ජරාජීර්ණ වූ කැත දේශපාලනයට තිත තැබීමට නම් වත්මන් පාලනය වෙනස් කළ යුතු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.
‘ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අද අරලිය ගහ මැදුරට ගොස් ජනාධිපති බැහැ දැක, දන්සල බුක්ති විඳ මාධ්‍ය හමුවක් පවැත්වූවා.
උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය හැරගියේ ඇයිදැයි අද වනතුරු අපි දන්නේ නෑ. අප දන්නා තරමින් ප්‍රතිපත්තිමය කරුණක් මත නොවෙයි පක්ෂය හැර ගියේ.
අපේ පක්ෂයේ අනිත් අයටත් වඩා එතුමාගේ නමටයි ඈඳිලා තිබුණේ ඇල්වතුරත් නිවලා බොනවා කියා. එතුමාට යම් ගැටළුවක් ඇති බව අපට සමග කිව්වේ නෑ. නික්ම යන්නට පෙර දින රාත්‍රියේදිත් අපි මුණ ගැහුණා. නමුත් ඔහු නික්ම යන බවක් හෝ ගැටළුවක් ඇති බවක් කිව්වේ නෑ.
තමන්ට හීලෑ නැති කෙනෙක් හීලා කර ගැනීම සඳහා වර්තමානයේ මුලින්ම පාවිච්චි කරන්නේ කැරට්. ප්‍රතිපාදන, වරදාන, වරප්‍රසාද පාවිච්චි කරනවා. එයින් බැරි වුණොත් පවුල්වල උදවිය හරහා බලපෑම් කරනවා. එහෙම ගොදුරු කර ගන්න බැරිවුණොත් වේවැල පෙන්වන්න බලනවා. බොරු චෝදනා පැමිණිලි හරහා කොහොමද කොටු කරන්නේ බලනවා. මෙය නැති කරන්න නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිලගේ මුහුණ බැලුව පෙනෙන්නේ නැද්ද කාගේ හරි කරපිටින් ගොඩ යන්න බලන කෙනෙක් බව? (නදී)
වෛරී දේශපාලනය කරන්නේ කව්ද කියල ලංකාවම දන්නවා. (නදී)
හෙළ උරුමය සිත්ගන්නා නමක් වගේම එහි ප්‍රතිපත්ති ගැනද ජනතා කැමැත්තක් තිබුණා. එහෙත් එහි ප්‍රධාන පෙළේ පුටුවක සිටි රතන හාමුදුරුවන් විසින් පුද්ගලිකව ඉදිරිපත් කළ කිසියම් අදහසක් පසුව එය එම පක්ෂයේ අදහසක් බවට පත්කරගෙන හෙළ උරුමය රජයෙන් ඉවත්වීම කණගාටුදායක සිදුවීමකි. නමුත් රතන හිමියන් සහ චම්පික මහතා විසින් හෙළ උරුමය ගෙනගොස් නතරවුයේ කොතනදැයි තේරුම්ගත් ගම්මන්පිල මහතා තම පක්ෂයට උරුම වූ ප්‍රතිපත්ති බිලිදෙන්නට සිදුවන බව දත් නිසා පුනරාගමනයක යෙදීම සහ අලුතින් පක්ෂයක් බිහිකිරීමට කටයුතු කිරීම රටට යහපතක් සිදුවනු දකින්නට කැමති මහජනතාවගේ ආශිර්වාදයට ලක්වන්නේය. නීති පන්සිල් රකින නිර්මාංශ ගම්මන්පිල මහතාගේ අවංකබව නිසා නිශාන්තලා කලබල වී ඇත්තේ කුමක් නිසාදැයි පැහැදිලිය. සියල්ල උපේක්ෂාවෙන් බලන්න. (නි)
ගඟේ ඉන්න කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. ගෙදර හිටපු හුණා චුක් චුක් චුක් ගාද්දි කිඹුලා කෑවට වඩා අමාරුයි රිදෙනවා කියන්නේ මේකට තමා මහත්තයෝ (නදී)
අනේ මන්දා අපි කාගෙ පැත්තද ගන්නෙ කියලා (නි)
මමත් ඔයාලට ඡන්දෙ දාපු කෙනෙක්. අද මට ලජ්ජා හිතෙනවා ඔයාලව විශ්වාස කරපු එක ගැන. යහ පාලනය කියා කියා කොහොමද ඔයාල රනිල් , චන්ද්‍රිකා වගේ අයත් එක්ක ඉන්නේ ? අපිව පාවල දුන්න කියලයි මම නම් කියන්නේ. බොරු කරන්න එපා ආණ්ඩුවට පනින කට්ටිය නෙවි සල්ලි අරන් තියෙන්නේ මට පේන විදියට. ගම්මන්පිල නීතිඥයෙක් නේද ? (නදී)
උදය ගම්මන්පිල මහතාටත් ප්‍රශ්න ඇති. ඔහු සෝවාන් වුණ කෙනෙක් නොවන නිසා ඔහුට දොස්කීමෙන් පලක් නැත (නි)
අන්තිමට කොහොමහරි බෞද්ධයන්ට තිබුණු එකම පක්ෂයත් කැඩිලා ගියා. අපිට අසාධාරණයක් වෙනකොට දැන් ඉතින් කාටද කියන්නේ? (නි)
රුපියල් සීය ගත්තේ මොකද දන්නවද? එතකොට පගා ගත්තාම ඒවා මහජනයා දීපු මුදල් කියල කියන්න පුලුවන්නේ (නදී)
හිතන්න මිනිසුනේ. මේක තීරණාත්මක මොහොතක්. (නි)
කාවද? විශ්වාස කරන්න පුළුවන්.?(හේ)
අපෙන් ගත් රුපියල් සීය අපි දුන්නේ කන්නවත් දෙයක් ගන්නේ නැතුව. සියල්ලට පෙර අපගේ ණය ගෙවන්න බැරිද? (නි)
තමන් නිර්දෝෂ නම් කිසිවක් වෙනස්කළ යුතුද? (නි)
ඒක ඉතින් එයාගේ කැමැත්තනේ. අපි මොකටද කලබල වෙන්නේ? (නි)
ඔබතුමාලට ඔය කියපු දේවල් වලින් මොනවද ලැබුණේ? (නි)
මාගේ පෞද්ගලික අදහස නම්, මේ පාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී කිව්වාට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙනෙන්න ඇත්තේ නැත. අහිංසක සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන එකම පිළිසරණ වන පොලිසිය හා උසාවිය දෙශපාලනීකරණය වී ඇත. එම නිසා ඔවුන්ට කිසිම පිළිසරණක් නැත. ගම්මන්පිල මහතාගේ වෙනස්වීම පිළිබඳව මට කිසිවක් අනුමාන කළ නොහැක. ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය තීරණයක් කිව්වත් ඔහු ඒ බව සාකච්ඡා කළබවක් කොතැනකවත් කියා නැත. හෙළ උරුමයට මතයක් හෝ ඉදිරිපත් නොකර ඔහු හිටිහැටියේ ඉවත් වී තිබේ. අප කරන සියල්ලේ හොඳ, නරක, එසේ කිරීමට හේතුව අපේ හිත දනී. ලෝකයටම බොරු කළත් කවදාවත් අපිට, අපේ හිතට බොරුකර පළා යා නොහැක. (නි)
සමහරු තමන්ගේ තනතුරු වලින් අස්වෙලා තම මත පවසනවා. තවත් කොටසක් තමන්ගේ තනතුරු රැකගෙන අදහස් දක්වනවා. කවුරුන්ද ඇත්ත කියන්නේ ? (නි)
1977 උනෙත් ඔය ටිකමයි. (නදී)
ආර්ථික ගැටලුවක්ද දන්නේ නැහැ. (නදී)
උදය පක්ෂය හැරගියාට කමක් නැහැ. රටේ මිනිස්සු හරි තීරණයක් ගනී. හරිම කළකිරීමක් තමයි අපිට ඇතිවෙන්නේ (නි)
සහතික ඇත්ත (නදී)
මම දැක්කා ගම්මන්පිල මහත්තයා මතට තිත තියන්න මල් වට්ටියකුත් අරන් පන්සල් යන පින්තුරයක් අන්තර්ජාලයේ. (බ)
මේක තමයි මහින්දගේ තියරිය. අනෙත් පක්ෂ වලින් කට්ටිය කඩලා අරන් ඔවුන් ලව්වා වෙන වෙනම පක්ෂ ඇති කරන එක. ඒක එයාගේ ගමනට සුබදායකයි. ශක්තිමත් ප්‍රධාන පක්ෂ තියෙනකොට ඒක එයාගේ ගමනට බාධාවක්. උදාහරණ වශයෙන් විමල් වීරවංශව වෙන් කර ජනතා විමුක්ති පෙරමුණ දෙකට කැඩීම, මුස්ලිම් කොන්ග්‍රසය දෙකට කැඩීම, වතු දෙමල පක්ෂ දෙකට කැඩීම, වමේ දේශපාලන පක්ෂ දෙකට කැඩීම, එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීම, දැන් අලුතින්ම හෙළ උරුමය දෙකට කැඩීම පෙන්වා දෙන්න පුළුවන්. සල්ලි වලට වහ වැටෙන මිනිස්සු මේ උගුලේ වැටෙන එක නවත්වන්න බැහැ. ශක්තිමත් විපක්ෂයක් නැති කොට ජනතාව හැටියට අපි අසරණ වෙනවා, (බ)
"මානුෂිය මෙහෙයුමක්" පාවල දෙනවා කියන්නේ "හෙන" ගහන අපරාධයක්. (බ)
නුඹ ගැන අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
මේ දවස් වල හරි ප්‍රශ්ණ (නදී)
දැන් ඔබ තුමන්ලා ආණ්ඩුවෙන් එලියට ඇවිල්ලා රනිල්, චන්ද්‍රිකා, අසාද් සාලි, මංගල වගේ අය එක්ක හිට ගත්තේ ප්‍රතිපත්තිමය කාරණාවකට වෙන්ට ඇති නේද ? (නදී)
ලබන ඡන්දෙට නම් රුපියල් 100 කෑලි එකතු කරන්න ඕන වෙන එකක් නැති වේවී. (නදී)
ජාතික හෙළ උරුමයටත් එහි සාමාජිකයින්ටත් අපට තිබෙන්නේ විශ්වාසයක් හා ගෞරවයක්. උදය ගම්මන්පිල වර්තමාන දේශපාලනයේ බිහිවුණ වෙනස්ම චරිතයක් වුණා. හරිම කැතයි. (නි)
ගම්මන්පිල මහතා හෙළ උරුමයෙන් ඉවත්වන බව කිවයුතු අයට දන්වා තමයි පැමිණෙන්න ඇති. (නි)
ඔයා හරි පද්මිණි. රනිල් අගමැතිතුමාට ජයවේවා!! (නි)
ලැබුනු කෝටි ගානෙන් අර ගත්තු 100 ඒවා ටික දීලා හිටියා නම් ඉවරයිනේ (නදී)
අනේ යන්න අනේ යන්න..... (නි)
ගම්මන්පිල මහත්තයට දුන්න අහංසක ඡන්දය මට එපා. ඒත් මගේ රුපියල් 100 ආපසු මට ඕනේ. නැත්නම් මම නඩු දානවා (නදී)
ඔය කතාකරන මහත්තයලා ගැනත් අපිට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. කොහොමහරි අපුරුවට තිබුන පක්ෂය නැතිවුණා (නි)
යනවා එනවා... අපි තමා රැවටෙන්නේ (නි)
ඔය කට්ටිය ගේ නායකයත් සිරිසේන මහත්තයත් ආවේ ඔහොම නේ (අ)
ගම්මන්පිල ආපු කාපු ගියපු විදිහ නෙමෙයි වැදගත් ඔහු ගියේ ඇයි කියලා හිතලා බලන්න. අද ඔබලා ඉන්නේ කිසිම විදිහකට ගැලපෙන කට්ටියක් එක්ක නෙමෙයි.(හේ)
මතට තිත තියන්න ගියාද දන්නේ නෑ!(හේ)
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහ ගන්නවා වගේ මෙයාලගේ කතා,ගම්මන්පිල හිටපු ඇමති තුමා ඕක ඇතුලට ගියාට පස්සේ දැක්කේ ඇතුලේ තියෙන ගිවිසුම් ටික,ඔබ තුමා ආයෙමත් අපු එක නම් උගත් තීරණයක් ,ජයවේවා.(හේ)
8 වෙනිදට ආඬි හත්දෙනාගේ කැඳ හැලියේ මුකුත්ම නෑ...හෙළ උරුමයටත් හුලන් ඡන්ද දායකයන්ටත් හුලන් තමයි.(හේ)
ගල් ලෙන දැන්වත් වහන්න. නැත්නම් ඔක්කොම ගිහින් තියේවි. (හේ)
Rs. 100 = මන්ත්‍රී නම් Rs100000000 = මහ ඇමති ද? (නදී)
නිදහස් සන්දානයත් එක්ක ඔබතුමන්ලා මෙතෙක් කල් ඉන්නකන් ඔය දුක දැනුන් නැහැ නේද ? රනිල් මහත්මයා මොන දුකක් විදින්න ඇතිද? රනිල් මහත්මයා මීට පෙර කිව්වෙත් ඔය ටිකම තමයි.(හේ)
මේ ඔක්කොම හොරු හැමදාම රවට්ටන්නේ අහිංසක අපි.(හේ)
ගම්මන්පිල මහත්තයට රුපියල් 100 දුන්න කියල කෙනෙක් කියනවා නම් එ්කේ තේරුම ඔහු පහු ගිය බස්නාහිර පළාත් සභා ඡන්දය තෙක් සන්ධානයේ ගමන් මගත් ජනාධිපති තුමාවත් පිළිගත් වගයි. එහෙම පිළිගත් කෙනෙක් මාස කීපයක් ඇතුලත සන්ධානය අත් හරින්න තරම් තද බල හේතුවක් අපිට නම් පේන්නේ නැහැ. ගම්මන් පිල මහත්තය කලේ තමන් ගත් 100 ට සාධාරණය ඉටු කිරීමක්. ඔයා මේ තීරුවේ 100 දුන්න කියන කියන කිසි කෙනෙක් එතුමාට 100 දීපු අය නෙමෙයි. එතුමාගේ තීරණය නිවැරිදි බව 9 වෙනිදට වැටහේවි. හෙළ උරුමය දැන් මිය ගිය පක්ෂයක්. 9න් පස්සේ පාන්ෂකුලය දෙන එක පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. (නදී)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන කියමන මතක්වුණා මට (නි)
පන්සිල් රකින දැහැමි සමාජයකට ගම්මන්පිල මැතිතුමාට ආසිරි.!!!!! (නි)
අපි නම් දැනගෙන හිටියා එයා පනින බව. (නි)
නිරෝෂ් ගේ මතයට මාත් එකගයි. (ර)
අනේ බලන්නකො පවුකාර දේශපාලනයේ හැටි.(හේ)
දැන් බයවෙන්න දෙයක් නේ. (හේ)
එයා ගියේ ඇයි කියලත් අපි දන්නවා (නි)
ගම්මන්පිලට ලබන ඡන්දයේදී සිදුවන දේ ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
"ගම්මන්පිල" කියන්නේ පිලෙන් පිලට ගමන් කරන එකටද මන්දා. අහිංසක ජනතාවගෙන් රුපියල් සීය බැගිනුත් ගත්තනේ.නේද? (නි)
දැන් බලපුවම හෙළ උරුමේත් වෛරී දේශපාලන මගට වැටිලා වගේ. අරහෙන් චම්පක මහතා පුපුරනවා මෙහෙන් මෙයා.(අ)
ඇල්වතුරත් නිවලා බොනවා යැයි ගම්මන්පිල මහතාට උපහාසයට හෝ අපහාසයට කියනවා නම් මම ඒ ගැන සතුටු වෙනවා. ඉන් එතුමාගේ පිවිතුරු බව සහ පිළිවෙල ගම්‍ය වන බවයි මා දකින්නේ. හෙළ උරුමය හරහා දේශපාලනයට පිවිසි ගම්මන්පිල මහතා දේශීය හා ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනය ගතානුගතිකබවෙන් මුදවා මහජනයාට නව දර්ශනයක් දෙමින් නිවැරදි මාවතකට ගෙන යා හැකි ප්‍රබුද්ධ ගණයේ දේශපාලනඥයකු බව අවිවාදයෙන් පිළිගත යුතුයැයි සිතමි. (නි)
මෙතන ගොඩක් අදහස් සම්පූර්ණ ඇත්ත (නි)
නිශාන්ත මහත්තයෝ, ලැජ්ජා වෙන්න ඕනෑ කාලය දැන් ඉවරයි. කරුකාකර ගම්මන්පිල මහතාගේ අලුත් පක්ෂයට එන්න. ඒක නින්දාවට කරුණක් නොවෙයි. දේශපාලන භූමියේ මිතුරන් හෝ සතුරන් නැහැ. සියල්ලෝම කරන්නේ රැකියාවක් පමණයි. (නි)
දැන් ඇල්වතුරත් තව කූල්කරලා බොන්න (නි)
ගම්මන්පිල මහත්තයා ගිහිල්ලා තියෙන්නේ රට සුරකින ලද නායකයා ළඟටයි. එතුමා ළඟ යම් යම් වැරදි තිබුනත් නිවැරදි පිලට ඇවිල්ලා තියෙනවා. (නි)
කළගුණ සළකන අය ජාතික හෙළ උරුමය පක්ෂයට කළගුණ සළකන හැටි තමයි මේ. කවදාහරි අහිංසක අපිටත් ඔය ටිකම තමයි. හරිම කැතයි. පවුකාර වෛරී දේශපාලනයට රටේ මිනිස්සු හරි තීරණයක් ගනී. (නි)