රට විනාසයට තල්ලු කරන්න එපා.සහ ගහනවා.(අ)
තිලක් ඩුබායි, නොදන්නා දේවල් කියවන්න එපා. ඩුබායි වල කන්න නැතිවුණාට අපි මොනවා කරන්නද? ලංකාවෙ නම් කන්න තියනවා (නි)
රුපියල් 100 ක් ආයෙත් ඉල්ලයි ද? (නදී)
බොදු පුනරුදය කඩාකප්පල්වීමට ඔබලාත් වගකිවයුතුයි කියා මම කියනවා. (නි)
මේක සිතුවම් පන්තිය වගේ. අකුරු මැකී නෑ...කොළ ගැලවී නෑ....ඉස්සර වාගේ තාමත් මතකයි....හෝඩි පොතේ පාඩම්... (නි)
මට පෙනෙන්නේ ඩුබායි වල තිලක් , ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ. ලංකාවේ වෙන කිසිම දෙයක් හරියාකරව දන්නේ නැහැ. තිලක් ඩුබායි වලටම වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ලංකාව වටේ ගිහිල්ලා බලන්න. (නි)
හාමුදුරුවෝ ගිහියන් එකතු කරන්න කිවුවා මිස බෙදන්න කිවුවේ නැහැ. බුදුහාමුදුරුවන් ජාතිය හෝ කුලය බලා කවුරුත් සසුන්ගත කළේ නැහැ. (නි)
ටිකිරිබණ්ඩා මහත්මා, තිලක් ඩුබායි මහත්මා, ඔබතුමන්ලාට යමක් තේරුම්ගන්න හැකියාව ඇති බවයි පෙනෙන්නේ (නි)
ඔය පක්ෂයට අනිවාර්යයෙන් ගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා (නි)