IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්

(අකිල බද්දෙවිතාන)

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
උත්සව සමය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති අතර දුරගමන් සේවා සඳහා අමතර ලංගම බස් රථ 1200ක් යොදවා තිබේ.
මේ අතර විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. අප්‍රේල් 12 සහ 16 දිනවල පෙරවරු 11.30ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් ද, අප්‍රේල් 13 හා 17 පෙරවරු 8.30ට බණ්ඩාරවෙළ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද ධාවනය කෙරේ. අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී  ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.
 
ඊට අමතරව කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 සහ 17 විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද අප්‍රේල් 17 වැනිදා තෙක් විශේෂ දුම්රිය යොදවා ඇතැයි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.
 
පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන පහසුකම් අප්‍රේල් 25 වැනිදා තෙක් ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අතර උත්සව සමයේ දී මගීන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය මගින් ක්‍රියාත්මක කර ඇති අතරම බීමත් රියදුරන් සොයා වැටලීම් ද ක්‍රියාත්මක ය.



අදහස් (2)

ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්

රාජුන් Tuesday, 11 April 2017 09:15 AM

මගේ අම්මේ, මේ තරම් අමතර බස් තොගයක් . මෙච්චර කල් මේවා කොහෙද තිබුනේ? අනේ මන්ද කාටද මේ කොලේ වහල ගහන්නේ කියල

:       0       17

vipula Tuesday, 11 April 2017 09:26 AM

අමතර බස් රථ නෙමෙයි . ප්‍රාදේශීය ගමනා ගමන නවත්තල යොදවන බස්. බස් 4600 අතිරික්තයක් තියෙනවා නම් මේක ලංකාව වෙන්න බැහැ

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 351 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 115 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 544 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 230 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 596 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 307 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1903 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site