ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කළ වහාම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවත් එම සංශෝධනය ජනමත විචාරණයකට ලක් කිරීම එහි අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
කරුණු හතක් මත ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ගොනු කරන බව ඔහු පැවසීය.
යෝජිත සංශෝධනය අනුව ජනාධිපති රජයේ හා විධායකයේ ප්‍රධානියා වුවත් ඇමැති මණ්ඩලයේ රැස්වීම අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම හා තොරතුරු දැනගැනීමේ අයිතිය නීතීගත කිරීමට යන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල කියන්නේ කිසිදු වංචාවක් කරනොමැති අති පිරිසුදු බුද්ධිමත් දේශපාලකයෙකි. (නි)
ගම්මන්පිල උන්නැහේ ආයෙත් වරක් වේදිකා උඩ නැගලා, නහයෙන් අඬමින්, අපෙන් "සීයේ කොළ" ඉල්ලාවිද දන්නේ නෑ.කොහොම උනත් ඡන්දෙන් පස්සේ නිහඬව හිටපු මෙයත්, කටුවෙන් පිට උන ගොළුබෙල්ලා වගේ, ආයෙමත් ඔලුව එලියට දානවා වගේ පේනවා. (බ)
මෙයා නිකම් බක බක ගානවා (බ)