මත්තල මහින්ද රාජපක්ෂ වරායේ වැඩ වර්ජනයක් වාර්තා කිරිමට ගිය ලංකාදීප මාධ්‍යවේදී දිලිප් රොෂාන් කුමාරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පහර දීම හෙළා දකිමින් ගම්පහ මාධ්‍යවේදීන්ගේ සංගමය ගම්පහ නගරයේ දී අද (12) උද්ඝෝෂණයක් පැවැත්වීය.
ජායාරූපය - තිලකරත්න දිසානායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයකොඩි හමුදා විතරක් නොවෙයි ආණ්ඩුවත් පරාදයි. මහජනයා සහ මානව හිමිකම් මාධ්‍යවේදීන් ගේ පැත්ත ගන්නවා (ර)
මාධ්‍ය නිදහස නැති කරන්න එපා. රටේ ජනතාව දැනුවත් කරන අයට මෙවැනි දේවල් කිරීම පිළිගන්න බැහැ (ර)
දේශපාලකයන්ගෙන් සල්ලි අරගෙන බොරු පුවත් මවන සදාචාරයක් නැති මහජනතාව ගහන දවස වැඩි ඈතක නෙවෙයි. මතකනේ සේයා දැරිවිගේ සිදුවීමේදී මාධ්‍ය මාෆියාව දැරිවිගේ පියාට එරෙහිවත් බොරු පුවත් මවපු හැටි. (ර)
ප්‍රතිචාර ලියන සමහර අය හමුදාවේ විනය ගැනවත් දන්නේ නැති අය එය ඉතා කනගාටුයි වැරද්දක් කරපු නිලදරියකුට හොඳ කියනවා මම දැක්ක හෙට හමුදා නිලදාරියෙක් තුවක්කුවක් අරන් වෙඩිතියාගෙන ගියොත් මොකද වෙන්නේ මහා විනාසයක් නේද? එනිසා හමුදාවේ විනය අනිවර්ය දෙයක් නමුත් එක්කෙනෙක් දෙන්නෙක් වැරදියට හැසිරුනට අපේ හමුදාව ඉතා විනයගරුක හමුදාවක් (ර)
සාධාරණය ඉෂ්ට වුනොත් හොඳයි (ර)
අපේ පැත්තේ පරණ බෝතල් පත්තර එකතු කරන මිනිහත් උද්ඝෝෂණයට ගිහින් (ර)
මොකද පාරවල් වහගෙන කෑගහන්නෙ..ජනතාවට පීඩා කරන්නෙ..ශබ්ධ දූෂණය කරන්නෙ. (ර)
දැන් නිදහස වැඩියි. ඉස්සර ඔහොම කළා නම් සුදු වෑන් එකක් එයි උස්සගෙන යන්න. දැන් ඒවා නැහැ (නි)
ජනතා සංවිධාන දැන් කෝ? නිදිද?දැන් හැමෝටම පැහැදිලි ඇති එයාලගේ ගමන් මාර්ගය.(හේ)
සුදු වෑන් වලින් උස්සන කාලේ මේ අය භයේ හිටියේ...දැන් නිදසහ ලැබිලා එළියට බැහැලා....බොහොම හොදයි..නිදහස භුක්ති විදින්න, නිදහසට , ලබාදුන් අයට ස්තුතිවන්ත වෙන්න.(හේ)
සිසිර පැරිස්, ඔයා දන්නේ නැහැ ඇත්ත. එයා හොඳ රණවිරුවෙක්. (නි)
සහන්, එමකෙනාගේ රැකියාව පහත්කොට සළකනවා නම් ඔබ ඉතා පහත් මට්ටමක ඉන්න කෙනෙක්. (නි)
මාධ්‍යවේදීන්ට විරුද්ධව හමුදාව වීදි බැස්සොත්.(හේ)
අර දෙනවා කියපු මාධ්‍ය නිදහස වෙන්න ඇති මේ (නි)
අපිත් ඔබ සමඟයි (නි)
මාධ්‍යයෙන් අපි දකින්නේ පින්තූරයක් හෝ වීඩියෝ ක්ලිප් එකක් පමණයි. එ්ක දිහා බලලා අපිට කිසිම තීරණයක් කරන්න බැහැ. (නි)
එහෙම තමයි ඉන්න ඕනේ.(හේ)
ඔබට ජයවේවා! (නි)
රතුපස්වලදීත් මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් වුණානේ (නි)
පසුගිය රජය කාලේ මෙහෙම වුණා නම්....? (නි)