කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ දාහත් හැවිරිදි සිසුවා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 24 වැනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
ගම්පහ ප‍්‍රදේශයේ සිසුවකු විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උයද කුමාර ,මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (බ)
මදි මදි හොඳටම මදි. ජීවිත ගමනේ හතරෙන් පංගුවක්වත් තවම ගෙවිලා නැහැ. ඉතිරි තුන් පංගුවම මේ පුද්ගලයා අරයගේ වපර ඇහැට ලක්වනු ඇති . එයට ඔය වන්දිය මදි. (බ)
කෝටිය මදි. මිනිහෙකුගේ ජිවිතයක් වටින්නේ කෝටියද? මේ දරුවා සියදිවි හානිකරගන්න ඉඩතිබුනා. (අ)
ඔයා පව් පුතේ , නුලෙන් බේරුනේ.කරන්න දෙයක් නැහැ ඔහොමවත් වන්දියක් ගන්න. (අ)
කෝටියක් නම් මදි. අඩුගානේ කෝටි 10 වත් ඉල්ලන්න. මේ ළමයාට කළ මානසික, ශාරීරික හා සමාජමය හිරිහැර වෙනුවෙන් (නි)
මම නම් කියන්නේ කෝටි 10ක් වත් ඉල්ලන්න ඔනේ කියලා......මේ ජරා පොලිස් කාරයෝ නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. (අ)
මේ තියෙන හැම අදහසක්ම සාධාරණයි (බ)
අඩුම ගානේ කෝටි 10ක් ඉල්ලන්න. මොකද මෙවගේ අපහසයක් වුණාම ජිවත් වෙන්න මාරුයි මේ රටේ වෙන රටක හරි පදිංචියට යන්න (ම)
ඔය පෙත්සමේ සදහන් කරනවා , අධිකරණයට සුදුසු යි හැගෙන වෙනත් යම් සහන කියල, එ්ක නිසා අධිකරණය වැඩි සහන දෙන්න පුළුවන් , බය වෙන්න එපා . කොටිය හොඳටම මදි, දැන් කාලේ ටිකට් වලට කෝටි දහය පහලව දෙන්නේ (බ)