උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කර ගත්තකු නොවන බවත්, පෞද්ගලික තීරණයක් මත ජනපති සමඟ යළි එකතු වූ බවත් ඒ තීරණයගත්තේ කවර හේතුවකට දැයි ගැටළුවක් පවතින බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
‘මාස ගණනක් තිස්සේ ගිවිසුම් තීරණවලට එළඹී ප්‍රතිපත්ති හදන්න පවා, වාඛ්‍ය සංශෝධනය කරන්න පවා ගම්මන්පිල මහතා බොහෝ වෙහෙසුනා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිවිසුම් අත්සන් කරද්දි පවා විරෝධය පල කළේ නෑ. එකඟව සිටියා. අපේ ගිවිසුම් මධ්‍යම කාරක සභාවේ සියයට සියයක්ම එකඟතාවය අනුවයි සිදු වුණේ. ගිවිසුම අත්සන් කර දින 10කට පසුවයි ප්‍රශ්නය මතු වුණේ. යළි රජය හා එක්වන්නට දෙදිනකට පෙර කිව්වෙත් ප්‍රශ්නයක් නැති බවයි. ‘
හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක -
‘පුද්ගලයන් එහා මෙහා වුණාට කණ්ඩායමට මඩ ප්‍රහාර එල්ල කළාට හෙළ උරුමය කළකිරෙන්නේ නෑ.‘
හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමි -
‘මේ ප්‍රශ්නය උගත් මිනිසුන්ගේ හෘද සාක්කිය සමඟ විසඳෙන ප්‍රශ්නයක්. දහස් ගණනක් මිනිස්සු බලාපොරොත්තු තමාගෙන සිටිනවා. ‘
මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමි ගම්මන්පිල මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සුනිමල් ජනරංජන හා ප්‍රභාත් මහීපාල මහත්වරු ද මේ සාකච්ඡාව එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවාසී අපිටත් ඒක මහා ප්‍රශ්නයක් මොකද එකපාරටම වෙනස් වුනේ කියලා (දී)
මෙතරම් උනන්දු ඇයි මහින්ද රාජපක්ෂ පරදවන්න? භයානක අනතුරක සේයාවක් පෙනෙනවා. අනිත් කාරණය නම් ඔය විපක්ෂයේ ඉන්නේ කලින් යුද්ධය අවසන් නොකළ කෙනෙක්. යුද්ධය අවසන් කිරීමට කිසිම උදව්වක් නොදුන් තවත් අයෙක්. මොවුන්ට නැවත රට බාරදීලා අපි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? දූෂණය, වංචා, හොරකම්, කුඩු විකිණීම් තිබෙන බව ඇත්ත. නමුත් එම ප්‍රශ්න මොවුන් පත්කරගෙන විසඳන්නේ කොහොමද? (නි)
රන්ජිත් මහත්තයාට මහිලා සමිතියේ ලොකු තනතුරක් තියෙනවා වගේ.අනේ හොඳයි.තව හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න. (නි)
ගම්මන්පිල කියන්නේ පිල් වලට ගමන් කරන කියන එකනේ (නදී)
ඔබ වන්සේලා පාර්ලිමේන්තුවට ගියේ අපිරිසිදු වැසිකිලිය සුද්ද කිරීමට කියලයි මුල් අවදියේ කිවේ එහෙත් දෙන්නම් පෙනෙන්නේ කටියම් නාගන්නවා වගෙයි (අ)
කසුන්, බොරු බියක් දක්වන්න එපා. දැන් රටේම තියෙන මර්මස්ථාන සියල්ලම චීනෙට විකුනන් කනවා. ලංකාව චීනයේ කොලනියක් බවට පත් කරනවා. ඒ තුලින් විශාල කොමිස් කුට්ටි ගහ ගන්නවා. රටම විනාශයෙන් විනාශය අරගෙන යනවා. ඒවා හොඳද. අනිවාර්යෙන්ම මේ යන ක්‍රමය වෙනස් කල යුතුමයි. එ්කේ දෙකක් නැහැ. (නදී)
මමත් මගේ නිවස හදන්න ලොකු මුදලක් ලංකාවේ බැංකුවකින් ගත්තා. අපිට නැහැනේ එක පාරම සල්ලි කුට්ටියක් දාල මාව නය බරින් නිදහස් කරන්න කෙනෙක්. (නදී)
අපි නොදන්න මොනවා හරි ඇති (දී)
මානුසීය මෙහෙයුමක් කරන්නේ රට නිදහස් කර ගැනීමටයි. හිඟා කෑවත් ආත්මය පාවලා දෙන්නේ නැහැ.(නදී)
මෙතරම් උනන්දු ඇයි මහින්ද රාජපක්ෂ පරදවන්න? දරුවන්ට රටක් ඉතිරි කරලා දෙන්නයි. (නදී)
දේශපාලනය කියන්නේ ඕක තමයි (දී)
ගම්මන්පිල මහත්තයගේ තර්කය හරි විධායකයට සම්පුර්ණයෙන් අහොසි වුනොත් වාසිය රවුෆ් හකීම් ට හා විග්නේශ්වරන්ට,සංශොධන සහිතව විධායකය පැවතිය යුතුයි (අ)
සුනිල් සමග සියයට සියයක් එකඟයි. සෝභිත හාමුදුරුවනේ, රතන හාමුදුරුවනේ, පාඨලී මහතාණෙනි, ඔබලාගේ අරමුණ හොඳයි, ඔබගෙන් කෙනෙක් අපේක්ෂකයා වුණා නම්. (නි)
ගම්මන්පිලගේ තීරණය අද ඊයෙක එකක් නෙවේ. දිගුකාලින පියවරක්. රණවක මහතා ඔහුගෙන් පරිස්සම් විය යුතුව තිබුණා. ඔහුගේ දේශපාලන ක්‍රියා කලාපය දිහා බලනකොට. මෙයා හෙළ උරුමයේ හිටියත් හිටියේ ශ්‍රීලනිප කෙනෙක් වගේ. මට තිබුන ප්‍රශ්නේ ඇයි මේයාට උප ලේකම් දුන්නේ.. (අ)
අපිට තේරෙනවා මොනවද වෙන්නේ කියල මහින්ද රාජපක්ෂ ගේ ජයග්‍රහණය වලක්වන්න බැ කාටවත් (අ)
ගයන්ත,කොටි නැති කල නම් රජය ලග ඉන්න ලොකු කොටි අමතකද.කඩේ යන කොට කට පරිස්සමින් (අ)
මට නම් කිසිම ගැටළුවක් නැහැ මේ තීරණය පිළිබඳව (නි)
ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මම නම් හිතන්නේ කවුරුත් දන්නවා ගියේ ඇයි කියලා (නි)
ගම්මන්පිල කියන්නේ හොඳ මනුස්සයෙක් (නි)
ගම්මන්පිල මහින්ද පිලට ගියා පමණයි අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරුවන්ගේ මුහුණේ පරාජයේ සළකුනු පේන්න පටන් අරන්. (නදී)
ඔබවහන්සේට නොපෙනෙන ප්‍රතිපත්තිමය ගැටලුව පිටින් බලන අපිට නම් පැහැදිලිව පෙනෙනවා (නි)
ගිය හේතුව ප්‍රසිද්ධියේ නොකියන එකෙන් ඔබතුමන්ලාගේ හැදියාව පෙන්වනවා. නමුත් හේතුව දැන් මුළු රටම දන්නවා. එ.ජා. ප. යෙන් හෝ ශ්‍රී.ල.නි.ප. යෙන් එහාට මෙහාට පනින එක එතරම් අමුතු දෙයක් නෙමෙයි. නමුත් ජ.වි.පෙ. සහ හෙළ උරුමය වැනි පක්ෂ ඒ තත්වයට පත්විය යුතු නැහැ. ජ.වි.පෙ. නිසා උඩට ආ සමහර පුද්ගලයන් දැන් කරන වැඩ දිහා බැලුවහම ලැජ්ජා හිතෙනවා. මේ සිද්ධියෙන් පාඩමක් ඉගෙනගන්න. හෙළ උරුමයට ජය! (නි)
කට්ටියගෙම මූහුණු නම් මට පෙනෙන හැටියට හොඳ නැහැ. (නි)
ගමන්පිල මහත්තයා කියන්නේ ගිවිසුමේ වරදක් නෙමෙයි. ඒක කෙරෙයිද නොකෙරෙයිද කියලා විශ්වාස නැහැ කියලා. නේද? (නි)
ඔබවහන්සේලා එක්ක එක ගිවිසුමක්. අනෙක් අයට තව ගිවිසුමක්.මේවා සියල්ලටම පළමු විසඳාගන්න බලන්න. (නි)
වෙන්න යන දේ ගම්මන්පිල මහත්තයා තේරුම් අරගෙනයි ආපසු ආවේ. අපිට නම් ගැටළුවක් නැහැ (නි)
ගම්මන්පිල නෙමෙයි වෙන කවුරු ආණ්ඩුවට ගියත් මෛත්‍රී දිනන එක වළක්වන්න බැහැ කියලයි මම කියන්නේ.මොකද ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. (නි)
ඔබ වහන්සේලාගේ දේශපාලන ගමන ඉදිරියේදී වෙනස් වේවි කියලා මට හිතෙනවා. හැබැයි ඒකට ජනතාවට දොස් කියන්න එපා (නි)
හෙළ උරුමයට සම්මා දිට්ඨිය පහළවේවායි පතමි! හරියට ගම්මන්පිලට වගේ (නි)
ගම්මන්පිල මහත්තයා දැක්කම මටනම් දේශපාලඥයකුට තියෙන්න ඕන ගැම්ම එයාගෙන් පේන්නේ නෑ. අර මුල්ම මාධ්‍ය සාකච්ඡාවෙදි මෛත්‍රීපාල මහත්තයාට මෙතුමා නැතුව බෑ වගේ කතා කලේ. (ර)
එක ප්‍රස්නයක් නෑ. (ර)
අනේ හාමුදුරුවනේ, ඒ ගැන ඔච්චර හිතන්න එපා. (ර)
මෙයාගේ ලොකු නය මුදලක් නන්නාදුනන පුද්ගලයකු විසින් ගෙවලා ලු නේද ? (නදී)
අනේ මන්දා! ඉන්න අයත් නැතිකරගන්නද මන්දා හදන්නේ (නි)
මේ දේශපාලනය නිසා රටේ ඉන්න වටිනා පුද්ගලයින් විරසකවෙන එක රටේ අනාගතයට හොඳ නැහැ (නි)
ගම්මන්පිලට වෙච්ච දේ අපිටත් තේරෙන්නේ නැහැ. කොහොමත් හෙළ උරුමය නිසයි ඔහු ඉස්මතු වුණේ. ඉදිරිය අපැහැදිලියි. කෙසේ වෙතත් හෙළ උරුමයට සාර්ථක ඉදිරි ගමනකට එය අවසානයේ රුකුලක්මයි. (නි)
යන අයට යන්න දෙන්න. අපි ඔබ දාලා යන්නේ නැහැ. හෙළ උරුමයට ජය! (නි)
ප්‍රසාද්, හෙළ උරුමය එදා හිටි ස්ථාවරයේ නෙමෙයි අද ඉන්නේ.අකැමති අය යන එක පුදුමයක් නෙමෙයි.ඊළඟ ඡන්දෙදි පෙනේවි මොකද වෙන්නේ කියලා. (නි)
යන අයට යන්න දෙන්න. මෙත්‍රී මැතිතුමාට ජය! (නි)
හිතට එකඟව වැඩ කරනවා නම් ඒ ගැන හිත කලබල කරගතයුතු නැහැ. සත්‍ය ජයගනීවි. බලාගෙන ඉඳිමු. (නි)
අපිත් මේ ගැන තමයි කල්පනා කරන්නේ හාමුදුරුවනේ (නි)
හෙළ උරුමය ගැන තිබුන විශ්වාසය හා ගෞරවය සම්පුර්ණයෙන්ම අහිමි උන වැඩක් තමයි මෛත්‍රී සමග එකතුව (නදී)
ගම්මන්පිල මහතා ඉතාමත් හොඳ තීරණයක් ගත්තේ රට ගැන හිතලා.(හේ)
අපිත් බලාගෙන ඉන්නේ මේ තීරණයට හේතුව දැනගන්න (නි)
ඔබ වහන්සේලාට තියෙන ඡන්ද පදනම මට පෙනෙන හැටියට දැන් නැති කරගෙන තියෙන්නේ (නි)
අපිටත් ලොකු ගැටළුවක් අපේ හාමුදුරුවනේ. අනේ මන්දා! (නි)
මේ මහත්තය පහුගිය දවස්වල මාධ්‍ය ඔස්සේ කියපුවා බැලුවහම, මෙයාට හොඳයි බුද්ධික මහත්තයාගේ පිළිතුරු කතාව බැලුවනම් කියල මට හිතෙනවා. (නදී)
ප්‍රතිපත්තියක් නැහැ කියලා ගම්මන්පිලට තේරුනාට අනෙක් අය ගැන නම් අපිටත් තේරෙන්නේ නැහැ (නි)
තරහ අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉන්න ඕනෑ පොදු සතුරාට (දෙමල ඩයස්පෝරාව) මුහුණ දෙන්න පුළුවන්,රට එක්සේසත් වෙන පැත්තක (නි)
සෝභිත හාමුදුරුවනේ, තවම ප්‍රමාද නැහැ. ඇස, කන, නාසය, දිව, සම කියන අංග වලට ලැබෙන සියල්ල යථාර්ථය නෙමෙයි. මේ අංග වලට මනසත් එකතු කරලා හිතන්න. අඳුරෙන් ආලෝකයට යන්න උත්සාහ කරන්න. (නි)
හෙළ උරුමය වෙනුවෙන් අපි මුලින්ම පාවිච්චි කළ ඡන්දයේ ප්‍රතිඵලය තමයි යුද ජයග්‍රහණය. අපට හෙළ උරුමය ගැන තිබෙන්නේ විශ්වාසයක් හා ගෞරවයක්. ගම්මන්පිලට පුද්ගලික හේතුවක් ඇති. ඔහු ගැන වෙහෙස නොවෙන්න. ඔබලාගේ අරමුණට යන්න. ජය වේවා! (නි)
ඒක එතුමාගේ ටිකිරි මොළේ... (නි)
මට නම් හිතෙන්නේ තව අය යයි කියලයි. (නි)
අපි හෙළ උරුමයට. ගම්මන්පිල ඕනෑ තැනකට ගියාවේ (නි)
අපේ ඉස්කෝලෙට ගියේ.අපි නම් හේතුව දන්නවා. (අ)
රන්ජිත් මහත්තයා දන්නා දේවල්? (නි)
උගත් වුනාට ප්‍රතිපත්ති නැති මිනිහක්. ගිවිසුම හදන්නත් දායක වුනාලු. මෝඩ තීන්දු ගත්තා. මමත් මෙච්චර දවස් ගරුකරගෙන හිටියා. ඔච්චරයි කියන්න තියන්නේ. (අ)
ගම්මන්පිල ගියා.ගිය තැන වැරදි බව දැක්කා. ආපහු ආවා,එච්චරයි (අ)
අපිට ඇති ගැටලුව තමයි ඔබල අර කොටි නඩේ එක්ක ඉන්නේ කොහොමද කියන එක. (අ)
කොච්චර ශුද්ධ පුද්ගලයන් යැයි සිතුවත් මේ දේශපාලන මඩගොහොරුවට බහින හැමෝම වෙස්මුණුකාර අශුද්ධයින් බවට තව තවත් උදාහරණ අවශ්‍යද? (නි)
අජන්ත, හෙළ උරුමයේ ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. (ර)
මෙතුමා, අපේ ඉස්කෝලෙට ගියේ. (ර)
යන අයට යන්න දෙන්න. මෛත්‍රී මැතිතුමාට ජය! (ර)
කාට කාටත් ආර්ථික ප්‍රශ්න තියෙනවනේ. (නදී)
ජගත් මේ පාර රජයේ පරාජය වලක්වන්න බැහැ (නදී)
ජයසේකර ඔය දෙමල ඩයස්පෝරාව තියෙන්නේ ඡන්ද කාලෙට විතරද? මුන් වහන්සේලා තමයි යුද්ධයට සක්‍රීය මැදිහත්වීමක් කල කට්ටිය. (නදී)
මට නම් හිතෙන්නේ ප්‍රතිපත්තියක ඉදලා ඒක වෙනස් කරපු හෙළ උරුමයේ අවසානය කියායි (නදී)
හෙළ උරුමය දැන් ඉවරයි. චම්පික මහත්තයෝ අපේ මනාපෙට ඩොලර් කියද ? (නදී)
අර එකතු කරපු 100 කොළ කොහෙද ? (නදී)
හෙළ උරුමය ඔබලා පළමුව මහින්දට යුද්දයට උදව් කලේ. මෙවරත් රට ආර්ථික යුද්දයෙන් ගලවා ගන්නෙත් ඔබලාය.කව්රු ගියත් බුද්දිමත් ය ඔබලා සමගය. මෛත්‍රීට ජය. (අ)
ගම්මන්පිල මැති තුමාගේ තීරණය හරි තව ගොඩක් කට්ටිය ඒවි තේරුම් ගියාම (අ)
ඔබ වහන්සේලා ටිකත් ජනාධිපති තුමා සමග එකතු වෙන්න. නිකන් බොරු වැඩ කරන්නේ නැතුව. (අ)
ඉවසලා බලමුකෝ හාමුදුරුවනේ! (නි)
ඔය දෙපැත්තම එකයි චන්ද ලකුණයි පාටයි විතරයි වෙනස් (දී)
ගිය එතුමාවත් සම්බන්ධ කරගෙනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්න, (දී)
මොකද මහත්තයෝ හිටි ගමන් පිල් මාරු කරන්නේ (දී)
අපි නැහැනේ ඔය දේශපාලනයට (දී)
මම නම් හිතන්නේ හේතුව පැහැදිලියි (නි)
තේරුම් අරගෙන තේරෙන්නේ නෑ වගේ ඉන්නවා. මොකද ඇත්ත තිත්තයිනේ. ඔබවහන්සේලාට නොතේරුනාට මිනිස්සුන්ට නම් හොදට තේරෙනවා. බොරුවට විධායක බලයක් අල්ලන් දගලනවා.(හේ)
වෙන දේ ගම්මම්පිල මහතා දන්නවා.(හේ)
තම හිතවතාගේ වෙන්වීම ශෝකයට සන්තාපයට තුඩු දී ඇති බව මේ ප්‍රකාශන වලින් සහ මුහුණු වලින් අපට පැහැදිලි වෙනවා . එනිසාම අපි දකිනවා මේ මුහුණු වල තියෙන අව්‍යාජ බව. සියලු දේ අනිත්‍ය ලෝකය තුල මේ සිදුවීම අරුම පුදුම නොවන බව අපට වැටහෙනවා. බොහෝ ගුණයහපත් මිනිස්සුනටත් වරදිනවා. මේ රජය අපිට සාමය ලබා දුන්නා කොටි නැත්තටම නැති කලා. ජාතික හෙළ උරුමය පෙරමුණේ රාලලා වුනුබව මුළු රටම දන්නවා. තවත් රටට දිනා දීමට බොහෝ දේ ඇති. පැරදුනත් යහපත වෙනුවෙන් ඉදිරිපත් වීම උතුම් ජයකග්‍රහණයක් වේ. මේ දෙසපලකයන්ගේ කස්තිරම් බුද්දිමත් මිනිසුන්ගේ කනස්සල්ලට හේතුව වේ. රටම ඉන් ලජ්ජාවට පත් වේ. (ර)
අපිට තිබෙන එකම ප්‍රශ්නය ඔන්න ඕක තමයි. ඔයවගේ ගිවිසුම් ගහලා දින්නට පස්සේ එක එක්කෙනා තමන්ට ඕන ඕන විදියට කටයුතු කරන්න ගත්තොත් මේ රට කොහෙට ගීහීන් නවතීද දන්නේ නැහැ.(හේ)
අනේ අපේ හාමුදුරුවනේ 1815 වුන දෙය 2015 වෙනකම් බලාගෙනඉන්න එපා. (දී)
ගම්මන්පිල මෙතෙක් කල් දමාගෙන සිටි වෙස් මුහුණ ගැලවුන . දැන් අැත්ත මුහුණ ගම්මන්පිල දැන් මුළු රටටම පෙනුනා . (හේ)
ඔබ හරි රන්ජිත් (නි)
බාල වැඩක් තමයි කළේ. මෙයා බස්නාහිර පළාත් මැතිවරණය වෙලාවේ මහින්ද මහත්තයා ගැන ගොඩක් වර්ණනා කළා (නදී)
ගම්මන්පිල මහත්තය හොද කෙනෙක්.. ඊලග මහා මැතිවරණේදී මනාප වලින් ඒවා පෙනෙයි..(හේ)
යන අය ගියාට මහජනතාව ඔබ සමගයි. (ර)
ඒක ගැන අපිට නම් ප්‍රශ්නයක් නැහැ. (ර)
විරාජ්, හරි. (ර)
කෙසේවෙතත් මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එක්වූ සැමට ජය පතමි. (නි)